Home > Latest Articles > පැටියා නිදාගන්නා චර්යාව

පැටියා නිදාගන්නා චර්යාව

mptv-ad

පැටියා නිදාගන්නා චර්යාව

ඔබේ බබාට නිදා ගැනීම සඳහා නියමිත වෙලාවක් උපයෝගී කරගන්නේ නම්, බබා රාත්‍රී කාලයේදී පහසුවෙන් නින්දට යොමු වේ.  බබාට සති 6 දී සිටම නියමිත වෙලාවක් නිදා ගැනීම සඳහා පුරුදු කළ හැකිය.

දහවල් කාලයේ නිදා ගැනීමටද වෙලාවක් යොදා ගන්න. දහවල් කාලයේ නිදා ගැනීමට නියමිත ස්ථානයක් සහ නිශ්චල වෙලාවක් යොදා ගැනීමෙන්, බබා එම නිදා ගැනීමේ වෙලාව හඳුනා ගනී.

බබාට නිදා ගැනීමේ වෙලාව හඳුනා ගැනීම සඳහා කාමරයේ එළිය අඩු කිරීමෙන්, ජනේල තිර රෙදි වලින් වැසීමෙන් සහ නිවස තුළ නිශ්ශබ්ද තාවයක් ඇති කිරීමෙන් කළ හැකිය. දීප්තිමත් ආලෝකය සහ නොයෙකුත් ශබ්ද නිසා බබා ඇවිදි වී සිටිය හැක.

බබාව නිදී කරවීමට පෙර, සමහරවිට බබාට සෙල්ලම් කර ශරීරය ශක්තිය මුදා හැරීමට සැලස්වීම  නිසාද, බබාට නිදිමත දැනේ.

රාත්‍රී නින්දට විනාඩි 15 කට පමණ පෙර, බබාලාගේ දත් මැදීමට, දෑත සහ මුහුණ සේදීමට ද, ඔවුන්ට රාත්‍රී නිදන ඇඳුම් ඇඳීමට ද, පුහුණු කරවන්න.

බබාලා නිදාගැනීමට පෙර ඔවුන්ට ඇසෙන්නට කතන්දර පොත් කියවීමට පුරුදු වීමෙන්, ඔබට සහ ඔබේ සහකරුට ඔබේ දරුවන් සහ නිශ්චල බන්ධනයක් ඇති කර ගැනීමට හැකි වේ. එමෙන්ම, ඔබේ දරුවාගේ වචන සම්භවය වැඩි දියුණු කිරීමටද ඉවහල් වේ.

ස්ථිර නිදා ගැනීමේ වෙලාවකට හුරු පුරුදු වන්න. උදාහරණයක් වශයෙන් සමහර දිනවල ඔබේ දරුවා ලඟින් නිදා ගැනීමටත්, අන් දවස්වල නිදා නොගැනීමටත්  පෙළඹෙන්න එපා.  එයින් ඔබේ දරුවා ව්‍යාකූල තත්ත්වයකට පත් වීමටත්, නොවිසිලිමත් ලෙස හැසිරීමටත් ඉඩ ඇත.

#kids #yourkids #babysleeping #method #babysleep #babysleepingtime

notice.png low

You may also like
දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?
ෆේස්බුක් සහ දරුවන්ගේ පුංචි ලෝකය
සෑම දරුවෙක්ම දැනගත යුතු කෑම මේසයේ හොඳ පුරුදු
ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම