Home > ගර්භනී > නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්

නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්

ප්‍රශ්න වලින් තොර, සෞඛ්‍ය සම්පන්න ගර්භනී අවස්ථාවක් ගත කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ මව්වරුන් යම්කිසි අන්දමක කැපකිරීමක් කළ යුතු වේ.  ඒ සඳහා සමහර අහිතකර ආහාර වලින් වැළකිය යුතුය.  එය මවට සහ කළලයට  ආරක්ෂාව සපයනු ලැබේ.

ශ්‍රී ලාංකික ගර්භනී මව්වරුන් පහත සඳහන් ආහාර වර්ග වලින් වැළකීම බබාට සහ මවට ගුණදායකය.  Pregnant women – http://en.wikipedia.org/wiki/Pregnancy

  • අන්නාසි මෙහි ඇති බ්‍රෝමලින් එන්සයිමය නිසා ගැබ් ගෙල හා සම්බන්ධ මස්පිඬු ලිහිල් වීම නිසා දරු ප්‍රසූතිය ඉක්මන් වීම සිදුවිය හැක. මෙම හේතුව නිසා, ශ්‍රී ලාංකික මව්වරුන් ගර්භනී අවධිය පුරා අන්නාසි ආහාරයට ගැනීමෙන් වැළකීම යෝග්‍යය.
  • ගස්ලබු මෙම පලතුර ශ්‍රී ලාංකික ගර්භනී මව්වරුන්ට එතරම් ගුණදායක නොවේ. මෙම පලතුර ආහාරයට ගැනීමෙන් ගබ්සා වීම්  සිදුවීමට ඇති හැකියාව වැඩි බව ප්‍රචලිත කරුණකි.  abortifacient – http://en.wikipedia.org/wiki/Abortifacient  ස්වල්ප වශයෙන් ආහාරයට ගැනීම එතරම් අහිතකර නොවන නමුත්, එහි ක්ෂීරය විශාල වශයෙන් අන්තර්ගත වන හෙයින්, ගබ්සාවීම් සහ ප්‍රසූතිය ඉක්මන් වීමට ඉඩකඩ ඇත.  මෙම ක්ෂීරය යනු එන්සයිමයකි. එයින් ගර්භාෂය හැකිළීම ආදිය ඇති විය හැකිය.     uterine contractions – http://en.wikipedia.org/wiki/Uterine contraction.  එමනිසා ශ්‍රී ලාංකික මව්වරුන් මෙම පලතුර ආහාරයට ගැනීමෙන් වැළකීම බබාට සහ මවට ගුණදායකය.  Pregnancy – http://en.wikipedia.org/wiki/Pregnancy
  • මාළු වැඩි වශයෙන් රසදිය අඩංගු මාළු වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.  මෝර , තලපත්, කුම්බලාවා, බල, කෙලවල්ලා සහ ටින් මාළු ආහාරයට ගැනීමෙන් සම්පුර්ණයෙන් වළකින්න.  ජපන් ආහාරයක් වන සුෂී වැනි දේද, ආහාරයට ගැනීමෙන් වළකින්න.  මෙම ආහාරය පිළියෙළ කිරීමේදී, මාළු යොදා ගැනේ.
  • හොඳින් පිස නොමැති මස් වර්ග හොඳින් පිළියෙළ නොකළ මුහුදු ආහාර වන ඉස්සන්, කකුළුවන්, දැල්ලන් සහ මස් වර්ග වන හරක් මස්, කුකුළු මස් වැනිදේ ද, ආහාර සඳහා නුසුදුසුය. Toxoplasmosis – http://en.wikipedia.org/wiki/Toxoplasmosis සහ coliform bacteria – http://en.wikipedia.org/wiki/Coliform_bacteria සහ Salmonella  – http://en.wikipedua.org/wiki/Salmonella.  මස් වර්ග අනුභවයෙන් තොරවීමෙන් අනවශ්‍ය ආහාර විෂවීම්, රුධිර විෂවීම් ආදියෙන් වැළකී සෞඛ්‍ය සම්පන්නව සිටිය හැක.
  • බිත්තර හොඳින් නොපිසූ, අමු බිත්තර ආදියෙහිද බැක්ටීරියා ක්‍රියාකාරිත්වය ඇතිවිය හැකි බැවින්, අමු, හොඳින් නොපිසූ හෝ නරක් වූ බිත්තර ආහාරයට ගැනීම නුසුදුසුය.
  • චීස් – නරක් වූ චීස් Listeria – http://en.wikipedia.org/wiki/Listeria මෙම නරක් වූ චීස්වල බැක්ටීරියා ඇති බැවින් එමඟින් ගබ්සා වීම් සහ රුධිර විෂවීම් ඇතිවිය හැක. miscarriage – http://en.wikipedia.org/wiki/Miscarriage. ගර්භනී මව්වරුන්ට නුසුදුසු චීස් වනුයේ බ්‍රී (Brie), ෆෙටා (Feta), ගෝගොන්සලා (Gorgonzola), කැමෙම්බර්ට් (Camembert ) සහ රොක්ෆෝර්ට් (Roquefort) යනාදියයි.
  • අර්ධ වශයෙන් විෂබීජ නැසූ කිරි අර්ධ වශයෙන් විෂබීජ නැසූ කිරි වලද, නොමැරී පවතින නොයෙකුත් විෂ සහිත බැක්ටීරියා ඇති බැවින්, එම කිරි ගර්භනී මව්වරුන්ට පාවිච්චියට නුසුදුසුය.  නමුත්, හොඳින් විෂබීජ නැසූ කිරි ගර්භනී මව්වරුන්ට අත්‍යවශ්‍ය ආහාරයකි.  එයට හේතුව එහි වැඩි ප්‍රමාණයක් කැල්සියම් අන්තර්ගතවන හෙයිනි.
  • මස් වලින් හැදූ තලප විශේෂ සමහර ගර්භනී මව්වරුන්ට මේවා ආහාරයට ගැනීමට විශේෂ ආශාවක් ඇතිවේ. නමුත් මෙම ආහාර වර්ගවල නොයෙකුත් විෂ සහිත බැක්ටීරියා ඇති හෙයින්, මෙවැනි ආහාර වලින් ගර්භනී මව්වරුන් ඉවත් විය යුතුය.
  • කැෆේන් අඩංගු ආහාර/දියර වර්ග මේවා පරිභෝජනය කිරීමේදී සීමාව ඉක්මවා නොයා යුතුයි. විශේෂයෙන් කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර වර්ග, බීම වර්ග ආදියෙන් වැළකී සිටීම මවට සහ කළලයට ගුණදායකය. එයට හේතුව, කැෆේන් නිසා ගබ්සාවීම් ඇතිවිය හැකි බැවිනි.
  • හොඳින් පිරිසිදු නොකළ එළවලු  ඇත්තෙන්ම, ගර්භනී මව්වරුන්ට අත්‍යවශ්‍ය ආහාරයක් වනුයේ, නැවුම් එළවලු සහ මැල්ලුම් ආදියයි.  නමුත් ඒවා ආහාරයට පිළියෙළ කරගැනීමේදී හොඳින් සෝදා පිරිසිදු කිරීම අවැසි කාරණයකි. ඒවා සෑදෙන පසේ නොයකුත් විෂබීජ තිබිය හැකිය.  එමනිසා ඒවා හොඳින් පිරිසිදු කර ගත යුතුයි.  තවද, ගර්භනී මව්වරුන්  මුල් කාලය තුළ කතුරුමුරුංගා ආහාරයට නොගත යුතුයි.  Kathuru murunga – http://en.wikipedia.org/wiki/Sesbania _grandiflora.  මෙයද ගබ්සාවන්ට ඉවහල් විය හැකි පලා වර්ගයකි.

නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට නම් සමතුලිත ආහාර අත්‍යවශ්‍ය වේ.  කෙසේ නමුත්, නුසුදුසු  ආහාර වලින් වැළකී, සුදුසු ආහාර පමණක් ගැනීමට ගර්භනී මව්වරුන් වග බලා ගත යුතු වේ!

#pregnantmother #Pregnantwomen #pregnancywomen #pregnancytime #pregnancypain #pregnancymotherinsrilanka #pregnancymother #pregnancyfood# pregnancycheckup #Pregnancyfoodcare #pregnancyarticleinsrilanka #Pregnancy #Healthyfood

note

 

You may also like
Ready For Delivery With My Bounty Bags
Physical Changes During Pregnancy
Perspective Of The Whole Nine Months
සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?
error: Content Protected © mummypages.lk