Home > ගර්භනී > ප්‍රසව වේදනාව පටන් ගැනීමේදී පෙන්නුම් කරන ලක්ෂණ

ප්‍රසව වේදනාව පටන් ගැනීමේදී පෙන්නුම් කරන ලක්ෂණ

ක්‍රමවත්ව දැඩි සංකෝචනය

ඔබේ උදරයේ දැඩි සංකෝචනයක් ඇතිවන විට,  ප්‍රසව වේදනාව ඇති වී ඇති බව ඔබට දැනේ.  මෙම අවස්ථාවේදී ඔබේ ගර්භයේ  හැකිලීමක් සහ සැහැල්ලු වීමක් ඔබට  දැනේ.  ඔබ ඔබේ ගර්භයට අත තැබූ විට, උදරයේ මාංශ පේශීන් තද ගතියකටත්, නැවත සැහැල්ලු  ගතියකටත් ලක්වෙන  බව දැනේ.  සමහර විට, ඔබේ ගර්භනී අවස්ථාව පවතින කාලය පුරාම මෙම අත්දැකීම ඔබට දැනිය හැක.    කෙසේ හෝ, මෙය ඔබ‍ට ක්‍රමානුකූලව දැනෙන අවස්ථාවේදී, දැඩි සංකෝචනයක් ඇති වී, තත්පර කීපයක කාලයක් තුළ නැති වී යනු දැනේ නම්, මෙය ප්‍රසව වේදනාව විය හැකිය.  ඔබේ එම සංකෝචන ක්‍රියාවලිය ක්‍රමයෙන් වැඩි කාලයක් තිබෙන අතර, ඉක්මණින් සිදුවීමත්, වේදනාව දැඩිවීමත් සමඟම ඔබේ බබා සෙමින් පහළට තල්ලු වීමක් සිදුවේ.  ඒ හා සමඟම, ගැබ් ගෙල ක්‍රමයෙන් විවෘත (ප්‍රසාරණය) වීම සිදු වී, දරු ප්‍රසුතියට සූදානම් වේ.  ඔබ ගර්භනී අවස්ථාවේදී ආකූල තත්ත්වයන්ට මුහුණ නොදුන්නේ නම්,  සංකෝචන ක්‍රියාවලිය පටන් ගත්  මුල් අවස්ථාවේදී, ඔබට නිවසේ විවේකීව සිටීමට උපදෙස්  දෙනු ලැබේ.  තත්පර 30ක් වැනි සුළු කාලයක් තුළ සංකෝචන ක්‍රියාවලිය සිදු වී, නැවත විනාඩි 5ක් වැනි කාලයක් තුළ නැවත පටන් ගන්නා  විට, ලඟම රෝහලට හෝ, ඔබ දරුවා ලැබීමට තෝරාගත්  රෝහලට යාමට සුදුසුය.

 ඔබේ යෝනි මාර්ගයෙන් රුධිරය ස්වල්ප වශයෙන් පිටවීමට පටන් ගැනීම

යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම ප්‍රසව වේදනාවේ තවත් ලක්ෂණයකි.  ගර්භනී අවස්ථාවේදී ශ්ලේෂ්මල පටලයක් ඔබේ ගැබ් ගෙලට සම්බන්ධ වී තිබේ.  දරු ප්‍රසුතියට මොහොතකට පෙර මෙම සම්බන්ධ වීම විසන්ධි වී එම ශ්ලේස්මල පටලයේ කොටස් ජෙලී වැනි ඝනකම් දියරයක් ලෙස ඔබේ  යෝනි මාර්ගයෙන් පිටතට වහනය වීමට පටන් ගනී.  මෙම ද්‍රව්‍ය සමඟ රුධිරය ස්වල්පයක්  පිටවීම සාමාන්‍ය සිද්ධියකි.  කෙසේ හෝ, ඔබට අධික රුධිර වහනයක් සිදු වුවහොත්, වහාම වෛද්‍යවරයෙකුට හෝ වින්නඹු මාතාවකට කතා කළ යුතුය.  සෑම ගර්භනී කාන්තාවකටම මෙය සිදු නොවේ.  එමනිසා, මෙවැන්නක් ඔබට සිදු නොවුනහොත්, කලබල විය යුතු නොවේ.

වතුර බෑගය පිපිරීම

ගර්භනී අවස්ථාවේ දී ඔබේ බබා සිටින්නේ ඔබේ ගර්භයේ ද්‍රව බෑගයක් (water bag) තුලයි.  ප්‍රසව  වේදනාව ඇතිවන විට, බබා සිටින ද්‍රව බෑගය පිපිරී එහි ඇති ශ්‍රාවය ඔබේ යෝනි මාර්ගයෙන් ඉවතට ඒම සිදු වේ.   මෙම ක්‍රියාවලිය “වතුර බෑගය පිපිරීම” යනුවෙන් හැඳින්වේ.  ප්‍රසව වේදනාවෙන් ඔබ සිටින විට දී වතුර බෑගය පිපිරී, එකවර යෝනි මාර්ගයෙන් මෙම ද්‍රව්‍ය ගලා එනු ලැබේ.  බොහෝ අවස්ථා වලදී, ප්‍රසව වේදනාව ඇති වීමට පෙර මෙම ක්‍රියාවලිය සිදු වීමට ඉඩ ඇත.  එමනිසා, ඔබේ නිවසින් පිටතට යන විට, සනීපාරක්ෂක තුවායක් ඇඳීම යෝග්‍යය.  එසේම ඔබ නිදා ගන්නා විට, ඇඳට අමතර ඇතිරිල්ලක් දැමීමද යෝග්‍ය වේ.  ප්‍රසව වේදනාව දැනීමට පෙර, ඔබේ වතුර බෑගය කැඩුණ විට, ඉක්මනින් වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට කතා කර, ඔබ රෝහලට යනතෙක්, පිළිපැදිය  යුතු උපදෙස්  අසා දැනගන්න.  එම ද්‍රව්‍ය නොමැතිව ඔබේ බබා නොයෙකුත් අසාදන වලින් ආරක්‍ෂිත නොවෙන අතර, ඔහු/ඇයගේ තත්ත්වය අනතුරුදායක විය හැක.  මෙම ද්‍රව්‍ය ලා කහ පැහැයෙන් – මුත්‍ර වැනි – යුක්ත අතර, එම ද්‍රව්‍ය වෙනත් පැහැයක් ගනී නම්, දුර්ගන්ධයෙන් යුක්ත නම් හෝ ඒ සමඟ ඉතා දැඩි ලෙස රුධිර වහනයක් සිදු වේනම්, වහාම ඔබේ වෛද්‍යවරයා හෝ වින්නඹු මාතාව අමතා උපදෙස් ලබා ගන්න .

පිටේ (කොන්දේ) වේදනාවක් හෝ වැසිකිළියට යාමේ දැඩි උවමනාවක් ඇති විය හැක

පිටේ (කොන්දේ) වේදනාවක් හෝ වැසිකිළියට යාමට දැඩි අවශ්‍යතාවයක් ඇති වීම, ප්‍රසව වේදනාව ඇති විට දී, ඇතිවන සාමාන්‍ය කරුණකි.  ඔබේ බබා පහළට ඒමට පටන් ගන්නා විට, ඔහුගේ/ඇයගේ හිස පහළට තද වන විට, ඔබේ අන්ත්‍රය  (බඩවැල) තෙරපුමකට ලක් වේ.

#duringpregnancy # pregnancy #babyandmother #pregnantmother #pregnancycare

notice.png low 

You may also like
Those Dreaded Labour Pains & Final Reward
IVF (In-Vitro Fertilization) in sri lanka
What Maternity Leave Mean To A Working Parent
ගර්භය තුළ සිටියදී ඉගෙනීම
error: Content Protected © mummypages.lk