Home > Latest Articles > පෙරදිග සහ අපරදිග මාපියන් තම දරුවන් සෑදීමේ ක්‍රම

පෙරදිග සහ අපරදිග මාපියන් තම දරුවන් සෑදීමේ ක්‍රම

පෙරදිග සහ අපරදිග දෙමව්පියන් තම දරුවන් හදා වඩා ගන්න අයුරු පිළිබඳව ඇති ඇමී චුයාගේ මතබේදාත්මක පොත වන”කොටි මවකගේ සටන් ගීතිකාව” නමැ’ති ග්‍රන්ථය බොහෝ දෙනෙක් කියවා ඇති බැව් මගේ හැඟීමයි.  ඇමී චුයා යනු යේල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකි. ඇයගේ මෙම පොතේ සඳහන් වන්නේ, පෙරදිග ක්‍රමයට ඇගේ ගැහැණු දරුවන්ව උස් මහත් කිරීමට යාමේ දී, ඇය මුහුණ දුන් අත්දැකීම් සමුදාය පිළිබඳවයි.  බොහෝ දෙමව්පියන් සිතුවේ ඇමී චුයා යනු “යක්ෂණියක්” හෝ “ප්‍රමාණය ඉක්මවා අපේක්ෂා ඇති මවක්” ලෙසයි.  නමුත්, සමහර දෙමව්පියන් සිතුවේ තම දරුවන්ට වීඩියෝ ක්‍රීඩාවන් සෙල්ලම් කරන්නට හෝ නිවාඩු කාලයේදී, අරමුණක් නැතිව ඇවිදින්නට යාමට අවසර දීමට වඩා තම දරුවන් පාසැලේ දුර්වල විෂයයන් කෙරෙහි අවධානය යොමු කිරීම සහ පාසැලෙන් නිවසේ කිරීමට දුන් “ගෙදර වැඩ” කිරීම වඩාත් හොඳ බවයි.

පෙරදිග දෙමව්පියන්ගේ පරමාර්ථය වනුයේ තම දරුවන් ආශ්චර්යමත් ගුණ ඇති ළමයින් ලෙස ඒකාකාරී ලෙස හදා වඩා, ඔවුන්ව ඉතා විශිෂ්ඨ ගණයේ ක්‍රීඩකයින් හෝ ඉතා උසස් උගතුන් බවට පත් කිරීමයි.  වර්තමානයේ  ශ්‍රී ලාංකික දෙමව්පියන්ට අවශ්‍ය කරන්නෙත්, තම දරුවන් පාසැලේදී ඉතාම හොඳ ශිෂ්‍යයින් කර, තමන් ඉතා සර්ව සුභවාදී දෙමව්පියන් බවට මුද්‍රා තබා ගැනීමටයි.  මෙය පෙරදිග තිබෙන පොදු ධර්මතාවයකි.  ළමයෙක් පාසැලේදී විෂයයන් කෙරෙහි විශිෂ්ඨ දක්ෂතාවයක් නොපෙන්වයි නම්, එහි යම්කිසි ප්‍රශ්ණයක් ඇති බවත්, එම මව හෝ පියා ඔවුන්ට අයත් කාර්යය හොඳින් ඉටු කර නැති බවට සමාජය විසින් හංවඩු ගසනු ලැබේ.  මෙය ශ්‍රී ලාංකික දෙමව්පියන්ටත් පොදු කරුණකි.  තම දරුවන්ව නිවසේදී  පාඩම් කෙරෙහි තල්ලු කරන අතර, ඔවුන් අමතර පංති වලටත් ඇදගෙන යන බව ඔබට නිතර පෙනෙන දර්ශනයකි.  දරුවන් අධ්‍යාපනික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නැත්නම්, දෙමව්පියන් තමන්ටම දොස් නඟා ගනී.

අපරදිග දෙමව්පියන් වඩාත් සැලකිලිමත් වන්නේ, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වඩා දරුවන්ගේ ආත්ම සංයමය කෙරෙහියි.  මේ දෙමව්පියන් තම දරුවන් යම්කිසි දෙයකින් පරාද වුවහොත්, එම දරුවන්ගේ හැඟීම් පිළිබඳව වඩාත් අවධානය යොමු කෙරේ.  ඔවුන් සැමවිටම තම දරුවන් කොපමණ හොඳද කියා ඔවුන්ට තහවුරු කරමින්, ඔවුන්ව අගය කරමින්, ආදරය කරනු ලැබේ.  පෙරදිග දෙමව්පියන් තම දරුවන්ව කිසිම අවස්ථාවක අස්ථිර ස්වභාවයකට පත් කරන්නේ නැත.  දරුවන්ගේ ස්වාධීනත්වයට ගරු කරන අතර, දරුවන්ගේ සැබෑ අවශ්‍යතාවයන්ට ඉඩ දී, ඒවා කෙරෙහි ලුහුබැඳ ගොස් තම අදහස් සාර්ථක කර ගැනීමට රුකුල් දෙනු ලැබේ.  දරුවන් තුල ධනාත්මක ආකල්ප තැන්පත් කිරීමට සහ ඒවා පෝෂණය කිරීමට උදව් කරනු ලැබේ.  පෙරදිග දෙමව්පියන් දරුවන්ගේ නිදහසට ඉඩ දෙන අතර, දරුවන්ට තම තමන්ගේ අදහස් ඉටු කරගෙන දරුවන් සතුටෙන් තැබීමට උත්සහ දරනු ඇත.

නිරන්තර ප්‍රායෝගිකභාවය පෙරදිග දෙමව්පියන්ගේ ජයග්‍රහණය වේ.  පෙරදිග දෙමව්පියන් තම දරුවන් පැය ගණන් ඉගෙන ගන්නා කුමක් හෝ විෂයයන්වල විභාග වලින් සමත් වී ජයග්‍රහණ ලබාගන්නා තෙක් නැවත නැවතත් තල්ලු කරමින් දරුවන්ට දැරිය නොහැකි බර ඔවුන් පිට මත දමනු ලැබේ.  පෙරදිග දෙමව්පියන් තම දරුවන්  කෙරෙහි බොහෝ සැලකිලිමත් වන හෙයින්, ඔවුන්  තම දරුවන්ට දීප්තිමත් අනාගතයක් ලබා දීම සඳහා ඕනෑම  කැපවීමක් කිරීමට ඉදිරිපත් වනු ඇත.  තම දරුවන් යම්කිසි දෙයක් කෙරෙහි දක්ෂතාවය දක්වන විට, ඔවුන්ගේ දෙමව්පියන් එම දරුවන්ව ඉතා මහන්සි වී  වැඩ කිරීමට පොළඹවනු ලැබේ.  එමඟින්, එම දරුවන්ගේ ඉදිරි අනාගතය ජයග්‍රහණ කරා ලංවනු ඇත.

පෙරදිග දෙමව්පියන් දරුවන්ගේ ආත්ම සංයමය කෙරෙහි පමණක් සලකා බලන අතර, ඔවුන් තව දුරටත් එම දරුවන්ව ස්වල්ප වශයෙන් උනන්දු කළහොත්, ඔවුන්ට තම ජයග්‍රහණය කරා යාමට ඔවුන් තුල ආත්ම විශ්වාසයක් ගොඩ නැංවිය හැකිය.  අපරදිග  දෙමව්පියන් තම දරුවන්ව ඕනෑවටත් වඩා යම් දෙයක් කෙරෙහි තල්ලු කරනු ලැබීම නිසා, සමහරවිට දරුවන් සහ දෙමව්පියන් අතර ඇති ඥාති සම්බන්ධයට ද බාධාවක් වනු ඇත.

සංස්කෘතික සහ භූගෝලීය වෙනස්කම් නොතකා, අපේ දරුවන්ව ඔවුන්ගේ ආශාවන් සහ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධකම් සුණු විසුණු නොකර, යම්කිසි මට්ටමකට ඔවුන්ව උනන්දු කරවීම වඩාත් යහපත් වෙනු ඇත!

#happykids #kidscare #childrenandmother #motherandkidz

notice.png low

You may also like
මගේ පුංචි පැටියාගේ වැඩිමත් මේ වගේද? .