Home > දෙමාපිය දැනගැනිම පිණිස > පවුලක අත්දැකිම්

ශ්‍රි ලංකාවේ හැම නිවසකම වගේ පොදුවේ මෙම රංගනය සිදුවෙනවා!  සහෝදර සහෝදරියන් අතර ඇතිවන තරඟය ඉපැරණි සිද්ධියක් – සහෝදර සහෝදරියන් එකිනෙකා පරදා දෙමාපියන්ගේ ඇස් ඉදිරියට ඒමට උත්සහ කිරීම පවුල් සංස්ථාවේ නොවැලැක්විය හැකි කාරණයක්.

විශේෂයෙන් අලුත් සාමාජිකයෙක් පවුලට එකතු වනවිට, තරුණ වයසේ සිටම එකිනෙකා   අබිභවමින් දෙමව්පියන්ගේ විශේෂ සැලකිල්ල සහ ආදරය ලබා ගැනීමට  තරඟ කිරීම සාමාන්‍ය සිද්ධියකි.  ශ්‍රී ලංකාවේ දරුවන් මුහුකුරා යනවිට මෙම තරඟය අධ්‍යාපනය ලබන විටදීද, සෙල්ලම් කරන විටදීද, සංගීත තරඟ වලදීද කැපී පෙනෙන ලක්ෂණයකි.  බොහෝ විට, දරුවන්ගේ මෙම තරඟයේදී, දෙමව්පියන්ගේ සැලකිල්ල සහ ආදරය වැඩියෙන් දිනාගන්නා දරුවෙකු පවුල තුල ඇතිවෙයි.

දරුවන් අතර මෙම තරඟය ඇති වීමට හේතු

  • දෙමව්පියන්ගේ ආකල්ප  ශ්‍රී ලංකාවේ දෙමව්පියන්, ඒකාකාරී ක්‍රියාවන්හෝ අදහස්පවුලේ සෑම දරුවෙකුගෙන්ම බලාපොරොත්තුවීම අතහැරිය යුතුය. උදාහරණයක්වශයෙන්, සෑම දරුවෙකුගේම ඉගෙන ගැනීම, ක්‍රියාකාරී වීම හෝ වැඩීම එක හා සමානව සිදු වන්නේ නැත. එසේ සිතුවහොත්, “ඇයි අක්කි වගේ වෙන්න බැරි?”   “මල්ලි වගේ වෙන්න බැරි ?”  කියා අසන්නට සිදුවෙයි.  එවිට එතැන අක්කි සහ මල්ලි අතර යම් ගැටළුවක් මතු වෙයි.
  • ලිංගභේදය  සමාජයේපොදුවේ පවතින ආකල්පයක් නම් ‘අම්මිගේ කොල්ලා’ සහ ‘තාත්තිගේ කෙල්ල’ යනුවෙන් දරුවන් ඉපදෙන්නටත් කලින් බෙදා ගැනීමයි. ලිංග බේදය අනුව දරුවන් වර්ග කිරීම හෝ බෙදා ගැනීම සිදු නොකිරීමට දෙමව්පියන් වග බලා ගත යුතුයි.
  • වයස  අවුරුදු අටත්, පහත් අතර දරුවන් එකට සෙල්ලම් කරති. නමුත්, වැඩිමලා අවුරුදු දහතුන සහ බාලයා  අවුරුදු දහය ලබන විට මෙම සම්බන්ධය වෙනස් වේ.
  • පවුලේළමයාට ඇති තත්ත්වය  පවුලේ ළමයාට ඇති තත්ත්වය ඉතා සුවිශේෂ ස්ථානයක් ගනී. එනම් පවුලේ වැඩිමලා බොහෝ විට දෙමව්පියන්ගේ බලාපොරොත්තුවල සහකරුවෙකු වන අතර, බාලයා වැඩිමලාගේ සෙවනැල්ලක් වෙයි.

දෙමව්පියන්ගේ ප්‍රියතමයා වීමෙන් ඇතිවන ඝට්ටනය

“අද දවසේ මනෝවිද්‍යාව” නමැති සඟරාවේ දැක්වෙන පරිදි දෙමව්පියන් තමාගේ සහෝදරයෙකුට හෝ සහෝදරියෙකුට විශේෂ සැලකිල්ලක් හෝ ආදරයක් ලබා දෙයි නම්, දරුවාගේ මනසට දැනෙන අතිශය ප්‍රබල දේවල් කීපයක් ඇත.  දෙමව්පියන් හැම විටම එක දරුවෙකුට වැඩියෙනුත්, අනෙක් දරුවෙකුට ස්වභාවික ලෙසත් ආදරය කරන්නේ නැත.

දරුවන් ඉතා පරීක්ෂාකාරී වන අතර, තමන්ටසාධාරණයක්  හෝ අසාධාරණයක් වන විට, ඔවුන්ට ඉවෙන් මෙන් දැනේ.  හැමවිටම  ඔවුන් තමන්ගේ අඩුපපාඩුව කුමක්දැ’යි සොයා බලන්නටත්, තමන් වෙත දෙමව්පියන්ගේ අවධානය වැඩිපුර ලබා ගැනීමටත් වෙහෙසෙති.  ශ්‍රී ලංකාවේ ළමුන් කුඩා කාලයේ සිටම තමන්ට අන් අයගේ අවධානය ලබා ගැනීමට වැරදි ක්‍රියාවල නිරත  වීමටත්, ඉක්මනින් කෝපාවිෂ්ට වීමටත්, විනාශකාරී ක්‍රියාවල නිරත වීමටත් පටන් ගනිති.  මේනිසා දරුවන් ප්‍රකෝපකාරී වීමටත්, සමාජය කෙරෙහි අමනාපයක් ඇතිකර ගැනීමටත්, සමාජයෙන් දුරස්ථ වීමටත් උත්සහ  කරන බව දිගු කාලීනව බැලීමේදී පෙනෙන කරුණු වේ.  එවිට දරුවාගේ ආත්මාභිමානය නැති වීම නිසා, ඔවුන් මත්පැන් පානයට,  දුරාචාරයට,සාහසිකහැසිරීම් වලට පෙළබේ.

සිලෝන් ටුඩේ “අද ලංකාව” නමැති සඟරාවේ, මනුෂ්‍යයාගේ සංවර්ධනය උසස් කිරීමට  අවශ්‍ය,  නිවාරණය කළ යුතු දේ මොනවාද යන්න සොයා බැලීමේ  පර්යේෂණ මධ්‍යස්ථානයේ මහාචාර්යවරයෙකු වන මාර්ක් ෆීන්බර්ග් විසින් ලියූ කෙටි ලිපියක සඳහන් වනුයේ “රිනාත්මක අදහස් ඇති සොහොයුරු සොහොයුරියන් අතර ඇති සබැඳියාව ආක්‍රමනශීලීත්වයටත්, සමාජ විරෝධීභාවයටත්, සාපරාධී ක්‍රියාවලට පෙලබීමටත්, මත්පැන් වැනි ශරීරයට අහිතකර දේ පාවිච්චියට ගැනීමටත් පෙළබෙන  බවයි.

දෙමවුපියන්ට උපදෙස්

  • දරුවන්සංසංදනයකරන්න එපා. එක එක දරුවාගේ ශක්තීන් කෙරෙහි දෑස් යොමන්න.
  • සෑමදරුවෙක්මවිශිෂ්ටයි. එනිසාසැමටඑකසේසලකන්න
  • නිවසටඉටුවියයුතුයුතුකම්සලකාබලා, ගේ දොර වැඩ සඳහා කාල සටහනක් පිළියෙළ කර ගන්න.     දරුවන්ට කල හැකි වැඩ කොටසක්, දරුවන් අතර බෙදා දෙන්න.  එවිට සෑම ළමයෙකුටම වගකීමක් පැවරේ. මෙනිසා සෑම දරුවෙකුගෙන්ම තම නිවසට ලැබෙන දායකත්වය ඉස්මතු වී පෙනෙයි.
  • සෑමදරුවෙක්සමගම තනි තනියෙන් යම් කාලයක් ගත කරන්න.  එවිට මව හෝ පියා එක එක දරුවා සමග අන්නෝන්න්‍යව සම්බන්ධතාවයක් ඇති කර ගනී.
  • ධනාත්මකශක්තිමත්චර්යාවක්සහක්‍රමවත්හැසිරීම්රටාවක්දරුවන්සමගඇතිකරගන්න. උදාහරණයක්වශයෙන්, ධනාත්මක හැසිරීම් රටාවක් ඇත්නම්, එය සතුටෙන් සැමරිය හැක.
  • දරුවන්අතරඇතිසුළුසුළුආරාවුල්, ඔවුනොවුන්ටම විසඳා ගැනීමට ඉඩ දෙන්න – කුඩා ගැටළු සහ ප්‍රශ්න විසඳා ගන්නා අයුරු දරුවන්ට කියා දෙන්න. මෙය ඔවුන්ට ගෙදරදී වගේම පාසැලේදීත් ප්‍රයෝජනවත් වේවි.

#family #kids #motherfather #happyfamily #Reasonsforthecompetitionbetweenchildren #parentsattitudes

note

You may also like
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වූ පසු
ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නවතමු!
දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද?
ෆේස්බුක් සහ දරුවන්ගේ පුංචි ලෝකය
error: Content Protected © mummypages.lk