විකීමට උනන්දු කරවීම
ඝන ආහාරය, දියරයක් ලෙස සාදා ගැනීම නොකළ යුතුය. එවිට, බබා එය බීමට මිස සපා කෑමට පුරුදු නොවේ. හපා කෑමේ ක්රියාවලිය ඔහුගේ විදුරුමස් ශක්තිමත් කිරීමටත්, කතා කිරීමට පටන් ගැනීමටත් උපකාර කෙරේ. හැපීමට පුරුදු කිරීමට හොඳම වයස මාස 4 – 10 දක්වායි. ඝන ආහාර දීමට පටන් ගන්නා මෙම කාලය බබාගේ දත් වල වර්ධනය පටන් ගන්නා කාලයයි. දත් එනවිට, බබාලා අතට හසු වන ඕනෑම දෙයක් හැපීමට උත්සහ කරයි. එවිට කුඩා ඝන කැබලි සහිත ආහාර දරුවාට හඳුන්වා දීම, බබාට හපන්නට පුරුදු කිරීමකි.
පටන් ගැනීමේදී දිය යුතු සුදුසු ආහාර
ශ්රී ලංකාවේ බබාලාට මුලින්ම හඳුන්වා දිය යුතු ආහාර ලෙස මහාචාර්ය වරයා සඳහන් කලේ බත් සම්බන්ධ ආහාර යනුවෙනුයි. ශ්රී ලංකාවේ ප්රධාන ආහාරය බත් නිසා, ජීව විද්යාත්මකව සහ සංස්කෘතිය අනුව, ශ්රී ලංකාවේ බබාලාට සුදුසුම ආහාරය (අසාත්මිකතාවයන් ඇති නොවේ) බත් බව මහාචාර්ය වරයා අවධාරණයෙන් පැවසුවා. තවද, කෑමට ප්රිය උපදවන පරිදි එය සදා ගැනීමටත්, මුලින් පටන් ගැනීමේදී, කිරි ටිකක් එයට එක් කිරීමටත් හොඳ බව ඔහු පැවසුවා.
#6monthbabyfood #healthyfood #food #goodfood