Home > Latest Articles > නිර්මාංශ ආහාර පරිභෝජනය කරන, ගර්භනී මාතාවන්ට අවශ්‍යය පෝෂණය

නිර්මාංශ ආහාර පරිභෝජනය කරන, ගර්භනී මාතාවන්ට අවශ්‍යය පෝෂණය

මාතෘත්වය ගත කරන කාලය යනු අපේ ශරීරයට ඉතා පෝෂ්‍යදායක ආහාර අවශ්‍ය කරන කාලයකි.  ශ්‍රී ලංකාවේ එළවලු පමණක් ආහාරයට ගන්නා (මස්  මාංශ අනුභව නොකරන) කාන්තාවන්, ගර්භනී කාලයේ හෝ බබාට කිරි දෙන කාලයේ, මස් මාංශ වලින් ලැබෙන සියලු පෝෂ්‍යදායක දේවල් එයාලාගේ ආහාරයට ඇතුලත් විය යුතු බව සිතට ගත යුතු කාරණයකි.  ශ්‍රී ලංකාවේ සිටින සෑම ගර්භනී සහ බබාලාට කිරි දෙන මවකගේම ශරීර බර, ඒ ඒ අවස්ථාවල එක සේ වැඩි විය යුතුය. බර වැඩීවීම, මස් මාංශ අනුභව කිරීම හෝ නොකිරීම මත වෙනස් විය යුතු  නැත.  දැඩි මතයක සිටින, මස් මාංශ අනුභව නොකරන්නන් පවා, ගර්භනී අවස්ථාවලදී සහ බබාලාට කිරි දෙන අවස්ථාවේදී  මෙම එළවලු පමණක් කන පුරුද්ද දිගටම ගෙන යා හැකිදැ’යි යන ප්‍රශ්නය නගයි.

පෝෂ්යදායක ආහාර පිලිබඳ කරුණු 

  • දියර වර්ග ශ්‍රී ලංකාවේ ගර්භනී සහ කිරි දෙන මව්වරුන්, බොහෝ ප්‍රමානයක් ජලය පානය කල යුතුයි. විශේෂයෙන් පරිසරය අධික උෂ්ණත්වයෙන් යුක්ත දිනවල ශරීරය විජලනය වීම (වේලුම් කෑම)  නිසා, දරු ප්‍රසුතිය ඉක්මනින් සිදුවීමට හැකියාව ඇත.
  • ප්‍රෝටින් (මාංශ ජනක ධාතු ශ්‍රී ලංකාවේ එළවලු පමණක් ආහාරයට (මස් මාලු නොකන) මව්වරුන්, ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගත යුත්තේ බෝංචි, කරල් භෝග (ඇට වර්ග), සෝයා, රතු කැකුළු හාල්, මුං ඇට සහ කොළ මැල්ලුම් ආදී දේවල් වලින්ය.  ඒවායේ අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් වර්ග ඇත.
  • ෆෝලික් අම්ලය–   එළවලු ආහාර පරිභෝජනයට ගන්නා මව්වරුන්ගේ ෆෝලික් අම්ල ඌනතා රෝග ලක්ෂණ ඇති බව හඳුනාගෙන නැත. හිතකර ආහාර වන්නේ දොඩම් යුෂ, බෝංචි, ඇට වර්ග, කොළ පැහැති එළවලු සහ මුං ඇටයි.
  • ඩී විටමිනය හිරු එලියට නිරාවරණය වීමෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට මෙම විටමිනය ලබා ගත හැක.  ආහාර වලින් නම් සෝයා කිරි, දොඩම් සහ ධාන්‍ය වර්ග වල මෙය බහුලව තිබේ.
  • යකඩකලලයේ වැඩීමට සහ ප්‍රසුතියේදී සිදුවන රුධිර වහනයට සාර්ථකව මුහුණ දීම සඳහා රුධිර පරිමාව වැඩි කර ගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ මව්වරුන්ට නිවිති, කොළ මැල්ලුම්, වියලි පලතුරු, අල, බෝංචි සහ  සෝයා කිරි ගුණදායකය.
  • කැල්සියම් –ගර්භනී අවස්ථාවේ දී, කැල්සියම් ගර්භයේ සිටින බබාට අවශ්‍ය නිසා, කැල්සියම් මවගේ ශරීරයෙන් උරා ගැනීම වැඩිය. එමනිසා කැල්සියම් අවශ්‍ය ප්‍රමාණය ආහාර වලින් ගත යුතුය.  කැල්සියම් වැඩිපුර තිබෙන ආහාර වන්නේ, සෝයා, බත්, බෝංචි, කොළ වර්ග සහ පලතුරු යුෂ ආදියෙහිය.
  • තුත්තනායගම් (සින්ක්)– එය කලලයේ වැඩීමට අවශ්‍යය. සින්ක් අඩංගු ආහාර වන්නේ, ඇට වර්ග, කටු සහ මදය ඇති ගෙඩි වර්ග සහ පාන් ය.
  • ඩී එච් (ඉතා සියුම් හරිතප්‍රධ අඩංගු ශාක – ඇල්ගී) මෙය ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ ස්ථුල මත්ස්‍යයන්ගේය.  මෙය ගර්භයේ සිටින දරුවාගේ මොළය වැඩීමට අවශ්‍යය.  යීස්ට් අඩංගු ආහාර වලින් මෙය ලබා ගත හැක (ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න).
  • බී 12 විටමිනය මෙය ශක්තිය වඩවන ආහාර වලින් ලබා ගත හැකිය. උදේ ආහාරයට ගන්නා ධාන්‍ය වර්ග වලින් තැනූ ආහාර වලින්, සෝයා වලින් තැනූ නිෂ්පාදන වලින් සහ කිරි වලින් මෙය ලබා ගත හැකිය.
  • අතවශ්‍යය මේද අම්ල ( එෆ් ) මෙම අම්ලය කොළ වර්ග වල, සෝයා නිෂ්පාදනවල සහ කැනෝලා තෙල් වල අඩංගු වේ.

දිනපතා ගන්නා ආහාර වලින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍යදායක ද්‍රව්‍ය ලබා ගත නොහැක.  එනිසා, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත, මෙම පෝෂ්‍යදායක ද්‍රව්‍ය අඩංගු අතිරේක දේ ලබා ගන්න.

එළවලු පමණක් ආහාරයට ගන්නා විට තිබෙන ප්‍රයෝජන

  • දරුඋපතේදීවිශාලවශයෙන්ව්‍යාකූලස්වභාවයන්ඇතිනොවේ
  • ගර්භනී අවස්ථාවේදී ඇතිවන දියවැඩියාව ඇති නොවේ. එයට හේතුව විශාල වශයෙන් කෙඳි සහිත ආහාර ලබා ගැනීමයි
  • මවගේ ගර්භයේදී බිලිඳුන්ට හැදෙන ගැබ් වලිප්පුව නම් රෝගය සැදීමේ හැකියාව අඩු වේ
  • බඩ වේලීමෙන් සහ දත් දිරා යාමෙන් වැළකේ

එළවලු පමණක් ආහාරයට ගැනීමෙන් වන හානි

  • බබා උපදින විට බර අඩු වීම Low birth weight
  • දිනයට කලින් දරු ප්‍රසූතය ඇති වීමට ඇති හැකියාව
  • ආහාරය සැලසුම් කිරීමේදී, බොහෝ කාලයක් වැය කිරීමට සිදුවීම
  • පරිපූරක ආහාර ගැනීමට අවශ්‍ය වීම supplements

එළවලු පමනක් ආහාරයට ගන්නා විට, හොඳින් සැලසුම් කිරීමෙන් සහ ඒ සඳහා හොඳින්  ලක ලැහැස්ති වීමෙන්, මවටත් දරුවාටත් ඔබින නිසි පෝෂණය ලබා ගත හැකිය.  Lactation (මව් කිරි)  මෙය බබාගේ වර්ධනයට, ගර්භනී අවස්ථාවට සහ මවට බබාට කිරි දීමට අවශ්‍ය කාලයට ප්‍රයෝජනවත් වේ.

මෙම අවස්ථාවේදී අගුණ ආහාර වනුයේ, අංකුර සහිත ආහාර, පරණ වූ ආහාර සහ අසාත්මික (ශරීරයට අහිතකර) ආහාරයි.

ශ්‍රී ලංකාවේ ගර්භනී මව්වරුන්ට, යහළුවන් සහ පවුලේ සාමාජිකයන් දෙන ඔවදන් නිසා, දරුවාත්, මවත්, අවදානමකට භාජනය විය හැක.   කෙසේ වෙතත්, මෙම ගර්භනී මවුවරුන්ට සරු නීරෝගිමත් දරු ප්‍රසූතියක් ලබා ගැනීම pregnancy –  අපේ සහයෝගය අවශ්‍ය වේ.  එම නිසා, ශ්‍රී ලංකාවේ සිටින එළවලු පමණක් ආහාරයට ගන්නා ගර්භනී මව්වරුන්ට අවශ්‍ය යෝජනා, හෝඩුවාවල් සහ ඔවදන් දෙන්න !

#foodtopregnantmothers #healthyfood #Pregnancy #vegetarianfoodconsumed

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති “SHARE” ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද ස්තුතියි!

note

You may also like
කෘතිම ආහාර යනු මොනවාද ?
දරැවාගේ කෑම පෙට්ටියේ ඇත්තේ සෞඛ්යට හිතකර ආහාරයක්ද? අහිතකර ආහාරයක්ද?
ඔබ රැකියාව කරන විට ඔබේ සෞඛ්යෙ සුරැකීම
ගර්භනී අවස්ථාවේ ගත යුතු විටමින් සහ අමතර පරිපූරක