Home > දෙමාපිය දැනගැනිම පිණිස > පිය පදවිය….. එදා සහ අද

“රොහාන් ඔයාව පොඩි අයත් එක්ක පාර්ක් එකේ දකින එක සතුටක්.  ඇයි අද ඔයා වැඩට ගියේ නැද්ද?” කියා මානෙල් රොහාන් ගෙන් විමසුවා.  “නෑ මානෙල්, නිලානි විභාගයකට අද පාඩම් කරනවා. ඉතින් මම නිවාඩුවක් අරගෙන පුතාලව බලා ගන්නවා.  එයාල කැමතියි මා එක්ක ඉන්න.  මම පොඩි කාලේ තාත්තව දැක්කේ හැමදාම ගොඩක් රෑ වෙලා.  ඉතින්, මමයි තාත්තයි එච්චර එකතු නැහැ!”

නවීන පියවරු

ශ්‍රීලංකාවේ වර්තමාන පියවරුන් ඉස්සරට වඩා ගොඩක් වගකීම් කරට අරගෙනසිටිති.  ඉස්සර දෙමව්පියන්ගේ වගකීම් දෙදෙනා අතර බෙදා ගත් බව පැහැදිලියි.  ඒ කාලේ අම්මලා නිවසේ රැඳී හිටියා.  එනිසා එයාලාට නිවසේ සියළු වැඩත්, දරුවන් බලා ගැනීමත් තනිවම කර ගැනීමට සිදු වුනා.   තාත්තලා තමයි ගෙදර වියදම් බලා ගත් එකම කෙනා.  එයාලාට අයත් එකම වගකීම වූයේ,  මුදල් හරි හම්බ කිරීමයි.  එනම්,  ළමයින්ට ආහාරපාන, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ අනෙකුත් සියලුම ඕනෑ එපාකම් සපයන්නේ පියා විසිනුයි.

අද, කෙසේ හෝ, බොහෝ මව්වරුන්ට නිවසේ වියදමට සහය වීමට රැකියාවකට යාමට සිද්ධ වී තිබෙන නිසා, සම්ප්‍රදායික ලෙස නිවසේ රැඳී සිටිමින්, ගෙදර වැඩ කරමින් සිටීමේ ක්‍රමය අහෝසි වී තියෙනවා.  එමනිසා, පියාගේ සම්ප්‍රදායක වැඩ කොටසද වෙනස් වී තිබෙනවා.  එනම්, තාත්තාත් මවගේ වැඩ කොටසින්, ආහාර පිසීම,ගෙවල් පිරිසුදු කිරීම, ඇඳුම් සේදීම, ගෙදර සහ දරුවන් බලා ගැනීම සහ ඔවුන්ගේ ගෙදර වැඩ කරවීම ආදී දේ කිරීමට සහය වෙනවා.  මෙය පියවරුන්ගේ දිනය සැමරීමට ඉවහල් වෙනවා.   දැන් ශ්‍රී ලංකාවේ පියවරුන්ගේ දිනයද, මව්වරුන්ගේ දිනය මෙන්ම කාගේත් සැමරීමට භාජනය වී තිබෙනවා.

වර්තමානයේ පියවරුන්ගේ වගකීම්, මවගේ ගර්භනී අවස්ථාවේ සිට වෙනස් වී තිබේ.  පෙර කාලයේ, තම බිරිඳගේ ගර්භනී අවස්ථාවේදී, සැමියාට එතරම් වගකීමක් නොතිබුණි.  ඒ කාලයේ, ගර්භනී මව, තම මව හෝ කිට්ටු ගැහැණු පාර්ශවයේ ඥාතියකු සමඟ වෛද්‍යවරයා හමුවීමට යාමට, දරු උපත සඳහා සුදානම් වීමට මුහුණ දිය යුතු අතර, දරු උපතට දින ලං වන විට, ඇය තම මවගේ නිවසට යා යුතුය.

අද මේ සියළු දේ වෙනස් තත්ත්වයකට භාජනය වී ඇත.  යුවළක් වෛද්‍යවරයා හමුවීමට, දෙදෙනාම එකට යනු දකින්නට ලැබේ.  බොහෝ විටසැමියා, දරුවා බිහි වීමට පෙර, ඒ හා සම්බන්ධ උගන්වන පංති  වලටද සහභාගී වේ.  එහි උගන්වන්නේ, තම බිරිඳට දරු උපතේදී උදව් කළ යුත්තේ කෙසේද යනුවෙනුයි.   සාඩම්බර සැමියන්, තමන් පිය පදවිය භාර ගැනීමට යාමේදී, “අපි ගර්භනී වෙමු” යනුවෙන් කියනු ඇසීම දැන් සාමාන්‍ය දෙයකි.  එයට හේතුව, ඔවුන් සිතන්නේ  ගර්භනී කාලය දෙදෙනාටම සමව බෙදෙන කාලයක් වශයෙනුයි.  වර්තමානයේ බොහෝ පියවරුන්, තම බිරිඳ දරු ප්‍රසූති අවස්ථාවට මුහුණ දීමේදී, ඇය අසල හිඳිමින්, ඇයට අවශ්‍ය සහය දෙමින්, ඇගේ සිත සනසවමින් සිටී. ඒ සමඟම, තම දරුවා මෙලොවට බිහි වීමේදී, දරුවාගේ ජීවිතයේ පළමු අවස්ථාව දැක ගැනීම සහ එම වාසනාවන්ත අවස්ථාව තම බිරිඳ සමඟ සතුටෙන් බෙදා ගනිමින් සිටීම කුමන ආශ්චර්යයක්ද?

පිය පදවියේ අභිවර්ධනය

ශ්‍රී ලංකාවේ පියවරුන් නවීන ක්‍රමයට හැඩ ගැසීම ධනාත්මක සංසිද්ධියකි.  ඉස්සර කාලයේ දරුවන් පියාව දකින්නේ රාත්‍රියේය.  එසේම දරුවන් පියාගෙන් දුරස්ථ වී සිටියහ.  නමුත්, අද කාලයේ පියවරුන්ගේ වගකීම් වෙනස් වී ඇති හෙයින්, දරුවන්ට තම පියා සමඟ සම්බන්ධ වී සිටීමේ කාලය වැඩි වී ඇත.  එමනිසා, දරුවන් පියා සමඟ ඇති බැඳීම දැඩි වී ඇත.  පියවරුන් දරුවන් සමඟ සමීප බැඳීමක් ඇති කර ගැනීමෙන්, දරුවන් මානසික ස්ථාවර භාවයක් පෙන්වන අතර, ඥානාත්මක සහ ශාරීරික දක්ෂතාවන් කෙරෙහිද, ප්‍රශ්ණ නිරාකරණය කර ගැනීමේදී සහ සමාජීය නිපුනතා වලදී ද, වැඩි දියුණුවක් ඇති කර ගෙන ඇතැ’යි පර්යේෂණ වලින් ඔප්පු වී තිබේ.  එම දරුවන්, ඔවුන් ගේ පෞද්ගලික සහ වෘත්තීමය ජීවිතවල ඉතා විශාල ජයග්‍රහණයක් කරා ලඟා වෙති.

පියවරුන්ගේ මෙම වෙනස් වීම සම්බන්ධයෙන් සමාජීය ආකල්පය තවමත් වෙනස් වී නොමැත.  සම්ප්‍රදායික වැඩිහිටියන්, වර්තමාන පියවරුන්ගේ ක්‍රියා පටිපාටිය දෙස බලන්නේ වපර ඇසිනි.  ඔවුන්ගේ පරමාර්ථය වනුයේ, නිවසේ වැඩ වලට සහය වීම, දරුවන් බලාගැනීම වැනි දේ “කාන්තාවන්ට පමණක් අයත් ක්‍රියාවලියක්” ලෙසයි.  එසේ කියන වැඩිහිටියන්ට, මෙම ලිපිය පෙන්වන්න.  එවිට ඔවුන් තේරුම් ගනීවි,  පවුලක් නඟා සිටුවීම, අඹු සැමි දෙදෙනාටම අයත් කාර්යයක් බව.

ශ්‍රී ලංකාවේ පියවරුන්ගේ වගකීම් සමුදාය ක්‍රමයෙන් වෙනස් වීම නිසා, ශ්‍රී ලංකාවේ පියවරුන්ගේ දිනයත්, මව්වරුන්ගේ දිනය මෙන් සෑමදාමසැලකිල්ලට භාජනය වීමට ලැබීම භාග්‍යයක්  ලෙස සළකමු!

#father #fatherhoodthenandtoday #modernfathers #fatherandkids #srilankasinhalaarticle

note

You may also like
දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු
error: Content Protected © mummypages.lk