රුවනි කෑම පෙට්ටි හතර ලැහැස්ති කරන අතර තුර, ඇගේ සැමියාට අද තේ වෙනුවට කෝපි අවශ්‍ය බව ඇයට මතක් උනා.  ඇය වෙලාව බැලුවා.  දැන් වෙලාව උදේ 6යි.  “පුතා, දුව, ලැහැස්ති උනාද?”  ඇය අද සාරියකින් සැරසිය යුතුයි. මන්ද?  අද විශේෂ පාරිභෝගිකයන් පිරිසක් ඇය හමුවීමට කාර්යාලයට  එනවා.  “අම්මි, හෙට ගුරු දෙගුරු සංගමය තියෙනවා” යැයි ඇගේ දියණිය මතක් කරන විට, ඇය ටිකක් පසු බෑවා.  හෙට ඇගේ ප්‍රධානියාගෙන් උදේ වරුව නිවාඩු ඉල්ලිය යුතුයි.

මෙම සිදුවීම් හරියට නපුරු සිහිනයක් වගෙයි නේද?  සමහරවිට ඔව්, එය ඉතා අමාරු කාර්යයක්!  නමුත්, මේ සෑම දේම හරියාකාරව පාලනය කරගෙන රැකියාව කරන මව්වරුන් ඉතා ප්‍රශංසනීයයි.

ඔබේ මව ජීවිතයේ මේ සෑම දෙයක්ම කල්පනා කාරීව කරගෙන, සමහර විට දරුවන් පස් දෙනෙකුගේ සහ උදව් අවශ්‍ය ස්වාමියෙකුගේ වැඩ කටයුතුත් කරමින් ඉතා විශාල මෙහෙයක් කරයි.  තවද, නිවසේ වැඩ කටයුතුත් කර ගනිමින්, හවස තේ පානයට කේක් හෝ රස කැවිලිත් හදන්නේ කෙසේද?  අසල පිහිටි බේකරියෙන් ඔබේ දරු දෙදෙනාට බනිස් දෙකක් මිළදී  ගැනීම තමයි  කළ  හැකි පහසුම දේ!

ශ්‍රී ලංකාවේ බොහෝ මව්වරුන්, අද රටේ පවතින ආර්ථික ප්‍රශ්න නිසා රැකියාවකට යා යුතු වෙනවා.  එක් ආදායමකින් සියලු වියදම් පිරිමසා ගැනීම අපහසු වෙනවා.  දරුවන්ගේ වියදම්, ක්‍රීඩා වියදම්, පාසැල් ගාස්තු, ටියුෂන් ගාස්තු ආදිය ලොකු ආන්දෝලනයක් වන අතර, ගෙදර වැඩ කටයුතු සමඟ රැකියාවක් කිරීම ඉතා වෙහෙසකාරී දෙයක්.

ශ්‍රී ලංකාවේ රැකියා කරන මව්වරුන්ට උපකාර:

ආච්චි සීයලා –  qqqqඅද කාලයේ ආච්චි සීයලාගෙන් ලැබෙන උපකාර කියා නිම කල නොහැකියි. දරුවන් බලා ගැනීම, ඔවුන් පාසල් එක්ක යාම සහ නිවසට ගෙන ඒම, තාවකාලික ආරක්ෂකයින් වීම වැනිදේ ඉතා අගනේය. ඉතාම විශ්වාසනීය උපකාරකයන් වන්නේ ඔවුන්ය.

මෙහෙකරුවන් qqqqqඔවුන්ගේ අවංකභාවය ගැන පරීක්ෂා කරන්න. ඔවුන් දරුවන් කෙරේ ආදරයක් සහ දරුවන් නිසි ලෙස බලා ගනීදැ’යි විශ්වාසයක් තිබිය යුතුය.  ඔබ පිටත සිටින විට, දරුවන්ගේ එකම                                                                                                            ආරක්ෂකයා වන්නේ ඔවුන්ය.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන delivery-clipart-daycare-van-500417-1513767ශ්‍රී ලංකාවේ රැකියාවල නියුතු මව්වරුන්ට ඉතාම සුදුසු ස්ථානයි. ඔවුන් බබාගේ වයස අවුරුදූ 1-1/2 සිට බලා ගනී.  උදේ  සහ දිවා  ආහාරය සැපයීම, බබා නිදි කරවීම, පාසැල් යන ළමුන්ගේ ගෙදර වැඩ ආදිය කර දෙමින් ළමුන් ඉතා ආරක්ෂිතව බලා ගනී.  ඒවායේ කීර්ති නාමය සොයා බලන්න.  ඉතා කල්පනාකාරීව හොඳ, ගැලපෙන ස්ථානයක් තෝරා ගන්න.

 

 

 

KEYWORS : #mothercare #motherandchildren #daycare #servants #grandparents

note

You may also like
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
උඩු අතට නිදාගැනීම ගර්භණී කාලයේදී සුදුසු නොවන්නේ ඇයි ?
error: Content Protected © mummypages.lk