Home > අලුත උපන් ළදරැවා > බබාගේ දෛනික ආහාර රටාව

බබාට දෛනිකව දෙන ආහාර රටාව පැහැදිලි කිරීමට මහාචාර්ය  පූජිත මහතා තව දුරටත් උත්සහ කළා.

  •  බබාට බඩගිනි ඇතිවූ විට, උදේ ආහාර වේල දීමට උදේ 7.00 – 8.00 දක්වා පුරුදු කරන්න.  උදේ ආහාර දීම අවසන් වී විනාඩි 45කින් පමණ මව් කිරි දෙන්න.
  • කිරි දීමෙන් පසු උදේ  10.00 අතරතුර පලතුරු කුඩා ප්‍රමාණයක් දෙන්න
  • දහවල ආහාර වේල එනතෙක් කිරි හෝ වෙනත් ආහාරයක් දෙන්න එපා
  • බබාගේ තිබහට නටවා නිවා ගත් වතුර, කිරි වෙනුවට, කෝප්පයකින් පොවන්න
  • දිවා ආහාරය හඳුන්වා දෙන්න (උදේ දුන් ආහාරයට සමාන ලෙස සෑදු බත්, නමුත් දින 3 – 5කට පසු එයට එළවලු සහ මාළු මිශ්‍ර කරන්න)
  • හවස 04 ට පමණ කුඩා ආහාරයක් සහ මව් කිරි දෙන්න
  • ඝන ආහාර දෙන්නට පටන් ගත්තාට පසු, බබා නිදා ගැනීමට පෙර, රාත්‍රී ආහාරය රෑ 07 ට පමණ දෙන්න

විවිධ ආහාර හඳුන්වා දීම

කෙටි ආහාර බබාට සුදුසුම කෙටි ආහාරය පලතුරුයි.  ඝන පිට පොත්තක් සහිත නැවුම් පලතුරු තෝරා  ගන්න.  ඒවා අතපත ගෑමෙන්, නරක වීමෙන් සහ අපවිත්‍ර වීමෙන් ආරක්ෂා සහිත වීම නිසයි.  කෙසෙල්, ගස්ලබු, අඹ, පැණි කොමඩු සහ අලි ගැට පේර සුදුසු විකල්පයි.  මුලදී, පලතුරු කපා යුෂ සාදා බීමට දෙන්න.  ටික දිනකට පසු, සපා කෑමට සහ ගිලීමට  හෝ තලපයක් සේ සදා දෙන්න.

මෙම ආහාර ක්‍රියාවලිය බබාට ක්‍රමවත්ව දීමට පුරුදු කර ගත්තාට පසුව, හවස 03 – 04 දක්වා කාලය තුල බබාට කෙටි ආහාරයක් දීම පුරුදු කල හැකිය.

  • ලුණු සහ සීනි ලුණු සහ සීනි බබාට දීමට පටන් ගැනීම හැකි තරම ප්‍රමාද කිරීම ඉතා වැදගත්ය. බබාට අවුරු 1ක් පමණ වනතෙක් ලුණු සහ සීනි දීමට ප්‍රමාද කරන්න.  පටන් ගැනීමේදී ලුණු සහ සීනි දීමෙන් බබා එම රසයට පුරුදු වී, සාමාන්‍ය ආහාර ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ඇත.
  • එළවලු – මහාචාර්ය පූජිත මහතා මව්වරුන්ට දෙන අමතර උපදේශයක් නම්, විවධ පාටින් යුක්ත එළවලු, එනම් කැරට්, වට්ටක්කා, බීට්රූට්, ගොටුකොළ, මුකුණුවැන්න, අල, පරිප්පු සහ සෝයා ආදිය ක්‍රමයෙන් බබාගේ ආහාර වේලට ඇතුලත් කල යුතු බවයි.  – අළුත් එළවළුවක් එක් වරකට
  • කිරි නිෂ්පාදන එළකිරි වලින් තැනූ නිෂ්පාදන දීමෙන් වළකින්න. එයට හේතුව එහි ස්වභාවික අසාත්මිකතාව වැඩිය (විශේෂයෙන් බිලිඳුන්ට එය වැඩියෙන් බලපායි).  එනමුත්, යෝගට්, බබාට මාස 7දීත්, චීස් මාස 8 දීත් හඳුන්වා දිය හැක.  එළකිරි නිෂ්පාදන දීම වයස අවුරුදු  1දී පුළුවන.  එවිට බබා තුල අසාත්මික තාවන්ට මුහුණ දීමට අවශ්‍ය ප්‍රවණතාව වැඩී  ඇත.  දිනකට එක්  වරක් පමණක් කිරි නිෂ්පාදන එවිට දිය හැක.

මුලරම්භයේදී, කිරි මි.ලී 200  හෝ යෝගට් කෝප්පයක් (මි.ලී.100 ක්) හෝ චීස් පෙත්තක් (ග්‍රෑම් 40  ක්) දිය හැක.

  • මාළු වයස මාස හයේදී ඝන ආහාර හඳුන්වා දීමෙන් සතියකට පසු, මාළු දීම ආරම්භ කල හැක. මුලින් සුදු පැහැති මාළු වර්ග වලින් පටන් ගෙන, පසුව රතු පැහැති මාළු දීමට පටන් ගන්න (එයට හේතුව අසාත්මික තාවයට ඉඩකඩ ඇති නිසයි).
  • මාංශ වර්ග මාංශ නිෂ්පාදන (කුකුල් මස්) මාස 7 දී හඳුන්වා දිය හැක [P1]. ළඳරුවන්ට සාමාන්‍යයෙන් බිත්තර අගුණ වීමට පුළුවන.  එමනිසා, වයස මාස 8 දී බිත්තර කහ මදය සහ මාස 9 දී, සුදු මදයත් [P 2] දිය හැකිය.
  • විටමින් සහ ඛනිජ බිංදු විටමින් දිය යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණි. බබා නොමේරු දරුවෙක් හෝ බර අඩු දරුවෙක් නම්, ෆෝලික් අම්ලය සහ බහු විටමිනයක් ඉපදුන දා සිට සහ සති 2-4 සිට, ඛණිජ සහිත විටමිනයක් දිය යුතුය.  එනමුත්, වෛද්‍ය උපදෙස් මත පමණක් මෙය ලබා දිය යුතුය!

මහාචාර්ය පූජිත මහතා මෙසේ අප සමඟ බබාගේ පෝෂණය පිළිබඳ කතා කරන අතරවාරයේ, මව්වරුන්ට සහ මවරුන් වීමට බලාපොරොත්තු ඇති කාන්තාවන්ට අතිශයින් වැදගත් තොරතුරු රැසක් එළිදරව් කරන ලදී.

මව් කිරි දීම අවුරුදු 2ක් නොකඩවා දිය යුතුය.  කෙසේ හෝ, කිරි දිය යුතු වේලාවන් පිලිබඳ මව්වරුන් දැනුවත් වී සිටිය යුතුයි.  ආහාර දීම සහ මව්කිරි දීම ක්‍රමවත්ව කළ යුතුයි.  නිතර මව් කිරි දීම නිසා දරුවාට පහත සඳහන් ප්‍රශ්න ඇතිවිය හැක.

  • ත් දිරා යාම. (කිරිවල ඇති සීනි නිසා)
  • රාත්‍රී කාලයේ දී කිරි බීමේදී නිසියාකාරව සිදු නොවුනහොත්, බබා වාතය උරා බීමට පුළුවන.
  • මුත්‍රා වැඩියෙන් පිටවීම නිසා නින්දට බාධා ඇතිවිය හැක. (නිදා ගන්නා ක්‍රමය වෙනස් විය හැක)

රාත්‍රී කාලයේ දරුවාගේ නින්දට බාධා ඇති වුවහොත්, දරුවා දහවල් කාලයේ නිදා ගැනීමට වෙර දරයි.  එවිට ඔවුන් ඝන ආහාර අවශ්‍ය ප්‍රමානයට ගැනීම කෙරෙහි උනන්දුවක් නොදක්වති.   එමනිසා මාස 6 – 12 දක්වා මව්කිරි 4 වාරයකුත්, අවු:1 – 2 දක්වා ඊට අඩුවෙනුත් දෙන්න.  බබා අවු: 1 පසු කළ පසු, ඝන ආහාර වල මව්කිරි (හෝ එළකිරි) වලට වඩා පෝෂ්‍ය දායක දේ ඇත.

පවුලේ සියලු දෙනා එකට ආහාර ගැනීම

පවුලේ සියලු දෙනා එකට ආහාර ගැනීමෙන් සතුටු වන්න!  පවුලේ සැවොම එකට ආහාර ගැනීම දරුවන්ට ප්‍රයෝජනවත් වේ. ඔවුන්ගේ නොයෙකුත් ගැටළු ඉදිරිපත් කිරීමට සහ ඒවාට විසදුම් ලබා ගැනීමටත්, අළුත් ආහාර හඳුන්වා දීමටත්, මේසයේ සිට ආහාර ගැනීමේ සිරිත් පුරුදු වීමටත් මෙය කදිම අවස්ථාවකි.  තවද, එකට හිඳ ආහාර ගැනීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව දරුවා හඳුනා ගනී.

ආදේශක එපා!

ප්‍රධාන ආහාර වෙනුවට සුළු ආහාර ගැනීමට පුරුදු කරන්න එපා.  දිනකට ප්‍රධාන ආහාර වේල් තුන ඉතා අත්‍යවශ්‍යය.  ආහාර නොගැනීම දරුවාට ප්‍රයෝජනවත් නොවේ.  දරුවා ප්‍රධාන ආහාරය ප්‍රතික්ෂේප කළහොත්, ඔහුව හෝ ඇයව ඊළඟ ආහාර වේල එනතෙක් නිරාහාරව තබන්න.  මෙම පුරුද්ද නිසා ප්‍රධාන ආහාර වේල වෙනුවට සුලු ආහාර ගැනීම වලක්වන අතර, ආහාර ගැනීමේ වෙලාවට නිවසින් දෙන දේ කෑමට පුරුදු වේවි.

අපි අපේ දරුවන්ට හොඳ පෝෂ්‍යදායක ආහාර සහ හොඳ සාරධර්ම දීමට උත්සුක වන වාසනාවන්ත දෙමව්පියන් වෙමු! පෝෂ්‍ය දායක ආහාර වේලක් දරුවාගේ ජීවිතයේ මහත් කාර්යභාරයක් උසුලන බැවින්, අනුවණ  අයුරින් දරුවාගේ ආහාරය ගැන නොසැලකිලිමත් නොවී ඉඳිමු!

#goodfood #healthyfood #mealtime #introductionofdifferentfoods

note

You may also like
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?
ඔබේ දරුවාට සැබෑ සමතුලිත ආහාරයක් දෙන්න
පොඩිත්තාට හපන්න උනන්දු කරවීම
error: Content Protected © mummypages.lk