Home > දෙමාපිය දැනගැනිම පිණිස > නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!

නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!

ඔව්, ඔබට ඒ සේරම ලබා ගත හැකියි!

දරුවන් බලා ගැනීම කාන්තාවකට ඇති පූර්ණ කාලීන රැකියාවක් බව ඕනෑම මවක් මා සමඟ එකඟ වේවි!  කෙසේ නමුත්, ඕනෑම මවක් තම දරුවන් බලා ගැනීම ඉතා සඵල ක්‍රියාවක් බව පිළිගන්නා නිසා, බොහෝ මව්වරුන් දරුවන් බලා ගැනීම සඳහා තම රැකියාව පවා අහිමි කර ගෙන, නිවසේ නතර වීමට තීරණය කරනු ලැබේ.  නමුත්, අද කාලයේ ඇති ආර්ථික ප්‍රශ්න හමුවේ, නිවසේ නැවතී සිටීම එතරම් බුද්ධිමත් ක්‍රියාවක් නොවේ.

නමුත්, මවට ඒ සේරම දේවල් ලබා ගත හැකිද?  ඇත්තෙන්ම, පුළුවන්!  නැඟී එන තාක්ෂණික දියුණුවත් සමඟ ව්‍යාපාර අවස්ථාවන් පැන නැඟී ඇත.  එමනිසා, අමතර මුදලක් සොයා ගැනීම සඳහා නිවසේ සිට වැඩ කිරීමට නොයෙකුත් අවස්ථාවන් දැන් පැන නැඟී ඇත.

  • වෙබ් අඩවියකට කෙටි ලිපි ලිවීම  – ඔබට යම්කිසි ලිවීමේ හැකියාවක් ඇත්නම්, මෙය ඔබට සුදුසු රැකියාවකි.  පොදුවේ යම්කිසි පුවතක් ලිවීමට හැකිය.  ඔබ කැමති විෂයයක් පිළිබඳව, ඔබේ ළමයින් පිළිබඳව, පොත් පිලිබඳව සහ ආහාර ගැන ඔබට ලිවීමට හැකිය.  ඔබ මෙසේ ලිවිම ක්‍රමයෙන් කර ගෙන යාමේදී, සුදුසු අවස්ථාවේදී, ඔබට ඔබේම වෙළඳ පොළක් ඇති කර ගත හැකිය.  ඔබේම බ්ලොග් එකේ යම් ප්‍රචාරක දැන්වීම් දැමීමෙන් ඔබට යම්කිසි මුදලක් උපයා ගත හැකිය.  මෙයින් ඔබ සුළු ව්‍යාපාරිකයෙක් ලෙස සම්බන්ධ විය හැක.
  • කිසිවකට නොබැඳි පුද්ගලයෙක් ලෙස ලිවිය හැක –  කෙටි ලිපි ලිවීම, නොයෙකුත් නිෂ්පාදිත දේ පිළිබඳ  තොරතුරු ලිවිය හැක.  නිවසේ සිට බ්ලොග්ස් ලිවීම කිසි විටක යල් පැන යන විලාසිතාවක් නොවේ.  ඔබට කෝපි කෝප්පයක් පිළියෙළ කරගන්න.  ඔබේ නිවසේ තිබෙන  සැප පහසු පුටුවේ වාඩි  වන්න.  ඉතින් පටන් ගන්න……………!
  • කේක් වර්ග සෑදීම – ඔබට ඉවීමට සහ පැණි රස කෑම සෑදීමේ හැකියාවක් ඇද්ද?  එසේනම්, ඉන් ඔබට අමතර ආදායමක් ලබා ගත හැකිය.  අපි හැමෝම රසවත් ආහාරපාන වලට කැමතිය.  හොඳින්, පිරිසිදුව සහ රසවත්ව සාදන කෑම වලට සරිලන මුදලක් ගෙවීමට අපි කවදත් පසුබට නොවෙමු.  අපිට සෑම වසරකදීම උපන්දින කේක් අවශ්‍ය වේ!
  • උපදෙස් දීම – ඔබට යම්කිසි කර්මාන්තයක් කෙරෙහි විශේෂ හැකියාවක් ඇද්ද?  එසේ නම්, ඒ සම්බන්ධව උපදෙස් ලබා දීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ආර්ථිකය පාලනය කිරීම, මානසික ආබාධ පාලනය, අධ්‍යාපනය හෝ පොදු මාධ්‍යයක් පිළිබඳව ඔබ උත්සාහයෙන් ලබා ගත් දැනුමට සරිලන මුදලක් ගෙවා, ඔබේ සහය ලබා ගැනීමට බොහෝ දෙනා සෑදී පැහැදී ඇත.
  • මනමාලියන් හැඩ ගැන්වීම / විවාහ මංගල උත්සව සැලසුම් කිරීම – විවාහ මංගල්‍ය උත්සව තිබෙන තාක් කල්, අපි සියළු දෙනාටම මනමාලි සහ මනමාලයාවද, ලස්සනට පිළියෙළ කිරීම සඳහා අපට අන් කෙනෙකුගේ සහය අවශ්‍ය වේ.  ඔබ ඉතා හොඳ සැලසුම් කරන්නියක් නම්, හැකියාව ඇත්නම්, ඔබ එම කාර්යභාරයට ඉතා සුදුසු කෙනෙකි.

ඉහත සඳහන් මෙම ක්‍රියාවන් නිසා ඔබට හොඳ මවක් වශයෙන් ලෙස ඇති වගකීම් පැහැර හැරීමක් සිදු වන්නේ නැත.  ඒවායින් ලැබෙන ආදායම ඔබේ නිවසේ ආර්ථිකයට අත්වැලක් වන අතර, ඔබට හොඳ මානසික සුවයක්ද ලබා දෙයි.

ඔබට අතිවිශේෂ මවක් වීමට අවශ්‍යද?  එසේ නම්, මෙන්න හොඳ අවස්ථාවක්!

#mother #housewife #homebasedwork #work #sinhalaarticle #srilankasinhalaarticle #women

note

You may also like
මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාකාරකම්
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
error: Content Protected © mummypages.lk