Home > අලුත උපන් ළදරැවා > නිවස තුළ ළමා ආරක්ෂාව සැපයීම

“මගේ 13න් හැවිරිදි පුතා ගිනි කූරු එක්ක සෙල්ලම් කරන්න හරිආසයි; ඔහු ඉතාම ආසාවෙන් කුමන හෝ ප්ලාස්ටික් කෑල්ලක් අසුවූවොතින් එය ගින්දරින් පුච්චනවා. කුඩා ළමුන් අනතුරුවලට භාජනය වීමට වයස බලපාන්නේ නැහැ”.

ලංකාවේ කුඩා ළමුන්ව අනතුරුවලින් ආරක්ෂා කරගැනීම කුඩා කාලයේ සිටම කළයුතුයි. තවම දත්වත් ඇවිත් නැති බබා, ඔබ නිවසට ගෙන ගියවිට, ඔහු/ඇය ඔබේ අවධානය ඉල්ලා සිටිනවා පමණක් නොව, ඔහුව/ඇයව අනතුරුවලින් මුදවාගැනීමටත් ඔබේ සැළකිල්ල ඉල්ලා සිටී.

මෙම ලිපිය ඔබ නොසැලිකිලිමත් මවක් හෝ පියෙක් හැටියට හංවඩු ගසනවා කියා මොහොතකටවත් සිතන්න එපා.  මෙමඟින් ඔබව 100% ක්මදැනුවත්කර, අනතුරුදැන්වීමේ සංඥාවක් ලබාදෙනවා පමණයි.

නිවසේදී ඔබේ දරුවාට අනතුරු සිදුවන්නේ කෙසේද?

බොහෝ මව්වරුන් ඔවුන්ගේ දෑස් හකුළුවා,  ඔවුන්ගේ බබාලාට නිවසේදී සිදුවූ අනතුරු සම්බන්ධ බොහෝ කතාන්තර කියාවි. එනම්, කුඩා කනිෂ්ක, ඔහු සුපර්මෑන්  (superman) යයි සිතා නිවසේ උඩතට්ටුවේ සිට බිමට පැන්නේ කෙසේද, එසේ නොමැතිනම්, රුවන් බබා ලොකු රතු බොත්තම ටොෆියක්යයි සිතා ගිල්ලේ කෙසේද? ඔව්, ඇත්තෙන්ම, ඔබ මෙවැනි ආපදාවලින් තම දරුවා බේරාගැනීමටනම්, අතිශ්‍රේෂ්ඨ මවක් වියයුතුමය.

නිතරම ඇතිවියහැකි පොදු අනතුරුනම්:

වැටීම් –  ශ්‍රී ලංකාවේ සාමාන්‍යයයෙන්  40%කට වඩා ඇතිවන අනතුරුවන්නේ වැටීම්ය.

වැඩිහිටි අවධානයෙන් තොරවූ බබා, ඇඳෙන් බිමට වැටීම, තොටිල්ලෙන් හෝ සෙල්ලම්කිරීමට බබාව තබන කොටුවෙන් උඩට නැඟ, ඉන් බිමට වැටී ඔළුව තදින් බිම වැදීම් ආදිය සිදුවේ.  ඇවිදීමට පුරුදු වන බබා, පුටු මේස මත නැඟී හෝ සඳලුතලයේ සිට බිමට වැටීමට හැක.

තනියම නිදාගන්න බබාලා, ඇඳෙන් පෙරළී හෝ රසවත් කෑමක්, කෑම ගබඩාවේ ඇති රාක්කයෙන් ගැනීමට ගොස් වැටිය හැක.  ඔබේ බබාගේ නිමක් නැති අනතුරු ගැන සිතන්න.

වැටීම්වලින් වළක්වාගන්න

  • කුඩා දරුවාව ගැටගසා තබන්න එපා!
  • බබාගේ ඉණවටා ඔතන රෙදිකඩ (නැප්කිනය) මාරුකරන අවස්ථාවේදී, ඇඳ හෝ මේසය මත අවධානයකින් තොරව තනියම දමායන්න එපා.
  • පුටුමේස, සඳලුතලයේ (බැල්කනියේ) හෝ ජනෙල් අසළ තබායන්න එපා
  • පඩි පෙළවල්වල පහළ සහ ඉහළ මාලයේ හොඳින් වැසියහැකි ගේට්ටු දමන්න.
  • පඩිපෙළවල් මත සෙල්ලම්බඩු තබන්න එපා; පඩිපෙළවල් හොඳින් ආලෝකමත් කරන්න.

බෙල්ල හිරවීම, හුස්ම හිරවීමබබාලාට නිතර සිදුවියහැකි අනතුරකි.

  • බොත්තම්, රටකජු, ඕඩිකොලොන්, ජිල්බෝල, කුඩා (කටේ දැමිය හැකි) සෙල්ලම් බඩු සහ කුඩා ආභරණ ආදිය බබාට අතට අසුවන ස්ථානවල තබන්න එපා.
  • කුඩා දරුවන්ට නූල්, සීකුවින්ස් වැනි මෝස්‌තර සහිත ඇඳුම් අන්දවන්න එපා. ප්ලාස්ටික් බෑග දරුවාගෙන් ඈත්කර තබන්න.
  • දරුවාගේ වයසට අනුව සෙල්ලම්බඩු දෙන්න. දරුවාව කොට්ටවලින් වටකර තොටිල්ලේ තබා තනිකර යන්න එපා.

පිළිස්සීම්

මගේ අවුරුදු5හේ දරුවා නිතරම මම උයන බඳුනට එබී බලා, “අම්මා මොනවද උයන්නේ?”කියා අහනවා.  නිවසේ කුස්සිය තුළදී කුඩා දරුවන් පිළිස්සීම්වලට බඳුන්වීම නිතර අසන්නට ලැබෙන අනතුරකි.  දරුවන් ආහාර පිසින බඳුන්වලට හැන්ද දමා, මෙම සුවඳ එන්නේ මොනවායින්දැ’යි සොයාබැලීමට උත්සුකවේ.

  • ආහාර පිසීමේදී, එය අවධානයකින් තොරව තබායන්න එපා. කුඩා දරුවෙකුට උණුවතුර බඳුන් රැගෙනයාමට ඉඩ නොතබන්න.  පපඩම් ආදිය තෙල් තාච්චියේ බැඳීමට ඉඩදෙන්න එපා. 
  • ඔබේ දරුවා ඔබේඋකුළ මත සිටියදී, උණුදේවල් බොන්නට එපා!
  • බබාව නෑවීමට උණුවතුර බේසමට දමායන්න එපා. නිතරම මුලින් ඇල්වතුර දමා, එයට උණුවතුර කළවම්කර බබා නෑවීමට අවශ්‍ය  ප්‍රමාණයට මඳ උණුසුම් සහිත වතුර ප්‍රයෝජනයට ගන්න.  මුලින් උණුවතුර දැමුවොත්, සමහරවිට ඔබට ඇල්වතුර දැමීමට අමතකවේවි.

පිළිස්සීම් තුවාලවල පැල්ලම් දරුවාගේ ශරීරයේ ජීවිතකාලය පුරාවට ඉතිරිවේවි.

ආහාර විෂවීමවීදුරු සම්බන්ධ අනතුරුදියේ ගිලීම්පොදු අනතුරු

  • භූමිතෙල්, කෘමිනාශක, පැළෑටිවලට දමන පෝර හෝ බෙහෙත් වර්ග දරුවාට හසුවන මානයේ තබන්න එපා!
  • කුඩා දරුවන් ප්ලාස්ටික් භාජන, කෝප්ප, පිඟන් ආදිය භාවිතා කළයුතුයි. හොඳට තේරෙන වයසට පැමිණෙන තෙක් හැඳි, ගෑරුප්පු වැනිදේ භාවිත කිරීමට දෙන්න එපා. වීදුරු භාණ්ඩ දරුවාට අතපොවන මානයේ නොතැබියයුතුයි.
  • දරුවාට අඟල්2ක ප්‍රමාණයේ වතුරේ වුවද ගිලිය හැක. එමනිසා, බබාව බේසමේ, ගෙවත්තේ ඇති පොකුණේ, නානකාමරයේ දොර අඟුළු දමා නොතැබිය යුතුයි.

නිවසේදී දරුවාගේ ආරක්ෂාව සෑමවිටම තහවුරු කරගතයුතුයි.  එනිසා, විනාඩි 10ක් හෝ දරුවාව තනිකර දමන්න එපා!

නිතරම කල්පනාවෙන්ඉන්න!   සාමාන්‍ය දැනීම ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කරයි!

#foodallergy #babycare #kidscare #babiesmaybeinconstantdanger #babiesfallindown

note

You may also like
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
බාබාට විවිධ ආහාර හඳුන්වා දීම
Protect Your Child’s Head!
When Buying Feeding Bottles
error: Content Protected © mummypages.lk