Home > අධ්‍යාපනය > නිවස දරුවාගේ පළමු පන්ති කාමරයයි

නිවස දරුවාගේ පළමු පන්ති කාමරයයි

ඔබ ඔබේ දරුවාගේ පළමු පාසැල් ගුරුවරියයි.  එමෙන්ම,  ඔබේ නිවස දරුවාගේ පළමු පන්ති කාමරයයි.  දරුවන් ඉක්මනින් ඉගෙනීමට පෙළඹේ.  එමනිසා විශේෂඥයින්ගේ අදහස වන්නේ දරුවන්ට නොයෙකුත් දේ පිළිබඳ දැනුම ලබා ගැනීමට දෙමව්පියන් උපකාර කළ යුතු බවත්, ඔවුන්ගේ කුතුහලය ඔස්සේ නොයෙකුත් නව දේවල් සොයා ගැනීමට ඔබේ නිවස දරුවන්ට මොන්ටිසෝරි පාසැලක් කළ යුතු බවත්ය.     . ඔබේ දරුවාගෙන් නොයෙකුත් දෑ සම්බන්ධ ප්‍රශ්න අසන්න.  එවිට ඔවුන් තම ලෝකය අවට ඇති දේවල් ගැන සිතන්නට පටන් ගනී.  දරුවන්ට ඉගෙනීමට සහ අභියෝග වලට මුහුණ දීම සඳහා, ඒ හා සම්බන්ධ සෙල්ලම් බඩු ලබා දෙන්න.  ඔවුන්ට අධ්‍යාපනයේ අගය සහ අක්ෂර පිලිබඳ උදාහරණ සහිතව කියා දෙන්න

ශ්‍රී ලංකාවේ නිවසේ ඉගැන්වීම, පළවෙනි වතාවට දෙමව්පියන් වූවන්ට තවමත් අළුත් දෙයකි.  නිවසේ ඉගැන්වීම සම්බන්ධයෙන් බොහෝ කරුණු ඇති අතර, එය පටන් ගත යුත්තේ කොතනින්ද, කුමන ආකාරයටද යන්න දැන ගැනීම මඳක් අමාරු කාර්යයක් විය හැක.

ඔබ  තම නිවසේදී ඔබේ දරුවාට මොන්ටිසෝරි අධ්‍යාපනය පටන් ගැනීමට කැමති නම්, මෙන්න ඒ සඳහා වැදගත් උපදෙස් කිහිපයක්:

  • මොන්ටිසෝරි ක්‍රමය පිලිබඳ දැනුවත් වෙන්න මොන්ටිසෝරි ක්‍රමය පිලිබඳ දැනුවත් වීමට නම්, අන්තර්ජාලයේ ඒ සඳහා නොයෙකුත් දේවල් ඉගෙනීමට ඇත.  මොන්ටිසෝරි ක්‍රම පිළිබඳ ඇති හොඳ පොත් කියවන්න.  මොන්ටිසෝරි ක්‍රමයේ ඇති ප්‍රායෝගික පැත්ත දැන ගැනීමට, මොන්ටිසෝරි පාසැලකට ගොස් ඒ පිලිබඳ දැනුවත් වන්න.
  • මෙම ක්‍රමය දරුවාට ගැළපෙන ආකාරය පිලිබඳ විමර්ශනයක් කරන්න නිවසේ මොන්ටිසෝරි ක්‍රමය ඔබේ දරුවාට සහ පවුල් පසුබිමට ගැලපේදැ’යි විමර්ශනයක් කරන්න. පහත සඳහන් ප්‍රශ්න පිලිබඳ අවධානය යොදන්න  :
  • නිවසේ පාසැල් අධ්‍යාපනය පටන් ගැනීම සම්බන්ධයෙන් ඔබේ අභිමතාර්ථය කුමක්ද?
  • ඔබේ දරුවාගේ ඉගෙනීමේ ක්‍රියාවලිය කුමක්ද?
  • ඒ සඳහා ලොකු මුදලක් වැය වේද?
  • මම දරුවන් කී දෙනෙක් සඳහා මෙම ක්‍රමය අනුගමනය කරනවාද?
  • මගේ ජීවන ක්‍රමයට මෙම ක්‍රමය ගැලපේද?
  • ඔබේ සිතැඟියාව මත සිටින්න ශ්‍රී ලංකාවේ නිවසේ මොන්ටිසෝරි ඉගැන්වීම පටන් ගැනීම නව ක්‍රමයක් වූවත්, මුලින්ම එක පියවරක් ඒ සඳහා තබන්න.  මෙම ක්‍රමය නොනවත්වා කරගෙන යාමට නම්, ඔබේ මහත් ආශාව සහ උවමනාව තිබිය යුතු වේ.  මොන්ටිසෝරි ජීවන ක්‍රමය පිළිබඳ දැනුවත් වීමට, ඒ පිළිබඳ සොයා බලන්න, පරීක්ෂා කරන්න, දරුවාගේ මේ පිළිබඳ ඇති උනන්දුව ගැන සොයා බලා, ක්‍රමයෙන් මෙම ක්‍රියාවලිය තම එදිනෙදා වැඩ කොටසට එක් කරගෙන, දරුවන්ට ඒ පිලිබඳ සංවේදී අත්දැකීමක් ලබා ගැනීමට සලස්වන්න.    ඉන්පසු ක්‍රමයෙන් මොන්ටිසෝරි අධ්‍යාපනයේ ඇති පරිදි, දිනපතා නිවසේ උපයෝගී කර ගන්නා ද්‍රව්‍ය යොදා ගෙන ක්‍රියාකාරී අත්දැකීම් දරුවාට ලබා ගැනීමට සලස්වන අතර, තම පවුලේ අනෙකුත් සාමාජිකයන්වද මේ සඳහා සම්බන්ධ  කර ගන්න.  මුලින්ම දවසෙන් විනාඩි 30ක් පමණ මේ සඳහා කැප කර, ක්‍රමයෙන් විනාඩි 15 – 30ත් අතර කාලයක් සතිය තුළ වැඩි කරන්න.
  • පරිසරය සකසන්න නිවස ඉගෙනීම සඳහා හරියාකාරව සකසන්න.  ඉගෙනීම සඳහා වෙනම කාමරයක් වැනි ස්ථානයක් යොදා ගන්න.  එම ස්ථානය ඉගෙනීමට අවශ්‍ය උපකරණ, පින්තූර සහ දැන්වීම් ආදිය දමා ලස්සනට දරුවාගේ හිත ඇදී යන පරිදි සකසා ගන්න.
  • ඔබේ දරුවා පිලිබඳ දැනුවත් වන්න දරුවාගේ සියුම් හැඟීම් පිලිබඳව සහ ඔවුන් වඩාත් කැමති කුමන ආකාරයේ  ක්‍රියාකාරකම් සහ ඉගෙනීම් පිළිබඳවද යන්න විමර්ශනය කරන්න.  ඔවුන්ව අනවශ්‍ය අයුරින් දැඩිව ඒ සඳහා යොදවන්න උත්සහ කරන්න එපා.
  • නිවසේ තැනූ ඉගෙනීම් උපකරණ නිවසේ එදිනෙදා  අවශ්‍ය වන ද්‍රව්‍ය වන කෝප්ප, හැඳි, අඬු, මැටි බඳුන්, මැනීමට යොදා ගන්න භාණ්ඩ, ඇලුමිනියම් භාණ්ඩ සහ පොල්කටු ආදී දේ යොදා ගන්න.  සායම් පෙවීමට, අරින වහන අයුරු කියා දීමට, විසිතුරු කාඩ් පත් සෑදීම ආදී දෙයට, කාඩ්බෝඩ් පෙට්ටි ඉතා යෝග්‍ය වේ.  ශ්‍රී ලංකාවේ මොන්ටිසෝරි පාසැල් ද, මෙම ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගෙන ළමුන්ට නොයෙකුත් ක්‍රියාකාරකම් කරවනු ලැබේ.

නිවසේ මොන්ටිසෝරි අධ්‍යාපනය පටන් ගැනීම විශාල කර්තව්‍යක් වුවත්, ඔබට මෙහිදී දරුවාගේ මුල් අධ්‍යාපනයට යම් පමණක සහයක් ලබා දීමෙන්, ඔබේ දරුවාට එයින් කුමන අන්දමේ ප්‍රයෝජනයක් ලැබේදැ’යි දැන ගත හැකිය.

#thehouseisthefirstchildrenssroom #kidseducationmethod #preschool

note