Home > අධ්‍යාපනය > පෙර පාසැල් අධ්‍යාපනය ලැබීමට සුදුසුම කාලය

පෙර පාසැල් අධ්‍යාපනය ලැබීමට සුදුසුම කාලය

ශ්‍රී ලංකාවේ ළමුන්ට පෙර පාසැල් අධ්‍යාපනය ලැබීමට සුදුසුම කාලය කුමක්ද?  මගේ බබාගේ වයස අවු: 2 – 1/2 යි!  මගේ අවු: 3 බබා ලෝකය සහ මිනිසුන් සමඟ සබැඳියාවක් ඇති කර ගැනීමට අපෙන් දුරස් වී යාමට ලැහැස්තිද?

බොහෝ විට මව්පියන්ගේ හිතේ ප්‍රශ්න වැලක් ඇති වන්නේ බබාට වයස අවු: 2 වන විටයි.   ශ්‍රී ලංකා සංස්කෘතිය අනුව දරුවන්ට මුලික අධ්‍යාපනය ඉතා වැදගත් අංගයක් වේ.  දරුවාට අකුරු කියවීමේ උත්සවය අවු: 3ට ලබන විටදී සමරනු ලැබේ.  දෙමව්පියන් දරුවාගේ කේන්ද්‍රය නැකත්කරුට බාර දී දරුවාට අකුරු කියවීමට සුභ නැකතක් සදා ගෙන, එදිනට දරුවාට බුද්ධිමත් ශාස්ත්‍රඥයෙකු, පැවිදි අයෙකු හෝ පවුලේ වැඩිහිටියෙකු ලවා සුභ නැකතට අනුව අකුරු කියවීම සිදු කෙරේ.  මෙම අවස්ථාවට පවුලේ ඥාතීන්  සහ ලඟම යහළුවන්ට පවා ඇරයුම් කරනු ලැබේ.  මෙය දරුවාගේ අධ්‍යාපනයේ මුල් පාඩමයි.  මෙම අවස්ථාවට දරුවා මුහුණ දුන් පසු, ඔහු/ඇය පෙර පාසල් අධ්‍යාපනය ලැබීමට ලැහැස්ති වී ඇත.

පෙර පාසැල් අධ්‍යාපනයේ  ප්‍රවීණයන් වන මාරියා ළඳරු පාසැලේ මුල් ගුරුතුමිය පැහැදිළි කළේ දරුවාගේ අධ්‍යාපනය පටන් ගැනීමට දරුවාගේ, ජීවිතයේ මුල් කාලය තරම් තවත් සුදුසු කාලයක් නැති බවයි.   එයට හේතුව  පිළිවෙළ, යථාර්තය ආදී සෑම දෙයක් කෙරෙහිම දරුවා තම දැඩි අවධානය යොදන්නේ මුල් ළමා අවදියේ නිසයි.  මෙම විශේෂ අවස්ථාවේදී, වැඩි මහන්සියකින් තොරව තමා අවට පරිසරයේ තතු උකහා ගැනීමට දරුවා මැළි නොවේ.  ඇය කියා සිටින්නේ මෙම කාලය දරුවා තුළ ස්වවිකසනය සිදු වන බවයි.  දරුවාගේ උපතේ සිට අවුරුදු 6ක් යන විට, ඔහු /ඇයගේ විශේෂ අවස්ථා 3 ක් පසු කෙරේ.  එනම්, පිළිවෙල , චලනය සහ භාෂාවයි.  මෙම කාලය දරුවාගේ අලුත් අත්දැකීම් පිලිබඳව දැඩි අවධානයකින් පසු වේ.

  • අනුපිළිවෙල –   දරුවාගේ මෙම සංවේදී අවස්ථාවේදී, ඔහුට/ඇයට කාලීන අනුපිළිවෙල පුරුදු කළ යුතු වේ. දරුවාට නියමිත ක්‍රමයකට පරිසරයට හුරු වීමට නම්, දරුවාට නියමිත  ආහාර, නින්ද සහ ශාරීරික සැප පහසුව අවශ්‍ය වේ.ඔවුන්ට මූලික අවශ්‍යතාවන් සැපයු විට, ඔවුන් ආරක්ෂා සහිත බව දැනී, ලෝකය පිලිබඳ නොයෙකුත් දේ සෙවීමට උත්සුක වේ.
  • චලනය මෙම සංවේදී අවස්ථාව දරුවාට සමායෝජනය ඉහළ නංවා ගැනීමට සහ හොඳ යාන්ත්‍රික දැනීමක් ලබා ගැනීමට ඉවහල් වේ.  දරුවාට මෙම අභියෝග ජය ගැනීමට ආරක්ෂා සහිත  වාතාවරණයක් සපයා දිය යුතු අතර, ඔවුන්ට නොයෙකුත් බාධක පැන විය යුතු නොහේ.  එවිට ඔවුන්ගේ හැකියාවන් සහ ස්වශක්තිය ඔවුන් විසින්ම ගොඩ නඟා ගනී.
  • භාෂාව මෙම අවස්ථාවේදී දරුවාට භාෂාවේ නොයෙකුත් වචනවල ශබ්ද සහ ඔවුන්ගේ වචන මාලාව ඉගෙන ගැනීමට හැකි වේ. මෙම අවස්ථාවේදී, ඔවුන් අකුරුවල ශබ්ද ඉගෙන ගැනීමට පටන් ගනී.

එමනිසා, දරුවාගේ මෙම විශේෂ අවස්ථා පිලිබඳව සළකා බලා, තම දරුවා ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි අධ්‍යාපනය ලැබීමට මෙම අවධිය (වයස) සුදුසුද නැද්ද යන්න දෙමව්පියන් විසින් තීරණය කළ යුතු වේ.  පෙර පාසැල් අධ්‍යාපනය ලැබීමට නියමිත වයසක් නොමැත.  ශ්‍රී ලංකාවේ සමහර දරුවන් වයස අවු; 2 – 1/2 දී පෙර පාසැල් අධ්‍යාපනය ලැබීමට සුදුසු වන අතර, සමහරුන් වයස අවු: 3 දී එම අවස්ථාව ලබා ගැනීමට සුදුසු වේ.  කෙසේ නමුත්, තම දරුවා පෙර පාසල් අධ්‍යාපනයට යැවීමට සුදුසු  වයස තීරණය කළ යුත්තේ දෙමව්පියන්ගේ  අභිමතාර්ථය අනුවය.  සමහර කුඩා දරුවන් පාසැලේදී හදිසි කෝපයට පත් වන අතර, මවුපියන්ගෙන් වෙන්ව පාසැල් යාම පිලිබඳ සාංකාවට පත් වේ.  මේ පිලිබඳ වැඩි දුර කියවන්න

දෙමව්පියන් තේරුම් ගත යුත්තේ ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි පාසැල් දරුවාගේ ඉහත සඳහන් පියවර 3 පිලිබඳ සැළකිලිමත් වනවාද යන්න සොයා බැලිය යුතු බවයි.  පෙර පාසැල්වල විෂයමාලාවට ඉහත සඳහන් පියවර 3 ඇතුළත් වේදැ’යි සළකා බැලිය යුතුයි.  එසේනම්, ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි පාසැල් දරුවන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අතර, ඔවුන්ගේ මුල් ළමා කාලයේදී, දැඩි සහ ශක්තිමත් අධ්‍යාපනයක නිපුණතාවයක් ලබා ගනී.

#Itsagreattimetohavepreschooleducation #preschool # preschooleducation #preschoolkids #

note

You may also like
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
error: Content Protected © mummypages.lk