Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > පෝෂ්‍යය ආහාර ගැන දැනුවත්ද ?

කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, විටමින් වර්ග, ඛනිජ ලවණ සහ සෞඛ්‍ය සම්පන්න මේදය අඩංගු සමතුලිත ආහාර ඔබේ දරුවාට ලබා දෙන්න.

විටමින් ඩී සහ කැල්සියම් විශාල ප්‍රමාණයක් අඩංගු කිරි ඔබේ දරුවාගේ ආහාරය සඳහා ඉතා ගුණදායකය. එනමුත් දිනකට කිරි කෝප්ප 3 කට වඩා ඔබේ දරුවාට ලබා නොදෙන්න. එයට හේතුව, මෙමඟින් අනෙකුත් ක්‍රමානුකූල ආහාර සඳහා ඔබේ බබාට  ආහාර රුචිය ඇති නොවීමයි.

අවුරුදු 12 ට අඩු වයසැ’ති දරුවන් සඳහා එළකිරි සුදුසු නැත. එහි ඇති සියළුම ද්‍රව්‍ය දරුවාට ජීරණ නොවීම එයට හේතුවයි.  අවුරුදු 2 කට පසු, මේදය අඩු හෝ සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇති කිරි වර්ග බබාට සුදුසුය.

ඉක්මණින් පිළියෙළ කළ නුසුදුසු ආහාර වර්ග, කෙටි ආහාර, පැණි රස ආහාර සහ පැණි බීම ආදිය ළමයින්ට නුසුදුසුය.  මෙම ආහාර වර්ගයන්හි, සීනි, මේදය, සහ කෘතිම රසකාරක අඩංගු වේ.  ඒවා ඔබේ බබාට ශරීර සෞඛ්‍යට ඍණාත්මකව බලපායි.

ඔබේ බබා නියමිත මාත්‍රාවෙන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරයි නම්, ඒ පිළිබඳව බබාගේ ළමා වෛද්‍යවරයා හමු වී, ආහාර පාන වලින් බබාට නොලැබෙන සියළුම විටමින් සහ ඛනිජ වර්ග අඩංගු විටමිනයක් ලබා දෙන්න.

අද අපි ආහාරයට ගන්නා පලතුරු, එළවළු සහ මස් වර්ගවල ශරීරයට නුසුදුසු, කෘමිනාශක සහ වර්ධන හෝර්මෝන අඩංගු වේ.  පලතුරු සහ එළවළු හොඳින් සෝදා ආහාරයට ගන්න. එලෙසෙම හැකි සෑමවිටම කාබනික නිෂ්පාදනයන් මිළ දී ගන්න.

ආදර්ශමත් වන්න : ඔබ එළවළු අනුභව නොකරයි නම්, ඔබේ දරුවාට එළවළු ආහාරයට ගැනීමට පුරදු කළ නොහැක.

විනෝදයෙන් ආහාර ගන්නා අයුරු

පවුලේ සියළුම දෙනා එක්ව ආහාර ගැනීම පවුලේ බැඳීම ඇති කිරීමට ඉතා වැදගත් වේ. ඔබේ දරුවාගේ මුල් කාලය තුළදීම පවුලේ සාමාජිකයින් සමඟ ආහාර ගැනීමට හුරු කරන්න.

ආහාර ගන්නා වේලාවේදී රූපවාහිනිය ක්‍රියාත්මක කරන්න එපා. ඔබේ දරුවා රූපවාහිනිය දෙස බලා ආහාර ගැනීම නවත්වා, පවුලේ සතුටු සාමීචි කතාබහට ඇහුම්කන් දෙන්නට පුරුදු කරන්න.

දරුවන්ව ආහාර ගන්නා වේලාවලදී ඇති වන කතාබහට සම්බන්ධ කර ගන්න. ඔබට ඔබේ දරුවාගෙන් ප්‍රශ්න අසන්න හැකිය.  එනම් ” පුතා/දුව ඔයාට  විශිෂ්ඨ ඝනයේ වීරයෙක් වීමට හැකි නම්, ඔයා කවුරු කෙනෙක් වෙන්නද කැමති?” මෙවැනි ප්‍රශ්ණ නඟමින් ඔබේ දරුවාට කතා කිරීමට මඟ සලසන්න.

නිර්මාණශීලි වන්න: කුඩා දරුවන් විවිධ පැහැයෙන් සහ හැඩයෙන් යුක්ත ආහාර පාන පරිභෝජනය කිරීමට ඉතා කැමතිය.  එමනිසා, නොයෙකුත් පැහැයෙන් සහ විවිධ හැඩයෙන් යුක්ත ආහාර මිශ්‍ර කර අනුභව කිරීමට සලස්වන්න.

ඔවුන් ගන්නා ආහාර නම් කිරීමට පොළඹවන්න. ඔවුන්ට නොයෙකුත් ආහාරවල ඇති විවිධ ගුණාගුණ පැහැදිළි කරන්න.

ඔබේ දරුවන් සමඟ පිටතින් කෑම ගැනීමට තීරණය කරන විට, වෙනදාට වඩා ඉක්මණින් කෑම ගැනීමට උත්සුක වන්න. එවිට දරුවන් බඩගිනි ඇති වී නොසන්සුන් තත්ත්වයකට පත් නොවේ.

ඔබේ දරුවාව අහාර ලැයිස්තුව සකස් කිරීමට, එම ද්‍රව්‍ය ගැනීමට යාමට සහ ආහාර වර්ග පිළියෙළ කිරීමටත් සහභාගී කරවා ගන්න. එවිට ඔවුන් පිළියෙළ කිරීමට උදවු කළ ආහාරය කෑමට උනන්දු වේ

#aboutnutrition #nutrition  #healthyfood #goodfood #childfoods #childrenfoodcare

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
කෘතිම ආහාර යනු මොනවාද ?
ආහාර අසාත්මිකතාවයක් යනු කුමක්ද?
දරැවාගේ කෑම පෙට්ටියේ ඇත්තේ සෞඛ්යට හිතකර ආහාරයක්ද? අහිතකර ආහාරයක්ද?
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක