වර්තමානයේ බොහෝ දෙනාට පාන් සහ බනිස් කියන ආහාර දැන් නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ ගෝලීය වශයෙන් අපි හැම දෙනාම මුහුණ දෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග අපි හැමෝම ලේසියෙන් හදාගන්න පුලුවන් පාන්පිටි කෑම වලට පුරුදු වෙලා තියෙනවා. නමුත් වර්තමානයේ දී බෝ නොවන රෝග එහෙම නැත්නම් non- communicable diseases ඉතා වැඩි ප්රතිශතයකින් පවතිනවා. මේකට ප්රධානම හේතුවක් තමයි අපි ආහාරයට ගන්න දේවල්. විශේෂයෙන්ම පාන් පිටි නිතර ආහාරයට ගැනීම නිසා ශරීරයේ අධික ස්ථුල බව, දියවැඩියා රෝගය සහ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම වැනි කාලීන රෝග වලට ඔබ නොදැනීම ගොදුරක් බවට පත්වන්නට පුළුවනි. ඒ සඳහා ප්රධානම හේතුව වන්නේ පාන් පිටි වල අඩංගු වන්නේ බහුල වශයෙන් කාබෝහයිඩ්රේට වන බැවිනි. මේකට හේතුව නම් පාන් පිටි ලබාගන්නේ තිරිඟු ඇට වල ගුණ ඉතාමත් අධික කොටස වන පිටත ආවරණය ඉවත් කර, කාබෝහයිඩ්රේට ප්රමාණය ඉතාමත් අධික අභ්යන්තර කොටසින් පමණක් මෙම පිටි ලබා ගැනීම නිසයි. නමුත් ආටා පිටි කියන්නේ සම්පූර්ණ තිරිඟු ඇටය ඇඹරීමෙන් ලබාගන්නා පිටි වලටයි. මේ නිසා සම්පූර්ණ තිරිඟු ඇට භාවිතයෙන් සාදාගනු ලබන ආටා පිටිවල පෝෂණීය ගුණ පාන් පිටි වලට වඩා බහුලයි. ඒ අතරින් කාබෝහයිඩ්රේට වගේම ප්රෝටීන, ජලය, විටමින වර්ග, පොස්පරස්, කැල්සියම්, සින්ක් වගේ ශරීරයට අත්යවශ්ය ඛනිජ ලවණ වර්ග අවශ්ය ප්රමාණයන්ගෙන් අන්තර්ගත වේ. තන්තු අධික ව පැවතීම නිසා මලබද්ධ තත්ත්වය වළක්වාලීමට උපකාර වේ.ආහාර ජීර්ණය පහසු කරවයි. ඒ වගේම දියවැඩියා රෝගීන්ට ද තන්තු අධික ආහාරයක් බැවින් මෙය ඉතාමත් යෝග්යයි. කාලීන රෝග වැළඳීමේ අවදානම අඩු කරන අතර අස්ථි දිරාපත් වීමද වළකයි. රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝග වලින් ආරක්ෂාව ලබාදෙයි. සිරුරට ශක්තිය ලබා දෙයි. අලස බව දුරු කරයි. මානසික ආතතිය දුරු කරයි. සිරුරේ බර වැඩිවීම පාලනය කිරීමට උපකාර වේ. මේ නිසා පාන් පිටි වෙනුවට ආටා පිටි මඟින් සිදු කරන ආහාර සංස්කරණයන් ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම ඔබේ නිරෝගී බවට රුකුලක් වනු ඇත.