Home > අලුත උපන් ළදරැවා > නල දරැ උපත ගැන ඔබත් දැනුවත් ද?

“1978 දී පළමු නල දරු උපත සිදු වුවාට පසු “නල දරු උපත්” ලක්‍ෂ 50 කට වඩා ලෝකයේ සිදු වී ඇති බව ඔබ දන්නවාද ?  500 ක් පමණ අඹු සැමියන් ඉතා සාර්ථකව ශ්‍රී ලංකාවේදී නල දරු උපත් සිදු කරගෙන ඇත .  බොහෝ පුද්ගලික රෝහල්වලදී රු. 550,000 කට වඩා අඩු මුදලකට ඉතා සාර්ථක ලෙස නල දරු උපත් 33 – 40% ක පමණ ප්‍රමාණයක් සිදු කර ඇත.  දරු පිලිසිඳ ගැනීම් සම්බන්ධ ප්‍රශ්න ඇති අඹු සැමියන් හට, ශ්‍රී ලංකාවේ ඉතා සීග්‍රයෙන් නැඟී එන මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැක.”

නල දරු උපතක් යනු කුමක්ද ?

පරීක්ෂණ නලයක් තුල සංයෝජනය වන බැවින් මෙම ක්‍රමයට පොදුවේ ව්‍යවහාර කරන්නේ “නල දරු උපතක්” යනුවෙනි  එයට හේතුව , එම ක්‍රියාවලිය සිදුවන්නේ මවගේ ඩිම්බ කෝෂයෙන් පිටතදී නිසයි .  මෙම ක්‍රමයේදී ස්ත්‍රී ඩිම්බයක් ඩිම්බ  කෝෂයෙන් පිටතට ගෙන, එය පරීක්ෂණාගාර ක්‍රියාමාර්ගයක් හරහා පිරිමි ශුක්‍ර ධාතුවක් සමඟ පරීක්ෂණ නලයක් තුල සංයෝජනය කර, එය නැවතත් ස්ත්‍රී ගර්භාෂයට ඇතුලත් කරයි.  සංසේචිත ඩිම්බය මවගේ ගර්භාෂයට ඇතුලත් කරන්නේ සංසේචනයෙන් දවස් 2 කට පසුවය.  ඩිම්බ රෝපණය සාර්ථකව සිදුවුවහොත්, එතැන් පටන් ගර්භාෂය තුල ගර්භණී  බාවය ඇතිවේ. එනම් එම කාන්තාව, එතැන් පටන් ගර්භනී මාතාවක් වේ.

නල දරු උපතක් ලබා ගැනීමට උත්සුක වන්නේ කවුද ?

ඩිම්බ සහ ශුක්‍රානු සම්බන්ධවීමේ ප්‍රශ්න ඇති (ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට හෝ දෙපක්ෂයටම) අඹු සැමියන්ට හැකි සෑම සාමාන්‍ය අයුරින්ම බබෙක් සාදා ගැනීමට උත්සහ කර, ඒවායින් තම අවශ්‍යතාවය ඉටු නොවූ කල, එම අඹු සමියන්ට මෙම ක්‍රමයෙන් බබෙක් හදා  ගැනීමට උත්සහ කළ හැක.  තරුණ වයසේ පසු වන්නේ නම්, මෙම ක්‍රමයට දරුවෙක් හදා ගැනීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය.  අවුරුදු 39ට වඩා  අඩු වයසින් යුක්ත වුවන්ට, මෙම ක්‍රමයෙන් දරුවන් ලබා ගැනීමේ ප්‍රවනතාවය වැඩිය.

ශ්‍රි ලංකාවේ නල දරු උපතක් ලබා ගැනීමේ ඇති ප්‍රයෝජනය

සාමාන්‍ය අයුරින් දරුවෙක් ලබා ගැනීමට නොහැකි වූ, එහෙත් තමාගේම ලෙයින් මසින් දරුවෙක් ලබා ගැනීමට කැමති අඹු සැමි යුවලකට මෙම ක්‍රමය ඉතා අගනේය.  විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල්වල විවාහක යුවලකට, ඔවුන් විවාහ වී අවුරුදු 2 – 3 ක් ඇතුලත දරුවෙකු නොලැබුණහොත්, ඔවුන් වෙත එල්ල වන බලපෑම වැඩිය.  එවැනි අවස්ථා වලදී මෙම ක්‍රමය භාවිතා කර දරුවෙකු ලබා ගැනීම ඉතා කාලෝචිතය.

තාක්ෂණයේ නව දියුණුවේ බල මහිමය නිසා, බොහෝ අඹු සැමියන් මෙම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේදී දරුවන් ලබා ගැනීමට උත්සුක වෙති.

නල දරු උපතක් ලබා ගැනීමේදී ඇතිවන සාමාන්‍ය සංසිද්ධි

නල දරු පිළිසිඳ ගැනීමකදී සමහරවිට නිවුන් හෝ තුන් නිවුන් දරුවන් ලැබීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් සෑම යුවලක්ම මේ අයුරින් වැඩිපුර දරුවන් ලබා ගැනීමට බලාපොරොත්තු නොවෙන අතර, දරුවන් බොහෝ දෙනෙකු එකවර පෝෂණය කිරීමට අවශ්‍ය මුදල් ඇති අයද නොවේ.  තවද, දරුවන් කීප දෙනෙකු එකවර ඉපදීම, මවගේ ශරීර සෞඛ්‍යටද බරපතල තර්ජනයක් විය හැක.   සමහර කාන්තාවන්ට නල දරු උපතක් ලබා ගැනීමේදී ලබා දෙන හෝර්මෝන් ක්‍රියාවලියේදී ද, ඩිම්බය ඔවුන්ගේ ඩිම්බ කෝෂයෙන් පිටතට ගැනීමේදී ද, නොයෙකුත් රෝගී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

නල දරු උපත් වල ඇති මුල ධර්ම

ශ්‍රී ලංකාවේ මෙම නල දරු උපත් සම්බන්ධයෙන් බොහෝ ආචාර ධර්ම හා ආගමානුකූල ප්‍රතිපත්ති සම්බන්ධයෙන්  වාද විවාද ඇති විය. සමහරු විශ්වාස කරන්නේ නල දරු උපතක් මගින් ජීවිතයක් නිර්මාණය කිරීම හෝ වෙනස් කිරීම, දෙවියන්ට හෝ ස්වභාව ධර්මයට පටහැනි ක්‍රියාවක් බවයි.-ම ක්‍රමයෙන් දරුවෙකු ලබා ගැනීමේදී, එම යුවලට අවශ්‍ය අයුරින් යම් තරමකට දරුවාගේ කළල රුපය, ලිංගය හෝ ජාන වෙනස්කම් ඇති කරගත හැක.  සමහරු මෙය එතරම් සදාචාර සම්පන්න නැති බව විශ්වාස කරයි.  තව සමහරුන්ගේ අදහස වන්නේ,නල දරු උපත් නිසා වෙනත් දරුවෙකු අරන් හදා ගැනීමට උත්සහ නොකරන බවයි.  ශ්‍රී ලංකාවේ දහස් ගණන් ළමයින් අනාථ නිවාසයන්හි රැදී  සිටී.  ඒ කෙසේ වෙතත්, බොහෝ අඹු සැමියන් වෙනත් දරුවෙකු හදා ගැනීමට වඩා, තමන්ගේම දරුවෙකු නල මාර්ගයෙන් ලබා ගැනීමට උත්සුක වෙති.

නල දරුවෙකු ලබා ගන්නවාද නැද්ද

අවාසනාවකට, ශ්‍රී ලංකාවේ සමහර අඹු සැමියන් නල දරුවන් සාදා ගැනීමට පෙළඹෙන්නේ, තමන්ගේම පවුලේ සාමාජිකයන්ගෙන් සහ සමාජයෙන් එන බලපෑමෙන් ගැලවීම සඳහා පමණි.  තව සමහරු, තම දරුවා නල මාර්ගයෙන් හදා ගත්  බව තමාගේම පවුලේ අයට පවා කියන්නට කැමති නැත.  එයට හේතුව සාමාන්‍ය ක්‍රමයට දරුවෙකු පිළිසිඳ නොගතහොත්, එය ඔවුන්ගේ යම්කිසි අඩුවක් නිසා සිදුවූ දෙයක් යයි  අප සමාජයේ ඇති වැරදි මතයයි.  අනෙක් අය බිය වන්නේ, සමාජයේ මුල් බැසගෙන ඇති මතයක් වන නල දරුවන් “සාමාන්‍ය නොවේ” හෝ “ස්වභාවික නොවේ” යන සිතිවිල්ල  නිසාය.

මෙවැනි මත සහ සාවද්‍ය ආකල්ප සමාජයෙන් පලවා හැරිය යුතුයි.  දරුවන් නැතිව සිටිනවා ද, එසේ නැතිනම්, දරුවෙක් අරන් හදා ගන්නවාද යන තීරණය අඹු සැමියන්ගේ පුද්ගලික තීරණයක් විය යුතු අතර, සෑම අඹු සැමියෙකුටම එම තීරණය තමන් කැමති අයුරින් ගැනීමට නිදහස තිබිය යුතුයි.  අන්තිමේදී වැදගත් වන්නේ, ඔබේ බබා පිළිසිඳ ගත්තේ නල මාර්ගයෙන්ද, නැතහොත් සාමාන්‍ය ක්‍රමයෙන්ද, එසේත් නොමැතිනම්, අරන් හදා ගත්තේද යන්න නොවේ.  සෑම බබෙක්ම ඉතාමත් ලස්සනයි.  ඒ වගේම බොහෝ අනර්ඝයි !

#newbaby #newbornbaby #testtubebaby #babyhealthy #motherandbaby

note

 

You may also like
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
First Vaccines (0-3 years)
Happy Tummy Keeps My Baby Happy
Those Dreaded Labour Pains & Final Reward
error: Content Protected © mummypages.lk