ඔබේ බුද්ධිමත් තේරීම

“ම්ම්ම්ම්…….!  මේ බීම එක හරිම රසයි” යනුවෙන් රොෂාන් ඔහුගේ බිරිඳට කියමින් වීදුරුවේ තිබූ අඹ පානයෙන් අන්තිම බින්දුවත් කටට හලා ගත්තා. 

පළතුරු යුෂ යනු දවසේ කුමන වෙලාවක වුවත් රස බැලිය හැකි  ඉතා රසවත් පානයක් වන බව කාටත් රහසක් නොවේ!  උදේ ආහාරයෙන් පසු අඹ යුෂ වීදුරුවක හෝ දවසේ ඉතා දැඩි උෂ්ණත්වයකින් හෙඹි  දහවල් කාලයේ ශීතල කළ දොඩම් වීදුරුවක රස බැලීමට ලැබේනම් එය කෙතරම් සතුටුදායක වේද?

රසට අමතරව පළතුරු යුෂ වල පෝෂ්‍යදායක පදාර්ථ අඩංගු වේ.  පළතුරු යුෂ පානයක් ඔබේ දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන්, එය ඔබේ සෞඛ්‍ය කෙරෙහි නොයෙකුත් ක්‍රම වලින් බලපෑම් කරනු ලැබේ.

  • පළතුරු අපට සොබාදහම දායාද කළ දෙයක් වන අතර, යුෂ සාදා ගන්නේ එම සොබාදහමේ පළතුරු වලිනි. එහි කෘතිම රස වර්ග, පාට වර්ග සහ සංරක්ෂණ ද්‍රව්‍ය අඩංගු නැත.
  • පළතුරු වල පෝෂ්‍යදායක ද්‍රව්‍ය වන විටමින් වර්ග සහ ඛනිජ ද්‍රව්‍ය අඩංගු වේ. ශ්‍රී ලංකාවේ ඇති බොහෝ පළතුරු වර්ගවල විටමින් සී, ඒ, බී සහ ඩී අඩංගු බව සොයා ගෙන ඇත.  
  • පළතුරු ඇන්ටි – ඔක්සිඩන්ට් සහ තන්තු වලින් බහුල වශයෙන් පරිපෝෂිත වේ.
  • පළතුරු යුෂ ශාරීරික ක්‍රියාවලින්ට උදව් වේ. මෙම සෞඛ්‍ය දායක පළතුරු යුෂ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමට ඉවහල් වේ. තවද, අපේ ජීර්ණ පද්ධතියට උපකාරී වේ.
  • සාමාන්‍ය පොදු රෝග වලට ස්වභාවික පිළියම් ලබා දේ. මල බද්ධයට ගස්ලබු ගුණදායක වන අතර කෙසෙල් පාචනය සඳහා සුදුසු වේ. සෙම්ප්‍රතිශ්‍යාව සඳහා දොඩම් සහ අන්නාසි ගුණදායක වන අතර එසේ ගුණදායක වන්නේ මෙම පළතුරුවල අන්තර්ගත වී ඇති විටමින් සී (Vitamin C) නිසයි.
  • හොඳ කේශ කලාපයක් ඇති කර ගැනීමට සහ පැහැපත් සුසිනිඳු සමක් ඇතිකර ගැනීම සඳහාද, පළතුරු ඉවහල් වන බව කාටත් නොරහසකි.
  • තවද, පළතුරු යුෂ වීදුරුවකින් ඔබේ සිතේ මනෝභාවය වෙනස්වන අයුරු කවුරුත් දන්නා කරුණකි! ඉතින්, ඊළඟ අවස්ථාවේ ඔබේ සිතට යම් කණගාටුදායක ස්වභාවයක් ඇතිවුවහොත්, පළතුරු යුෂ වීදුරුවක් පානය කරන්න ! 
  • ඔබ පළතුරු කෑමට එතරම් කැමැත්තක් නොදක්වන කෙනෙක් නම්, පළතුරු වල අඩංගු විටමින, ඛනිජ ලවණ, තන්තු ආදිය ශරීරයට ලබා ගැනීම සඳහා නැවුම් පලතුරු යුෂ එයට කඳිම පිළියමකි.

වෙළඳසැල්වලින් මිළ දී ගන්නා පලතුරු යුෂ වලට වඩා, නිවසේදී ඔබ විසින්ම සාදා ගන්නා ලද පළතුරු යුෂ වඩාත් ගුණදායකය. එයට හේතුව වන්නේ, එම පළතුරු යුෂ වීදුරුවේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ඔබට වඩාත් හොඳ දැනීමක් ඇති හෙයිනි. එමනිසා, හැකි සැමවිටම ඔබේ පළතුරු යුෂ වීදුරුව නිවසේදී සාදා ගැනීමට උත්සුක වන්න.  ඒ සඳහා ඔබට අවශ්‍ය උපදෙස් කීපයක් :

  • ඔබ පළතුරු යුෂ සාදා ගන්නාවිට, එය සඳහා කාබනික පොහොර යොදා සාදා ගන්නා  ලද පළතුරු  තෝරා ගන්න.
  • පළතුරුවල නැවුම් බව රැකීම සඳහා සීනි ඉතා කුඩා ප්‍රමාණයක් හෝ සීනි මිශ්‍ර නොකර යුෂ සාදා ගන්න. පළතුරු වල ස්වභාවිකව යම් ප්‍රමාණයක සීනි අඩංගු වේ.
  • පළතුරුවල නියම ගුණාත්මක භාවය රැකීම සඳහා හැකි සෑම විටකම එහි පිට පොත්තද එක්කර යුෂ සාදා ගන්න. පිට පොත්තේ ශරීරයට අවැ’සි සෞඛ්‍යදායක තන්තු අන්තර්ගත වේ.
  • යුෂ පෙරා ගත් පසු, පොඩි වූ පල්පය නැවත යුෂවලට එකතු කර ගැනීමෙන්, පෝෂණය සහ ඔබේ උදරය පුරවා ගැනීමටද එය ඉවහල් වේ.
  • ඔබට එක් වරකට බීමට හැකි ප්‍රමාණය පමණක් සාදාගන්න. ඒ නැවුම් පලතුරු යුෂ වලට ඔබේ ශරීරයට වින කරන බැක්ටීරියා ටික වෙලාවකින් එක්වීමට මාන බලන හෙයිනි. 
  • එක පළතුරු වර්ගයක් පමණක් උපයෝගී කරගෙන පළතුරු යුෂ සාදා ගන්නවාට වඩා පළතුරු වර්ග කීපයක් එක් කිරීමෙන්, වඩා  රසවත් සේම, ගුණදායක බවින් ද පරිපුන් පානයක් සාදා ගත හැකිය. 

ඇපල්, දොඩම් (කහ පැහැයෙන් යුත් පිටරට දොඩම්), මිදි ආදී පළතුරු වලට වඩා ශ්‍රී ලංකාවට ආවේණික වූ, පේර, නෙල්ලි, වරකා, පැණි කොමඩු වැනි පළතුරු වලින් වඩාත් ප්‍රණීත රසැ’ති පළතුරු බීමක් සාදා ගැනීමට ඔබට හැකියාව ඇත.  ඒවායින් ඔබේ රස නහර පිනායන අතර, එමඟින් ඔබේ සා පිපාසාව ද නිවී යනු ඇත!

#fruitjuice #healthyfruitjuice #juice #srilankafruitjuice

note

error: Content Protected © mummypages.lk