Home > දෙමාපිය දැනගැනිම පිණිස > පලමු දරැවාට අවදානය යොමු කරන්න

පලමු දරැවාට අවදානය යොමු කරන්න

mummypages.lk-Tiki-banner

දෙවෙනි දරුවා ලැබෙන්න රෝහලට යන ඔබේ අවධානය වෙනදාටත් වැඩියෙන් පළමු දරුවාට අත්‍යවශ්‍යයි

ඔබ පළමු දරු ප්‍රසූතියෙන් අනතුරුව දෙවන දරුවා බිහි කිරීමට සූදානම් වන මවක් නම් මෙම කාරණා ඔබට ඉතා වැදගත් වේවි. බොහෝ මව්වරුන්ට මහත් මානසික පීඩනයක් ගෙන දෙන කාරණයක් තමයි තමන්ගේ දෙවන දරු ප්‍රසූතියට යන විට පළමු දරුවා රැකබලා ගැනීම බාර කරන්නේ කාටද කියන එක. දෙවන දරු ප්‍රසූතියට දින ළංවත්ම පළමු දරුවා රැකබලාගැනීම පිළිබඳ සැලසුම් කිරීම ඉතා වැදගත්. එසේ නොවුණහොත් එය ඉතා විශාල ගැටලු රාශියකට මුල පිරීමක් විය හැකියි. දරුවා සමග බෙහෙවින් සමීපව සිටි නිසා ඔබ නොමැති වීම දරුවාට තදින් බලපාන නිසාම රෝහල්ගත වීමට ප්‍රථම මේ කරුණු පිළිබඳව සැළකිලිමත් වන්න.

■ පළමු දරුවා ආදරයෙන් බලාගැනීමට වගේම දරුවාට ඔබගේ අඩුව නොදැනෙන්නට විශ්වාසවන්ත නෑදැයෙකුගේ සහය ලබාගැනීමට කටයුතු කරන්න.

■ ඔබ නිවසින් පිටත්ව සිටන කාලසීමාව තුළ දරුවාට ඔබෙන් ලැබෙන ආදරය හා සමාන ආදරයක් නොඅඩුව ලබාදීමට හැකි අයෙකු තෝරාගන්න. (ඔබේ මව හෝ ඔබේ සහෝදරියක් නැත්නම් ඔබේ ස්වාමිපුරුෂයාගේ මව හෝ ඔහුගේ සහෝදරියක්)

■ දරුවාගේ දින චර්යාව හා කෑම පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න.

■ දරුවාට අවශ්‍ය ආදරය මෙන්ම උපරිම ආරක්‍ෂාව පිළිබඳවත් අවශ්‍ය විධිවිධාන සැලසුම් කරන්න

දෙවන දරු උපතට දින ළංවත්ම ඒ පිළිබඳව පළමු දරුවාට වටහා දීමට උත්සාහ ගන්න.“මම හොස්පිට්ල් එකට ගිහින් මගෙ පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි අරන් එන්නම්. පුතා ලෑස්ති වෙලා ඉන්නකො බබාව බලන්න. අම්මා එනකන් ආච්චි එක්ක හොඳ ළමයෙක් වගේ ඉන්න ඕනේ.” එවිට දෙවන දරුවා ගෙදරට එන විට තමන්ගේ නංගී හෝ මල්ලී පිළිගැනීමට ඔබේ පළමු දරුවා සූදානම් වේවි. ඒ වගේම “නංගී/මල්ලී බලාගැනීම කළ යුත්තේ ඔබ තමයි”යනුවෙන් දරුවාට පවසන්න. එවිට දරුවා නංගී/මල්ලී ගෙදරට පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා ඉඳීවී. ආසාවෙන් ඇය හෝ ඔහු වැළඳගනී. යම් යම් සුළු ගැටලු ඇති වීමට ඇති ඉඩ ප්‍රස්ථා මේ මගින් ඇහැරී යනු ඇත. මන්ද නංගී/මල්ලී ගෙන එන්නේ ඇයට/ඔහුට බව ප්‍රකාශ කිරීම තුළින් දරුවා තුළ ඊර්ෂ්‍යාව හටගැනීම වැළකෙනු ඇත. අලුත් නංගීගේ හෝ මල්ලීගේ වගකීම තමන්ගේ බව පුංචි සිතට ඔවුන් තේරුම් ගනු ඇත. නැතිනම් අලුත් දරුවාට කිරි පොවන විට, අලුත් දරුවා නිදි කරන විට ඔවුන් සිතන්නේ අම්මා දැන් තමන්ට ආදරේ නෑ කියාය. අලුත් නංගී/මල්ලී බලාගැනීම පළමු දරුවාගේ වගකීමක් බවට ඔහුට/ඇයට ඒත්තු ගැන්වීමෙන් කුඩා කළ සිටම වගකීම් බාරගැනීමට දරුවා හුරුවනවා මෙන්ම තම මවට උදව් කිරීමට හැමවිටම උත්සාහ කරනු ඇත.

KEYWORD:
#firstchild #newbornbabyandotherchild #motherlove #sinhalaarticleinsrilanka

note

You may also like
බබාගේ වැඩීම සහ වැදගත් සිද්ධීන්
පශ්චාත් ප්‍රසව ආතති තත්ත්වයක ඇති වීමට පසුබිම් විය හැක කරුණු.
ප්‍රසුතියේ නිලාරම්භය
දරු ප්‍රසුතිය සඳහා ලැහැස්ති වීම
error: Content Protected © mummypages.lk