ඔබේ දරු ගැබට සති 37 සම්පූර්ණ වීමට පෙර, ඔබට දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීමට සිදු වේනම්, එය “නොමේරූ දරු ප්‍රසූතියක්” ලෙස හඳුන්වනු ලැබේ. මෙම අවස්ථාවේදීද, ඔබේ දරු ගැබ සම්පූර්ණ වීමෙන් දැනෙන ප්‍රසූති වේදනාවේ ලකුණුම දැනගැනීමට ලැබේ.
ඔබ දරුවන් එක් අයෙකුට වඩා (නිවුන්නු හෝ තුන් නිවුන් දරුවන්) බලාපොරොත්තු වේනම්, ඔබට නොමේරූ දරු උපතක් සිදු වීමට වැඩි ඉඩකඩක් ඇත. බොහෝ නිවුන් දරුවන් ඉපදෙන්නේ සති 37කින් වුවත්, තුන් නිවුන් දරුවන් සති 33ක් වැනි කාලයකදී බිහි වේ.
ඔබට නොමේරූ දරු උපතක් සිදු වේනම්, බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?
- ඔබ නොමේරූ දරු ප්‍රසූතියක ඉඟියක් දැනේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයාට හෝ වින්නඹු මාතාවට කතා කරන්න.
- එවිට ඔබේ වෛද්‍යවරයා, ඔබට දරු ගැබේ සංකෝචන ක්‍රියාවලිය තාවකාලිකව නැවැත්වීම සඳහා ඖෂධයක් ලබා දී, ස්ටේරොයිඩ් (steroid) එන්නතක් දෙනු ලැබේ. එය ලබා දෙන්නේ ඔබේ නොමේරූ දරු උපතේදී සිදුවිය හැකි අවදානම (ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්න හෝ රුධිරය වහනය වීම වැනි) අඩු කිරීම සඳහායි. ස්ටේරොයිඩ් එන්නත ශරීරය තුළ ක්‍රියාත්මක වීමට පැය 24ක කාලයක් ගතවේ.
- ඔබේ දරුවා නිසි කාලය සම්පූර්ණ වීම පෙර ඉපදෙන ලකුණු තිබේ නම්, ඔබ ඇතුලත් විය යුත්තේ නොමේරූ දරු උපත් සඳහා අවශ්‍ය පහසුකම් ඇති ආරෝග්යශාලාවකටයි (එනම් නවජ හෙවත් අලුත උපන් ඒකකයකටයි – Neonatal Unit). ඔබ තෝරාගත් ආරෝග්‍ය ශාලාවේ එම පහසුකම් නැතිනම්, දරු උපතට පෙර හෝ උපත සිදු වූ වහාම ඔබව, එවැනි පහසුකම් සහිත ආරෝග්‍ය ශාලාවක් වෙත යවනු ලැබේ.
KEYWORDS :
#pregnancytime #pregnancyarticleinsrilanka #pregnancypain #duringpregnancy #pregnancycare #sinhala articleinsrilanka