Home > ගර්භනී > නීරෝගිමත් මවක් නීරෝගිමත් දරුවෙකු බිහි කරයි.

නීරෝගිමත් මවක් නීරෝගිමත් දරුවෙකු බිහි කරයි.

චාන්දනී තම විලාප දෙන බබාව අතට ගත්තේ අනෙක් පියයුරෙන් මවුකිරි දීමටයි. නමුත්, නැවත බබාට දීමට කිරි නොමැති බව ඇයට දැනුනා. ඇයට මහන්සි දැනුනා වගේමකලකිරීමක් ඇති උනා.  ළදරුවා බඩගින්නෙන් සහ තරහින් කෑ ගහනවා.  ඇගේ රාත්‍රී ආහාරය ගත්තේ නැති බව,  චාන්දනීට දැනුනේ ඇගේ උදරය කෑ ගසන බව දැනුන විටයි.

ගර්භනී භාවයට පසු ලබා ගන්නා ආහාර  මෙය ඉතා වැදගත් කාරණාවකි. මව ආහාර ගැනීම අතපසු කළහොත්, දරුවාත් මවත් අසනීප වන බව මතක තබා ගන්න.

දරුවාට මව්කිරි දෙන විට පෝෂණය

ශ්‍රී ලංකාවේ කිරි දෙන මව්වරුන් තම බබාලාට කිරි දෙන කාලයේ, ඔවුන්ගේ ආහාර වේලට කැලරි ප්‍රමාණය වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මෙය බබාලාට හය මසක් ගතවන තෙක් ලැබෙන පලවෙනි සහ එකම පෝෂ්‍යදායක ආහාරයයි. දරුවාට ලැබෙන පෝෂණය මව ලබා ගන්නා  පෝෂණය  මත යැපේ.

කිරි දෙන මව්වරුන්ට පෝෂ්‍ය දායක ආහාර අත්‍යවශ්‍ය වන්නේ මන්ද?

  • මෙම පෝෂණය මවට සහ බබාට බෙදා හැරේ
  • බබාට දීමට කිරි නිෂ්පාදනයට සහ බබා බලා ගැනීමට අවශ්‍ය ශක්තිය මවට ලබා දෙයි
  • බබාගේ ප්‍රතිශක්තිකරණය නියම ලෙසට වැඩීමට උපකාර වේ
  • ගර්භනී කාලයේ සහ ඊට පසු මව ලබා ගන්නා පෝෂණය මත බබාට දෙන කිරි වල ප්‍රමාණය සහ පෝෂණය රඳා පවතී

ගර්භනී කාලයේ සාමාන්‍ය පෝෂ්‍යදායක ආහාර

එළවලු, පලතුරු, මාෂ භෝග, කොළ මැල්ලුම්, මාළු සහ මස් ආදී දෙයින් සමන්විත සමබර ආහාර වේලක්.

ඉහත සඳහන් ද්‍රව්‍ය වල  මවට අවශ්‍ය ප්‍රෝටීන්, මේධය, කාබෝහයිඩ්රේට්, ඔමේගා 3, ඛනිජ වර්ග සහ විටමින්  අවශ්‍ය ප්‍රමාණයට අඩංගු වේ. පලා වර්ග සහ පලතුරු ඔබේ ගෙවත්තේම වගා කර ගත හැකි බව මතක තබා ගන්න.

ශ්‍රී ලංකාවේ මාතෘත්වයෙන් පසු පෝෂණය රතු බත්, කුඩා මාළු (කටු සහිත), මස්, මැල්ලුම්, පරිප්පු, එළවලු සහ පලතුරු වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම අවශ්‍ය වේ.  මේ සෑම දෙයක්ම අපේ නිවර්තන දේශගුණික රටේ ඇති දේවල්ය.

හිතකර ආහාර රටාවක් අනුගමනය කරන්න පෝෂණය පිලිබඳ වෛද්‍ය වරයෙක්ව හමුවී, මවට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර වට්ටෝරුව පිලිබඳ දැනුවත් වන්න.  අවශ්‍ය කැලරි ප්‍රමාණය ඇතුළු පෝෂ්‍යදායක ආහාර  සහ වැඩි ප්‍රමාණයක් ජලය බීමට පුරුදු වන්න.

මඟ හරින්න ශ්‍රී ලංකාවේ බබාලාට කිරි දෙන මව්වරුන් දුම් බීම, මත් ද්‍රව්‍ය පානය, කැෆේන් නම් රසායනය සහ සැර බෙහෙත් වර්ග පානය මඟ හරින්න. රසදිය රසායනය වැඩි ප්‍රමාණයක් ඇති මාළු කෑමට ගැනීමෙන් වළකින්න.  කුඩා කටු සහිත මාලු ඉතා අගනේය.  නොසෝදා ගන්නා එළවලු සහ පලතුරු වල නොයෙකුත් විෂබීජ තිබිය හැක.  එය මවගේත්, බබාගේත් සෞඛ්‍යයට අහිතකර වේ.  කල් ගත වූ (පරණ වූ) මාළු, හොඳින් නොතැම්බු සහ පරණ වූ බිත්තර, නියමිත අයුරින් ආරක්ෂා සහිතව නොතැබූ චීස් ආදී දේවල ක්ෂුද්‍ර ජීවීන් නිසා මවත් දරුවාත් රෝගීවිය හැක.

අතිරේක ආහාර –  ඔබ බෙහෙත් වර්ග, පුද්ගලික හෝ ආගමික හේතු නිසා,  ආහාර පිලිබඳ යම් සීමා පනවා ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා  හමුවී අතිරේක විටමිනයක් ලබා ගන්න  සහ කැල්සියම්මො ළයේ වැඩීමට ඉතා අත්‍යවශ්‍ය වේ.  ඉහත සඳහන් දේ බබාගේ ශරීරයේ ඇති නිෂ්පාදනය නොවෙන  බැවින්, මවගේ කිරි වලින් බබාට මේවා සැපයිය යුතු වේ.   ශරීරයේ අස්ථි වැඩීමට සහ ශක්තිමත් දත් සඳහා කැල්සියම් අත්‍යවශ්‍ය වේ.  තවද, මෙය කිරි නිෂ්පාදනය වීමට සහ මවගේ දිගු කාලීන නීරෝගීතාවයටද, රෝග වලින් ආරක්ෂා වීමටද, මෙය වැදගත් වේ Osteoporosis – http://en.wikipedia.org/wiki/Osteoporosis

බබා පිලිබඳ වැඩි අවධානයක් යොමු කිරීම නිසා, මව තමන්ගේ ශරීර සුඛතාවය පිලිබඳ වැඩි තැකීමක් නොරයි.  කෙසේ නමුත්, ඔබේ පෝෂ්‍යදායක ආහාර සහ නීරෝගිතාවය මත ඔබේ දරුවාගේ වැඩීම සිදුවෙන බව අමතක කරන්න එපා.

ඔබේ ශක්තිමත් භාවය නිසා, ඔබේ ශරීරයෙන් බබාට අවශ්‍ය කිරි නිරන්තරයෙන් නිපදවීම සිදුවීමත්, අසනීප වලින් වැළැක්වීමත් සඳහා පෝෂ්‍ය දායක ආහාරයක් ඉතා අවශ්‍යය.  ශ්‍රී ලංකාවේ මිළෙන් අධික අතිරේක ආහාර වර්ග වලට වඩා අපේ රටේ නිපදවෙන ආහාර වලින් කිරි දෙන මව්වරුන්ට අවශ්‍ය දේ ලබා ගත හැක.

#nutritionafterpregnancy #nutritionandpregnancy #nourishingwhenfeedingtothechild #normalnutritionalmealsofpregnancy

note

error: Content Protected © mummypages.lk