Home > දෙමාපිය දැනගැනිම පිණිස > පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම

පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම

දිනපතා රෝස පාටින් සිතන්න

ඔක්තෝම්බර් මාසය පිළිකා පිලිබඳ දැනුවත් වන මාසයයි. ලෝකය එදිනට මුළු ලෝක වාසීන් සැමදෙනාවම පිළිකා රෝගය  පිලිබඳ දැනුවත් කිරීමටත්, එම රෝගයෙන් වැළකීමට පිළිපැදිය යුතු දේ ගැන අවධානය යොමු කිරීමත්, පියයුරු පිළිකා පිලිබඳ දැනුවත් කිරීමටත්, ඒවා කල් තියා හඳුනා ගැනීමේ ක්‍රම හඳුන්වා දීමටත් හැකි සෑම පියවරක්ම අනුගමනය කරනු ලැබේ.

 තැතිගන්වන සුළු සංඛ්‍යා ලේඛන

ලෝකයේ කාන්තාවන් සෑම 8 දෙනෙකුගෙන්ම එක අයෙක් කුමන හෝ පිළිකා රෝගයකින් පෙළෙන බව නවීනතම දත්ත පෙන්වා දෙයි.   එයින් කැපී පෙනෙන ලෙස ව්‍යාප්ත වී ඇති පිළිකා වර්ගය ලෙස පියයුරු පිළිකා ගණනය කර ඇත.  ඊට අමතරව, විස්මය උපදවන සුලු විශේෂ කරුණක් වනුයේ ලෝකයේ පිරිමි පියයුරු පිළිකා 1%ක ප්‍රවනතාවයකින් වැඩි වී ඇති බවයි.

එක් මසක් තුළ පමණක් පිළිකා පිලිබඳ විශේෂ අවධානය යොමු කළත්, ඇත්තෙන්ම මෙම අවධානය සෑමදාම තිබිය යුතුය. මන්ද?  එය පිළිකාවක් නම්, එය නොසලකා හැරීම, ප්‍රීති ප්‍රමෝදයට කරුණක් නොවේ!

පුර්ව හඳුනා ගැනීම

දොස්තර  අජිත් ද සිල්වා මහතා අවධාරණය කළේ, මෙය කල් තියා හඳුනා ගෙන,මුලදීමනිසි ප්‍රතිකාර ගැනීමෙන්, මෙම රෝගය නිවාරණය කිරීමට මඟ පාදා ගත යුතු බවයි.  “කාලය” යන්නෙහි තේරුම නැවතත් විග්‍රහ කළහොත්, එහි තේරුම වනුයේ මුලින් හැඳින ගත් මස් වැදලි, ගෙඩිසහවිසප්පු ගෙඩි වැනි දේට නියමාකාරයෙන් රෝග පරීක්ෂාවකට බඳුන් වී, නිසි ප්‍රතිකාර ගත් කළ, 90%ක් මෙම රෝගය සුව කළ හැකි බවය.

මෙම රෝගය මුළින් හඳුනා ගැනීමට නොයෙකුත් ක්‍රම ඇත.

තමන්ම පරීක්ෂා කර ගැනීම

තමන්ට තමන්වම පරීක්ෂා කර ගැනීමට ඇති හොඳමක්‍රමය වනුයේ තම නිවසෙහි ඇති මුහුණ බලන කන්නාඩිය ඉදිරිපිටට ගොස්, නාන විට හෝ ඇඳේ සිටින විට,තම ශරීරය දෙස විමසිල්ලෙන් බැලීමයි. එය ඔබේ ශරීරයේ ඇති වෙනස්කම් ඉතා හොඳින් පෙන්වා දෙයි. එනම්, පියයුරු වල හමේ වෙනසක් ඇත්නම්, නැතිනම් තන පුඩුවේ වෙනසක් හෝකුමක් හෝ දියරක් (කිරි නොවේ) ගලා ඒ නම්, එය ඔබටම හොඳින් හඳුනා ගත හැකිය.

ඔබට  එසේ වෙනසක් පෙනේ නම්, නොපමාව ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවීමට යා යුතුය.  එවිට ඔහු, අවශ්‍ය නම්, පියයුරු පිළිකා සම්බන්ධ විශේෂඥ දොස්තර මහතෙකු වෙත ඔබව යොමු කෙරේ.

පයෝධරවල විෂමතාව අනාවරණය සඳහා වූ X රේ කිරණ පරීක්ෂාව (මැමෝග්‍රම් පරීක්ෂාව)

අවුරුදු 40 ඉක්ම වූ සියලු කාන්තාවන් අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂාවට භාජනය විය යුතුය.  බොහෝ  වෛද්‍ය වෘත්තිකයන් සෑම අවුරුදු 2කට වරක් මෙම පරීක්ෂාවට කාන්තාවන් භාජනය විය යුතු බව අවධාරණයෙන් නිර්දේශ කර ඇත.  එම පරීක්ෂාව සාමාන්‍යයෙන් කරන්නේ, පයෝධර ක්‍රම ක්‍රමයෙන් තද කරමින් එහි යම් මස් වැදැල්ලක්, ගෙඩියක් හෝ සැරව ගෙඩියක් ඇත්දැ’යි පරීක්ෂා කිරීමෙනි.  එය සාමාන්‍යයෙන් අපහසු වුවත්, මෙම රෝගය කළින් හඳුනා ගැනීම ඉතා ප්‍රයෝජනවත් කරුණකි.

අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාව

මෙය විශේෂයෙන් පියයුරු පිළිකා හඳුනා ගැනීමට භාවිතා කරන බව ප්‍රකට කරුණකි.  ඕනෑම කෙනෙකුට මෙම ක්‍රියාවලියෙන් මාරක හෝ මෘදු විසප්පු ගෙඩියක් ඇතිදැ’යි වේදනා රහිතව සහ උපද්‍රව රහිතව පරීක්ෂා කර ගත හැක.

පියයුරු MRI (එම.ආර්.අයි)

මෙම පරීක්ෂාව ශ්‍රී ලංකාවේ ඇත්තේ පුද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන වල පමණය.   මෙම පරීක්ෂාව පියයුරු පිළිකා අනිවාර්යයෙන්ම ඇත්දැ’යි හඳුනා ගනී.  මෙය මස් වැදැල්ලක් හෝ ගෙඩියක් හෝ එවැනි දෙයක් ඉතා අංශු මාත්‍රයෙන් ඇත්දැ’යි දැන ගැනීමට ඉවහල් වේ.  මෙම පරීක්ෂාව අන් සියලු පරීක්ෂාවන්ට වඩා සාර්ථක ක්‍රමයකි.

“රෝග නිවාරණයට වඩා රෝග වලින් වැළකී සිටීම ඉතා ඥානාන්විත ක්‍රියාවක් ” බව අපි සියලු දෙනාම දන්නා කරුණකි.  එනිසා, ගැහැණු පිරිමි දෙපක්ෂයම එය ක්‍රියාවට නැංවීමට දැන්මම සිතට ගත යුතුය.

e42f2f407b1692e3f854cd56d9d3fc69

පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම

පිළිකාවට බලපාන සාධක පිළිබඳව අපි නොයෙකුත් මිත්‍යා විශ්වාසයන් සහ කතාන්දර අසා ඇත.  ඉන් සමහර ඒවා සත්‍ය වූවත්, සමහර දේවල් අසත්‍ය වේ.  දොස්තර  අජිත් ද සිල්වා මහතා පියයුරු පිළිකා වලට හේතු සාධක කෙටියෙන් මෙසේ විස්තර කරන ලදී.

පරම්පරාවේ කෙනෙකුට මෙම රෝගය තිබී ඇත්නම්

තම පවුලේ කෙනෙකුට (අම්මා, සොහොයුරිය හෝ දියණිය)    හෝ ඥාතියෙකුට ගැබ් ගෙල පිළිකා හෝ පියයුරු පිළිකා හෝ වෙනස් වර්ගයේ පිළිකා තිබී ඇත්නම්, එය සෑහෙන අවදානම් තත්ත්වයකි.  එමනිසා කරුණාකර වහාම ඔබේ පවුලේ දොස්තර මහතාව හමු වන්න.

BRCA (බී.ආර්.සී.ඒ) ජාන පරීක්ෂාව

BRCA ජාන පරීක්ෂාව යනු ලේ පරීක්ෂාවකි.  එහිදී එම පුද්ගලයාට පිළිකා පිලිබඳ අවදානම  කොපමණ දුරට බලපෑ හැකි දැ’යි ඩීඑන්ඒ (DNA) වලින් කිව හැක.  ඩීඑන්ඒ, එක්  පරම්පරාවකින් අනෙක් පරම්පරාවට පවුල තුල  ව්‍යාප්ත වේ. ශ්‍රී ලංකාවේ ආයතන කීපයක BRCA පරීක්ෂාව කරනු ලැබේ.

ඇන්ජලින් ජොලීගේ  පවුලේ ඉතිහාසය තුල පියයුරු පිළිකා (විශේෂයෙන් මවගේ පවුලෙන් – අම්මා සහ නැන්දා) ට  තිබී ඇත.  එමනිසා, ඇය BRCA පරීක්ෂාවට මුහුණ දුන් විට, ඇයටද පියයුරු පිළිකා සම්බන්ධ වැඩි අවදානමක් (87%) ඇති බව අනාවරණය වී ඇත.  එමනිසා, පූර්ව සුරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස  ශල්‍ය කර්මයකින් ඇගේ පියයුරු දෙකම ඉවත් කිරීමට ඇය තීරණය කර ඇත.

එස්ට්‍රොජන් හොර්මෝන්

සාමාන්‍යයෙන්,පියයුරු එස්ට්‍රොජන් හොර්මෝන් වලට සංවේදී වේ.  එය පියයුරුවල ගෙඩිහට ගැනීමට ඉවහල් වේ.  එස්ට්‍රොජන් හොර්මෝනයක් වන අතර, දරු ප්‍රසූතියේදී අවශ්‍ය වන, පියයුරු සහ අනෙකුත් අවයවවල වර්ධනයට  උපකාරී වේ.  කාන්තාවන්ගේ අනෙකුත් සාමාන්‍ය ක්‍රියාවලින්ට එස්ට්‍රොජන් හෝර්මෝනය අත්‍යවශ්‍ය වේ.

එය කාන්තාවන්ගේ ශරීරයේ අනෙකුත් අවයව වල වර්ධනයට අවශ්‍ය වුවත්, එය ගෙඩි වර්ධනය වීමටත්,  පියයුරු පිළිකා වර්ධනය වීමටත් ඉවහල් වේ.

ඔසප් ක්‍රියාවලිය

එස්ට්‍රොජන් කාන්තාවන්ගේ ඔසප් ක්‍රියාවලියට ඉවහල් වේ.  ගෑණු ළමුන් කුඩා වයසේදීම (අවුරුදු 10ට පෙර) සහ ඔසප් ක්‍රියාවලිය නැවතීම (අවුරුදු 50 ඉක්මවා යන විට) පියයුරු පිළිකා ඇතිවීමට ඇති ඉඩ කඩ බෙහෙවින් වැඩි විය හැකිය.

සිරුරේ බර සහ ව්‍යායාම

සිරුරේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි වීම පියුරු පිළිකා ඇතිවීම කෙරේ බලපෑ හැකිය.  එමනිසා, සිරුරේ බර වැඩිවීම පාලනය කිරීමට, සෞඛ්‍යසම්පන්න ආහාර ගැනීමද අත්‍යවශ්‍ය කරුණකි.  ශරීරයේ  උඩ කොටසේ දර්ශකය 24ට වඩා අඩුවෙන් පාලනය කිරීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කර ගත හැක.  තවද, දිනපතා ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන කාන්තාවන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමද අඩුය.

මිත්‍යාවට එරෙහි සත්‍යය

දොස්තර අජිත් ද සිල්වා මහතා, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් පැතිරෙන කටකතාවක් වන “දරුවන්ට මව් කිරි දීමෙන් පියයුරු පිළිකාවන් ඇති වීමට හැකිද?”  යන්න ගැන වැඩි දුරටත් පැහැදිලි කළා.

විශේෂඥ මහතාඅවධාරණය කළේ, එක් බබෙකුට හෝ බබාලා කීප දෙනෙකුට මව්කිරි දීමෙන් එවැනි අවදානමක් ඇති නොවෙන බවත්, එසේ මව්කිරි දීමෙන් පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වන බවත්ය.

පියයුරු නැවත නිෂ්පාදනය

පියයුරු පිළිකා තිබු කාන්තාවන්ගේ පියයුරු ශරීරයෙන් ඉවත් කළ විට ඇතිවන ශරීරයේ වෙනස්කම් වලට මුහුණ දෙන්නේ කෙසේදැ’යි අසන ප්‍රශ්නයට, අජිත් ද සිල්වා මහතා කිව්වේ, එම ශල්‍ය කර්මයට මුහුණ දුන් කාන්තාවන්ට ශරීර වෙනස්කම් වලට මුහුණ දීමට නොයෙකුත් පහසු සහ ක්‍රමවත් විධි ඇති බවයි.

පියයුරු නැවත නිෂ්පාදනය

මෙය කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය ක්‍රියාවලියකි.  එනම්, එයින් ස්වභාවික ලෙස පෙනෙන පියයුරු රෝපණය කිරීම හෝ එවැනි ද්‍රව්‍ය භාවිතා කිරීම

පියයුරු ඉවත් කළ කාන්තාවන්ට සුදුසුබ්‍රේසියර වෙළඳ පොලේ විකිණීමට ඇත.

වෛද්‍යවරයෙකුගෙන් විමසීමට, ලොකු හෝ කුඩා හෝ විකාර ප්‍රශ්න කියා දෙයක් නැත.  ඒවගේම, වෛද්‍යවරයාගෙන් තමන්ට දැනගත යුතු කරුණක් ඇසීමට බිය විය යුතු හෝ ලජ්ජා විය යුතු කරුණක් නොවේ!  රෝගය කලින් හඳුනා ගැනීමෙන් ඔබට යහපත් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ සැලසෙනු ලැබේ.

මෙම කෙටි ලිපියේ අඩංගු සියලු දේ සත්‍ය බවට පිළිගත හැකිය.මෙම ලිපියේ  අඩංගු සියලු  අදහස් සහ කරුණු ප්‍රකාශකගේ නොවේ.

#breastcancerrisk #breastcancer #womencare #mothercare #breastcare #sinhalaarticleinsrilanka #breastcancerarticleinsrilanka #sinhalaarticle #motherbreastcancerarticle #breastmri

note

You may also like
මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම
පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා කරුණු කීපයක්
දත් ඒම, හැපීම, මලානික වීම සහ අසතුටින් සිටින බබෙක්
නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!
error: Content Protected © mummypages.lk