දරු උපතකට පසු තමා අපේක්ෂා කළ පරිදි ශාරීරික පීඩා ක්‍රමයෙන් අඩු වී යථා තත්ත්වයට පත් නොවේ නම් අනවශ්‍ය මානසික පසුබෑමකින් යුක්ත වේ නම් එවැනි මවක් පශ්චාත් ප්‍රසව ආතතියට ලක්ව ඇති බව අනුමාන කළ හැකිය. එසේ නම්,
* ඔබගේ ශාරීරික, මානසික පීඩා සියල්ල නොසඟවා හෙළි කළ හැකි ඔබට ඇහුම්කන් දෙන අයෙක් වෙත යොමු වන්න. ඔබගේ ස්වාමියා, මව හෝ පවුලේ වෙනත් අයෙක්, හොඳම මිතුරියක්, පවුලේ වෙවද්‍යවරයා හො පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය වැන අයෙක් වෙත ඔබගේ අපහසුකම්, අවශ්‍යතා හා සිතිවිලි පැවසීමෙන පශ්චාත් ප්‍රසව ආතතිය හේතුවෙන ඇතිවන ලක්ෂණ හා බලපෑම පාලනය කරගත හැකි වේ.
* ඔබට අවශ්‍ය විවේකය අනිවාර්යෙන්ලබාගන්න. දරුවෙකුගේ ඉපදීම යනු පවුලකට වාසනාවක් මෙන්ම එම දරුවා යහපත් වැඩිහිටියෙක ලෙස සමාජගත කිරීමට වගකීම් සම්භාරයක් එක්වීමක් ද වේ. වෙන ඕනෑම රැකියාවක විවේකයක් ලබුවද
* දෙමාපියන් ලෙස දරුවෙකුගේ රාජකාරී කටයුතු දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක වේ. දරුවෙකු බිහිකළ මවකට බිළිඳාගේ, තමාගේ හා පවුලේ කටයුතු තනිව කළ නොහැකියි. එය අමතර මානසික පීඩනයක් ගෙන දෙන්නකි. විශේෂයෙන් පශ්චාත් ප්‍රසව ආතතියෙන් පෙළෙන මවකට විවේකය අත්‍යවශ්‍ය වේ. මෙය ශාරීරික මෙන්ම මානසික වශයෙන් ද ලැබිය යුතුය. එබැවින් කළ යුත්තේ දරුවාගේ වගකීම ස්වාමියා හා පවුලේ වෙන අය අතර බෙදාගෙන කටයුතු කිරීමයි.
* හොඳින් ආහාර ගන්න. මවගේ ශාරීරික හා මානසික සුව පහසුව ආහාර මත සෘජුවම රඳා පවතී. නමුත් බොහෝ මව්වරු අවිවේකී බව නිසාම ආහාරය සඳහා යොමු කරන අවධානය අඩුය. නමුත් දරු උපතේදී වැය වූ ශක්තිය නැවත සිරුරට
* ලබාදීමට මෙන්ම දරුවා මව්කිරෙන පෝෂණය කිරීමට පෝෂණ ගුණයෙන් ඉහළ සමබල ආහාර රටාවකට යොමුවිය යුතුය. ව්‍යායාම සඳහා කාලය වෙන්කර ගන්න. දිනපතා ක්‍රමානුකූලව ව්‍යායාමවල යෙදීමෙන් මොළයෙ සෙරොටොනින් නම් හෝර්මෝන සාන්ද්‍රණය ඉහළ යයි. එය ශාරීරික සුව පහසුවට හේතුවක් වේ. එමෙන්ම ඇවිදීම වැනි ව්‍යායාමවලින් පිරිසිදු වාතය ආශ්වාසයට ඉඩ ලැබෙන අතර නිවසින් බැහැර වී කෙටි වේලාවක් ගත කිරීම මානසික වෙනසකට ද ඉඩ ලැබෙන්නකි. සුදුසු ව්‍යායාමවල නිරත වීමෙන් සිරුර අනවශ්‍ය ලෙස තරබාරු වීම ද වළක්වා ගත හැකි වේ. බොහෝ මව්වරුන් දරු ප්‍රසූතියකට පසු සිරුරේ හැඩය පවත්වා ගැනීමට අපහසු වීම නිසා ද මානසික ආතතියට ලක් වේ.
* දරු උපතකට පසු යම් කාල සීමාවක මව හා දරුවා නිවසේම රැඳී සිටීම සම්ප්‍රදායෙන්ම පැවත එන්නකි. නමු සුදුසු අවස්ථාවලදී නෑදෑ හිත මිතුරන් ආශ්රයෙන් වෙනත් දරුවන් ලැබූ මව්වරු සමග ආශ්රයෙන් ඔවුන්ගේ ගැටලු , ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය මෙන්ම තමන්ගේ ගැටලු ද ඔවුන් සමග සාකච්ඡා කිරීමට ඉඩ ලැබේ. මෙසේ සමාජශීලි වීමෙන් කායික මෙන්ම මානසික සුවයක් ලබාගත හැකි වේ.
#mother #sinhalaaricle #srilankasinhalaarticle #afterpregnancy #afterpregnancyarticlesinhalaarticle