Home > දෙමාපිය දැනගැනිම පිණිස > පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා කරුණු කීපයක්

පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා කරුණු කීපයක්

“අනිලා, ඔයා පුර්ණ කාලීන රැකියාවක් කරන ගමන්ම, ගෙදර වැඩට උදව්වට කෙනෙකු නැතිවත්, ඔයාගේ ගෙදර හරි පිළිවෙළට තියාගෙන, කෑම ඔක්කොම  ගෙදරම හදාගෙන ඒ එක්ක , ඔයාගේ මහත්තයගෙත්, දරුවන්ගේත් හැම වැඩ කටයුත්තටම සහය දෙනවා.  මට හිතාගන්න බැහැ කොහොමද ඔයා මේ ඔක්කොම දේවල්  පිළිවෙලට කරගන්නේ කියල” මන්සි අනිලාට කිවුවා.

“ඒක ලොකු දෙයක් නෙමෙයි මන්සි” අනිලා සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නා.  “මම හැමදෙයක්ම කළින් සැලසුම් කරනවා. ඒ අතරම, මගේ පවුලේ අය සමඟ එකට ඉන්නටත් කාලයක් වෙන් කර ගන්නවා” යැයි, ඇය තව දුරත් ඇගේ පිළිතුර පැහැදිළි කළා.

වැඩ රාජකාරි කටයුතු වැඩි වනවිට, තිබෙන වැඩ නිම කිරීමට දවසේ පැය ගණන මදි වනවිට, බොහෝ දෙමව්පියන්ට තම දරුවන් හා එකට සිටීමට කාලයක් මිඩංගු කිරීමට නොහැකි වෙනවා.  ඔයත් දවසේ රාජකාරි කටයුතු නිම කොට නිවසට රාත්‍රියේ පැමිණෙන විට, ඔයාගේ සිඟිත්තා නිදි දෙව්දුව වැළඳ ගෙනද?  එවිට ඔයාට හිතේ චකිතයක් ඇති වෙනවා නේද?

ශ්‍රී ලංකාවේ ඉතාම කාර්යබහුල මව්වරුන්ටත් තම පවුල සමඟ සිටීමට යම් කාලයක් මිඩංගු කිරීම සඳහා ගැලපෙන කරුණු කීපයක් :

  • නිවසේ වැඩ එකවිට කරන්න: නිවස පිරිසිදු කිරීම, ඉවුම් පිහුම් කටයුතු සහ ආහාර බඳුන් සේදීම වැනි දේ සඳහා ඔබේ ස්වාමිපුරුෂයා සහ ළමයින්ව සම්බන්ධ කර ගන්න.  හැම අයෙකුටම වගකීමක් පවරන්න.  එම වැඩ කටයුතු කරන අතරේ පවුලේ අය සමඟින් කතා කරන්න.
  • එකට ව්‍යායාම කරන්න: ව්‍යායාම් කිරීමටත්, එකට ගෙදර යාමටත් කාලය යොදා ගන්න.  ඒ දෙකම එක වේලාවකදී නොකරන්නේ ඇයි?  විවිධ තැන්වල හවසට ඇවිදීම හෝ  බයිසිකල් පැදීම වැනි දෙයක් යොදා ගන්න.  ඔයාගේ යහළුවන් සහ ඥාතීන්ට කතා කර, ඒ අයවත් ඔබේ ව්‍යායාම් සඳහා සහභාගී කර ගැනීමෙන් පවුල් ඒකකයේ සම්බන්ධතා තව දුරටත් වැඩිකර ගන්න..  එම ව්‍යායාම් මගින් ඔබේ පවුලේ සෞඛ්‍ය තත්ත්වයද  ඉහළ නැංවේ.
  • එකට ආහාර ගන්න : එකට එක්ව ආහාර ගැනීමෙන් පවුල් සම්බන්ධතාවය ඉහළ  නැංවේ.  ටෙලිෆෝන් සහ රූපවාහිනිය අක්‍රිය කර, ආහාර ගන්නා අතර පවුලේ අය  සමඟ එදිනෙදා සිදු වූ දේවල් ගැන සාකච්ඡා කරන්න.
  • පවුලේ අය සමඟ විනෝද ගමනක් යොදා ගන්න : ශ්‍රී ලංකාවේ පවුල් එකට විනෝද ගමන් යාමෙන් ඉතා විනෝදයක් ලබන බව රහසක් නොවේ.  විනෝද ගමනක් යාම සඳහා සැළසුම් කිරීමට ඔබේ දරුවන්ව සහය කරගන්න.  පවුලේ අය එකට එකතු වී, නිවසට ලඟින් පිහිටි ස්ථානයකට හෝ  දවසක විනෝද ගමනක් යාමෙන් ඔබේ පවුලේ සියළු දෙනාට අමතර සතුටක් ලබා දේ.
  • එකට එක්ව ක්‍රීඩාවක් කරන්න : දූවිලි වැදී ඇති චෙස් පුවරුව ඉවතට ගෙන, පිරිසිදු කර ඔබේ මහත්තයා හෝ දරුවන් සමඟ චෙස් සෙල්ලම් කරන්න.  එය හොඳ දේශගුණයක් සහිත සවස් වරුවක් නම්, එළියේ කණ්ඩායමක් ලෙස බෝල ගසන්න.
  • එකට පොත් කියවන්න : ළමයින් පොත් කියවීමට ඉතා කැමතිය.  දරුවන් නින්දට යාමට පෙර ඔබ ඔවුන්ට කතාන්තර පොත් කියවයි නම්, ඔබ ඔවුන් සමඟ සුන්දර අවස්ථාවක් ගත කරයි.  රාත්‍රියේ නින්දට යාමට පෙර, අන්තිම කනිසමේදී, දරුවන්ට පොත් කියවීමට කාලයක් ඔබේ සැලසුමේ සටහන් කර ගන්න.
  • ඔබේ ස්වාමියා වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න: පවුලේ සියළු දෙනා සමඟ ගත කිරීම ඉතා වැදගත් කටයුත්තකි.  නමුත් ඔබත්, ඔබේ  ස්වාමියාත් අතර ඇති බැඳීම පවුලේ අඩිතාලම ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය අංගයකි.  ශ්‍රී ලංකාවේ බොහෝ මව්වරුන්, ළමයින් වැඩිවියට පත්වෙද්දී, මෙය අමතක කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.  ඔබත්, ස්වාමියාත්  අතර බැඳීම නොකඩවා ගෙනයාමට අදිටන් කර ගන්න.  දරුවන් පාසැල් ගිය පසු, රැකියාවෙන් දවසක් නිවාඩුවක් ගෙන, චිත්‍රපටියක් නැරඹීමට යාමට හෝ ඔබේ අම්මාට දරුවන් බලා ගැනීමට දී, රාත්‍රී භෝජන සංග්‍රහයකට යාම වැනි දේවල් ඔබේ සැලසුමට එක්කර ගන්න.

ශ්‍රී ලංකාවේ, බොහෝ සමඟි සම්පන්න පවුල්, ඔවුන්ට කෙතරම් වැඩ රාජකාරි තිබුනත්, ඔවුනොවුන් වෙනුවෙන් කාලයක් යොදා ගනිති.  අනෙක් පවුල් සමඟ ඔවුන්ගේ පවුලේ සමඟිය පවත්වා ගෙන යාමට ඔවුන් සමඟ සාකච්ඡා කරන්න.  ඔබේ පවුලේ සමඟිය පිලිබඳ අනෙක් මව්වරුන්ටත් කියා දෙන්න.

#goodfamily #familyarticleinsrilanka #sinhalaarticleinsrilanka #sinhalafamilyarticle #familytime #afewthingsto strengthenfamilyties

note

You may also like
ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව
දත් ඒම, හැපීම, මලානික වීම සහ අසතුටින් සිටින බබෙක්
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
කුඩා දරුවන් සහ සංස්කෘතිය
error: Content Protected © mummypages.lk