mummypages.lk-arc

නීරෝගී දත් දෙපළක් සඳහා

1. ගර්භණී අවස්ථාවේ සිට පටන් ගන්න :  ඔබේ බබාට ශක්තිමත් සහ නීරෝගී දත් දෙපළක් ලබා දීමට නම්, සමතුලිත ආහාර ලබා ගැනීමත් සමඟ බබා ඉපදීමට පෙර සිටම අවශ්‍ය විටමින් සහ ඛණිජ වර්ග  පරිභෝජනය කරන්න.

2. ඔබේ බබාගේ පළමු දත් ඉදිරියට නෙරා ඒමට පටන් ගන්නේ බබාට වයස මාස 6 -12 සිටය.  සාමාන්‍යයෙන් පළමුව යටි ඇන්දේ ඉදරි දත් දෙපළ ඉදිරියට නෙරා ඒමට පටන් ගැනීමෙන් පසුව, බබාට අවුරුදු 3 වනවිට, කිරි දත් 20ක් පමණ ඇතිවේ.

3. රාත්‍රී කාලය පුරා ඔබ බබාට ලබා දෙන පියයුරු කිරි හෝ බෝතල් කිරි නිතර දීමෙන් වළකින්න. රාත්‍රී කාලයේදී ඔබ බබාට ලබා දෙන කිරිවල අවශේෂ සීනි බබාගේ විදුරුමස් මත ඉතිරි වී, එය මත බැක්ටීරියා ක්‍රියාකාරිත්වය නිසා දත් දිරා පත් වීමට පටන් ගනී.

4. රාත්‍රී කාලයේදී කිරි දීමෙන් පසුව, බබාගේ විදුරුමස් උණුසුම් ජලයෙන් පෙඟවූ පුළුන් හෝ මෘදු රෙදි කැබැල්ලකින් පිස දමන්න.  එවිට බබාගේ විදුරුමසේ තැන්පත් වූ  සීනි සහිත ද්‍රව්‍ය ඉවත් වීමෙන් දත් දිරා යාම වැළකේ.

5. ඔබේ බබාට පැණිරස කෑම, විශේෂයෙන් ටොෆී සහ චොකොලට් වැනි දේ දීමෙන් වළකින්න. ඒ වෙනුවට නැවුම් පලතුරු සහ සෞඛ්‍ය  සම්පන්න කැවිලි වර්ග දෙන්න.

6. බබාගේ දත් මෘදු කෙඳි සහිත දත් බුරුසුවකින් දවසට දෙවරක් මදින්න.

7. මෘදු දන්තාලේපයකින් ඉතා ස්වල්පයක් දත් මැදීමේදී භාවිත කරන්න. ඔබේ බබාට  දන්තාලේපය, විශේෂයෙන්ම ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප ගිලින්නට නොදෙන්න.

#kids #kidsteethcare #InfantDentalCare #babyhethcare #babysinhalaarticle #srilankababyteetharticle

note

You may also like
බාබගේ සෞඛ්‍යයසම්පන්න කණ සහ ඇස්
බාබගේ නීරෝගී උදරය සඳහා
දරුවකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට ඇඟ සේදීම හා ස්නානය කිරීම සුදුසුද ?
අලුත උපන් දරුවකුට ඉක්කා වැටෙන්නේ ඇයි?
error: Content Protected © mummypages.lk