Home > දෙමාපිය දැනගැනිම පිණිස > නිවසේ වැඩ කටයුතු වලට ඔබේ ස්වාමි පුරුෂයා සහ දරුවන් සහභාගි කරගැනීම

නිවසේ වැඩ කටයුතු වලට ඔබේ ස්වාමි පුරුෂයා සහ දරුවන් සහභාගි කරගැනීම

ඔබට දරුවන් ලැබීමට පෙර, ඔබේ නිවස පිරිසිදුව සහ පිළිවෙළට තබාගැනීම ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි.  නමුත්, ඔබට දරුවන් ලැබුණු පසු, නිවසේ සිදුවන නොයෙකුත් විපර්යාසයන් නිසා, ඔබට නිවෙස අස්පස් කිරීම, රෙදි සේදීම, වැඩියෙන් ආහාර සෑදීම ආදී නොයෙකුත් වැඩ රාජකාරි අධික වේ.  අපි එයට සතුටින් මුහුණ දෙමු.  බොහෝ විට, මේ සඳහා මව්වරුන්ට නිවසේ වැඩි වැඩ ප්‍රමාණයක් කරට ගැනීම සිදු වනු ඇත.  ඔබ රැකියාවෙහි නියුතු මවක් නම්, ඔබේ ස්වාමියාට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් ඔබ කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ නිවසක තිබෙන පිරිමි ආධිපත්‍ය පිළිබඳව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවන්නේ, එය පොදු මූලාශ්‍රයක් හෙයිනි.   මවක් නිතරම ඇගේ දරුවන්ගේ වැඩ කටයුතු වලට අනුබල දෙමින්, නිවසේ වැඩි වැඩ ප්‍රමාණයක් කළ යුතු හෙයින්, සමහර විට, ඇගේ සැමියා රැකියාවෙන් පසු නිවසට පැමිණෙන අවස්ථාවේදී ඇයට ඔහුට පිරිනැමීමට උණුසුම් ආහාරයක් පිළියෙළ කරගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත.  ශ්‍රී ලාංකික නිවෙස්වල බොහෝ විට මෙහෙකාර සේවිකාවන් සිටින නමුත්, ඔවුන් නිවාඩුවට තම නිවෙස් වෙත ගිය විට හෝ ඔවුන් නැවත නොපැමිණහොත්, එම නිවස උඩු යටිකුරු වේ !

එමනිසා, ශ්‍රී ලංකාවේ බොහෝ පවුල්, වර්තමානයේ මෙහෙකරුවන් තබා ගැනීමෙන් වැළකී සිටීම සුලබ දසුනකි.  තම තමන්ගේ නිවෙස්වල වැඩ රාජකාරි තමන් විසින්ම කරගැනීමටත්, ඒ සඳහා තම ස්වාමියාගේ සහ දරුවන්ගේ සහභාගිත්වය ලබාගැනීමටත් පෙළඹේ.  කෙසේ නමුත්, තම ස්වාමි පුරුෂයා සහ දරුවන් මෙම වැඩ සඳහා පොළඹවා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවෙන බැව් ඔබටත් මටත් රහසක් නොවේ.  කාන්තාවනි! මෙන්න ඔබට නිවසේ සිටින තම ස්වාමි පුරුෂයා තම නිවසේ වැඩ කටයුතුවලට සහභාගී කරගැනීමට අවශ්‍ය උපදෙස් කිහිපයක් :

  • ඔහු සමඟ කරුණාවෙන් කතා කර, ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීමට ඔහුගේ සහයද අවශ්‍ය බව නොසඟවා පවසන්න. ස්ථාවර වන්න, නමුත් දිගින් දිගට කියවන්න එපා
  • ඔහුව පාලනය කිරීමට නොයන්න. ඔහුට කිසිම වැඩක් හරියාකාරව සිදු කිරීමට නොහැකි බැව් පවසන්න එපා
  • ඔහු කැමති වැඩක් කිරීමට අනුබල දෙන විට, ඔහු ඉතා උනන්දුවෙන් එම වැඩ කොටස සිදු කරයි
  • නිවසේ වැඩ කොටස, ඔබ හා ස්වාමියා අතර බෙදා ගන්න. දිගටම වැඩ කරන්න එපා
  • ඔහු රැකියාවෙන් නිවස වෙත පැමිණි වහාම ඔහුගෙන් උදව් පතන්න එපා
  • ඔහු ක්‍රීඩා තොරතුරු බලද්දී හෝ ඔහු කැමති වැඩ සටහනක් නැරඹීමේදී, ඔහුගෙන් උදව් පතන්න එපා
  • නිවසේ වැඩට ඔහු උදව් කරන විට, ඔහුව පසසන්න.

දැන් ඔබේ ස්වාමි පුරුෂයාගෙන් ඔබේ වැඩට උදව් ගැනීමට අවශ්‍ය කරුණු කිහිපයක් ඔබ දන්නවා නේද?  එසේනම්, ඔබේ දරුවන්ව ඒ සඳහා සහභාගී කර ගන්නා අයුරු දැන් බලමු.

  • කුඩා කළ සිටම දරුවන් ඒ සඳහා එකතු කරගන්න. දරුවන් ඔබේ වැඩට සහය කරගැනීමට අවශ්‍ය ඉතා වැදගත් දේ නම්, දරුවන් කුඩා කළ සිටම නිවසේ තිබෙන පුංචි වැඩ කටයුතු සඳහා සහභාගී කරවා ගෙන, පසුව, ඔවුන් ලොකු මහත් වනවිට, ඔවුන්ට කළ හැකි, එයට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට යොදවා ගන්න.
  • දරුවන්ට මෙම වැඩ කොටස දිනපතා කිරීමට අනුබල දෙන්න. ඔවුන් එය ඔවුන්ගේ දිවියට  අවශ්‍ය අංගයක් ලෙස එකතු කරගැනීමට කැමති වේවි.
  • ඔවුන්ව අගය කරන්න. ඔහුගේ/ඇයගේ වැඩ කොටස හොඳින් අවසන් වූ විට, ඔවුන්ට තෑග්ගක් දෙන්න.
  • එය විනෝදයෙන් කළ යුතු දෙයක් සහ සෙල්ලමක් ලෙස යොදා ගන්න.
  • ළමයින්ගේ වයස අනුව වැඩ කිරීමට දෙන්න. දරුවන් පෙර පාසල් යන අවධියේ හෝ තරුණ අවධියේ වූවත්, ඔවුන්ට කළ හැකි නිවසේ සුළු සුළු වැඩ කටයුතු එමට ඇත.

ඇත්තටම, තම නිවස, පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීමෙන්, එම නිවස තුල වෙසෙන සියලුම දෙනාට සතුටක්, වින්දනයක්, ප්‍රයෝජනයක් සහ ආත්මාභිමානයක් ඇතිවේ.  විශේෂයෙන්, අම්මාට පවුලේ අනිකුත් කටයුතු කිරීම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය  සහ සතුට ලැබෙනු ඇත!

#family #srilankafamilymembers #myfamily #motherfatherchildrens #mealtime

note

You may also like
ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නවතමු!
ක්ෂයරෝගය යනු කුමක්ද?
පවුලක අත්දැකිම්
ගර්භණීභාවය පවුලක සතුට වැඩිකරයි
error: Content Protected © mummypages.lk