Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > පාසල් යන ඔබේ දරුවාගේ යකඩ අවශ්‍යතාවය ගැන ඔබ දැනුවත්ද?

පාසල් යන ඔබේ දරුවාගේ යකඩ අවශ්‍යතාවය ගැන ඔබ දැනුවත්ද?

mummypages.lk-Tiki-banner

පාසල් යන වයසේ පසුවන ඔබේ පුතාගේ දුවගේ වර්ධනය වේගවත්, ඔවුන් හරිම ක්‍රියාශිලීයි- ඔවුන්ට හොඳට පාඩම් කරන්නත්, ක්‍රීඩා කරන්නත්, බාහිර වැඩවල යෙදෙන්නටත් තියෙනවා- නමුත් මේ දරුවන් අතර නීරක්තිය (ලේ හිඟකම) සුලබයි පිටතට පෙනෙන තරම් ලේ හිඟ නොවුණත්, ඇඟේ තැන්පත් යකඩ ප්‍රමාණය අඩු දරුවෝ ගොඩක් ඉන්නවා.

අවශ්‍ය තරම් යකඩ ශරීරයට ලැබුණොත්,

■ හොඳට උස යනවා

■ බර වැඩිවෙනවා

■ මස්පිඩු වැඩෙනවා

■ බුද්ධිය වර්ධනය වෙනවා

■ කොණ්ඬේ දික් වෙනවා

■ කෑම රුචිය වැඩි වෙනවා

■ ක්‍රියාශීලි බව වැඩිවෙනවා

■ රෝග බෝවිම අඩු වෙනවා

නිරක්තිය (ලේ හිඟකම) ඇති වෙන්නේ ඇයි?

එයට ප්‍රධාන හේතුව යකඩ ඌණතාවයයි අපේ දරුවන් මස් මාළු කනවා අඩුයි- සමහර දරුවෝ නිර්මාංශයි- ප්‍රධාන ආහාර වේල් මඟහැර කෙටි ආහාර ගන්නවා- වැරදි ආහාර රටාවන් සුලභයි- පණු රෝගද ලංකාවේ දරුවන් අතර බහුලයි- කොකු පණුවන් කුඩා බඩවැල් තුළ ජීවත්ව සිටිමින් ලේ උරා බොනවා- දරුවන්ට නිරක්තිය හා යකඩ ඌණතාව ඇති කරන්න මේවා ඔක්කොම හේතු වෙනවා-

අපි මොනවද කරන්න ඕන?

■ ප්‍රධාන ආහාර වේල් සඳහා සමබල ආහාර ගැනීම හරිම වැදගත්-

■ යකඩ බහුල ආහාර දිනපතා ගන්න ඕන

■ කව්පි, කඩල, මුං ඇට, සෝයා, පරිප්පු, සහල්, ගොටුකොළ, තම්පලා සහ අනෙකුත් කොළ පැහැති පලා වර්ග වල යකඩ තිබෙනවා- ඒත් ඒවායේ තිබෙන කෙඳිති නිසා මේ යකඩ බොහෝමයක් ශරීරයට උරා ගන්නේ නැතිව, මලපහ සමග පිටවි යනවා-

■ මස්, මාළු, කරවල, සැමන් හා පීකුදු යකඩ බහුල සත්ත්වමය ආහාරයි. මේවායේ ඇති යකඩ පහසුවෙන් ශරීරයට උරා ගන්නවා. මේ නිසා තමයි මස් මාළු වැඩිපුර කන්න ඕන.

■ ඒ වගේම ඇඟේ ලේ වැඩෙන්න යකඩ, ෆෝලික් අම්ල, විටමින් ක්‍ පෙති ගැනීමත් උදව් වෙනවා.

#childrendhealthyfood #ironfood #foodarticlesinhala #sinhalaarticle #foodcare #healthyfoods

note

 

You may also like
බාබගේ සෞඛ්‍යයසම්පන්න කණ සහ ඇස්
බාබගේ නීරෝගී උදරය සඳහා
පෝෂ්යදදායක උදෑසන ආහාරයක් ගෙන ඔබේ දවස පටන් ගන්න!
ඔබ දැඩි මවක් හෝ පියෙක්ද?
error: Content Protected © mummypages.lk