Home > අධ්‍යාපනය > පොඩිත්තාට විනෝදජනක ඉගැනීමකට පුංචි උපදෙස් කීපයක්

පොඩිත්තාට විනෝදජනක ඉගැනීමකට පුංචි උපදෙස් කීපයක්

මුල් කාලයේ කියවීම: ඔබේ බබාට ඇසෙන්නට මුල් අවධියේ සිටම කියවීමෙන්, එම ශබ්ද වලට ඔවුන් හුරු වේ.  දීප්තිමත් පාටින් යුත් පින්තූර කතා පොත් යොදාගෙන, ඔහුට/ඇයට එම වචන සහ පින්තූර පෙන්නමින් ඔවුන්ට ඇසීමට කතන්දර කියවන්න.

ස්වාධීනත්වය : වයස අවුරුදු 2 වන විට, බබාලා තමන් පිලිබඳ පරීක්ෂාකාරී වීමට පටන් ගනී.  මුලික දේවල් (සපත්තු දමා ගැනීමට සහ තනිවම ආහාර ගැනීම ආදිය) තනිවම කර ගැනීමට දරුවා පුරුදු කරන්න.

කතා කිරීම : මාස 18 – 24 වන විට, බබා වචන කීපයක් කතා කිරීමට පටන් ගනී.  ඔවුන්ගෙන් නොයෙකුත් ප්‍රශ්ණ අසමින්, වාක්‍යය නිම කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න.

බබාලාගේ වචන (වතුරට “ජෝ”, බත් වලට “බයියන්” වැනි වචන) කියවීමෙන් වළකින්න. එයට හේතුව ඔවුන් නිවැරදි වචන උච්චාරණය කිරීමට ප්‍රමාද විය හැකි බැවිනි.  එසේම, ඔබේ දරුවා කතා කරන විට, ඔවුන්ගේ වචන නිවැරදි කරන්නට එපා. එවිට ඔවුන් කතා කිරීමට පෙළඹීමට අධෛර්යමත් වේවි.

මාස 24 දී පමණ, කුඩා දරුවන් තම හැඟීම් සහ අන් අයගේ හැඟීම් පිලිබඳ දැනුවත් වේ. ඔබේ දරුවාගේ හැඟීම් වලට අවධානය යොමු කරන අතර, ඔබේ හැඟීමද, ඔහුට/ඇයට දැන ගැනීමට සලස්වන්න.  එනම්, ඔබට මහන්සි බව, අසනීප බව දරුවාට හැඟෙන්නට ඉඩ දෙන්න.

විධාන පිළිපැදීම: මාස 24 දී පමණ, ළමුන් නිතැතින්ම සුළු විධාන පිළිපැදීමට හුරු වේ. එනම් “එය අහුලාගෙන මට ගේන්න පුතේ/දුවේ” කියමින් ඔබත් එය කරන ආකාරය පෙන්වීමෙන් ඔහු/ඇය ඔබව අනුකරණය කරාවි.

කුරුටු ගෑම : දරුවාගේ ලිවීමේ හැකියාව පටන් ගැනීමේ මුල් අවධිය වන කුරුටු ගෑම ඉතා වැදගත් අංගයකි.  එය තම අදහස් කියාපාන පළවෙනි අදියරයි.  අවුරුද 3 දී පමණ, බොහෝ කුඩා ළමුන් කුමන හෝ අවකාශයක් (උදා: වශයෙන් නිවසේ බිත්ති ආදිය) කුරුටු ගෑමට පටන් ගනී!

#baby #babyandmother #newbornbaby #babyandmotherrelationship #learning #kidsbooklearning

You may also like
ගර්භණී සමය සහ පවුලේ සහයෝගය
ඔබේ දරුවා නිරෝගීව බිහිවීමට නම්
පුංචි පැටියා මුල් කාලින මිතුරන් සමග බැඳීම
නිවස තුළ ළමා ආරක්ෂාව සැපයීම