Home > අධ්‍යාපනය > දෙමාපියනි සටන් වදිමු අධ්‍යාපනය විකිනීමට ඉඩනොදී

දෙමාපියනි සටන් වදිමු අධ්‍යාපනය විකිනීමට ඉඩනොදී

“දරුවන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනයක්” කියා පවසන්නේ අමුලික බොරුවකි. අද දරුවන් පාසලට ඇතුලත් කරගැනීමේ සිට අවසානය දක්වාම සියලු දෙයක්ම කෙරන්නේ මුදල් මතයි. මෙය ගමේ සාමන්‍ය පාසල්වල විශාල වශයන් සිදු නොවුනද නගර හා නගරාසන්න පාසල් වල විශාල ලෙස සිදුවේ.

ඔබ සිතන්නේ මේ ක්‍රමය නිවැරදි යයි කියාද?

ගමේ පාසලක අඩු පහසුකම් මැද වුවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවේ. එසේනම් නගරය ආසන්න පරිසරයක අධ්‍යාපනය ලබා දීමේදී මිලක් නියම කරන්නේ මන්ද?

මා මේ පවසන දේ බොරුවක් කියා කිසිවෙකුටවත් කිව නොහැක. මන්ද මා දන්නවා මා මෙන්ම ඔබද ඔබේ දරුවා පාසලට ඇතුලත් කිරීමේදී අද වනවිට අනිවාර්යයෙන්ම් පාසලට මුදලක් ගෙවියයුතුවේ. එය ඔවුන් තක්සේරු කරන්නේ දරුවා අවු .13 පාසලේ සිටින බැවින් එම අවුරුදු ගානටම මිලක් නියම කිරීමෙනි. මේ මුදල දෙමාපියන්ට උසුලාගත හැකි බරක් නොවේ. නමුත් ඔවුන් මේ මුදල ගෙවන්නේ දරුවාට පාසලක් අවශ්‍ය බැවිනි. එසේ කියා දරුවෙකු පාසලකට ඇතුලත් කිරීමේදී විශාල මුදලක් අයකිරීම අධ්‍යාපන නීතිරීති වලට අනුව වරදක් නොවේද? දෙමාපියන් පාසලට මුදලක් නොදුන්විට එම දරුවාට ඒ පාසැල නොලැබියයි. මෙයට වගකිව යුත්තේ කවුරුන්ද?

මා දන්නා ආකාරයට අපි පාසල් යන දිනවල අපේ පාසල්වලින් අයකරනු ලබනුයේ රජයේ අනුමත මුදල් පමණයි. ඒ හැරුණු කොට මගේ මතකය පරිදි අපේ වාර්ෂික ගාස්තුව වන්නේ රු.300-400 අතර මුදලකි. අද වනවිට එම මුදල කොපමණ ඉහල ගොස් තිබේද? අද පවතින බොහෝපහසුකම් එදා අපේ පාසල්වලද තිබුණි.

නමුත් අපේ අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පැවසුවා පාසල්වලට ළමුන් ඇතුලත් කිරීමේදී සල්ලි අයකරන්නේ නැහැ කියලා, ඒක අමුලික බොරුවක් අද පාසල් වල හැම දෙයකටම සල්ලි තමා. ඒවා දැන දැනත් මොවුන් මෙසේ කතා කරන්නේ මක්නිසාදැයි තේරුම්ගත නොහැක.

මා දන්නා පරිදි සෑම වර්ෂයකටම අධ්‍යාපන ප්‍රතිපාදන සදහා රජයෙන් මුදල් වෙන් කරයි. එම මුදලින් පාසල් සංවර්ධනය කිරීමට නොහැකිද? නැතිනම් එම මුදල් ඉහල තනතුරු හොබවන අයගේ සාක්කු පිරෙනවද? යම්විටක එසේ වෙන්කරන ප්‍රතිපාදන ප්‍රතිශතය අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් නොවිය හැකිය. එසේනම් එම ප්‍රතිපාදන ප්‍රතිශතය වැඩි නොකරන්නේ ඇයි? මෙවන් ප්‍රශ්නයන් මතුවේ.

ඔබ දන්නවා අද අහස උසට ජිවන වියදම ඉහල ගොස් ඇත. නමුත් ඡන්දය ලග එනවිට එක එක සීනි බෝල බෙදුවද ජිවන වියදම දරා ගත නොහැකිය. ඒ අතර වියදම් ලැයිස්තුවේ වැඩිම මුදලක් වැයවන්නේ දරුවන්ට ඉගැන්වීමටය. අද සා .පෙළ /උ .පෙළ කරන දරුවන්ට ටියුෂන් නොයා බැරිතත්වයක් ඇත. මා දන්නා තරමින් විෂයන් දෙකකට හෝ තුනකට අනිවාර්යයෙන්ම ටියුෂන් යා යුතුයි. එසේ නොයන දරුවන් ඇත්නම් ඔවුන්ගේ දෙමාපියන් ගුරුවරුන්ය. ඒ මදිවට අරවට මේවට කියා පාසල් වලින්ද මුදල් අයකරයි. සාමන්‍ය මිනිසුන් කෙසේ මේ වියදම් උහුලන්නද?

මා උදාහරණයක් ඔබට පෙන්වන්නම් අද ප්‍රධාන පාසලකට දරුවකු ඇතුලත් කරගැනීමේදී රු .100000.00 ක මුදලක් අය කරගන්නවයයි සිතමු. (නමුත් මේ මුදල මීට වැඩි මිසක් අඩු නොවනු ඇත. ) මන්ද මගේ දරුවන්ද පාසල් යන වයසේ පසුවන බැවින් මා ඒ පිළිබඳව හොදින් දන්නා බැවිනි. එසේනම් මේ මුදල එක් පන්තියක ළමයින් 30කින් වැඩි කල විට කොපමණද? එසේම එම මුදල පන්ති තුනක ළමයින්ගෙන් වැඩි කල විට ලැබෙන මුදල රු.9000000.00 කි. සමහර පාසල් වල මිට වැඩි මිසක් අඩුනොවනු ඇත. මෙතරම් මුදලකින් වර්ෂයකදී ඔවුන් මොනවා කරනවා ඇතිද? මෙයනම් සහගහන අපරාධයකි. මේවාට විරුද්දව නැගීසිටීම අපි සියලු දෙනාගේම අයිතියකි. නැතිනම් තව අවුරුදු 10ක් යනවිට ජාතික පාසල් වැසීගොස් පෞද්ගලික පාසල් පමණක් ඉතිරි වේවි.

අද සිංහල ජනතාව අඩුවීගෙන යන්නේ දරුවෙකු බිහිකිරීමට දෙමාපියන් දක්වන බිය නිසා යයි එක අතකින් දැක්විය හැක. මන්ද එක් දරුවකුගේ වියදම ඔවුන්ට මහමෙරක් මෙනිය. එසේනම් දරුවන් කීපදෙනෙකුගේ වියදම කෙසේ උසුලා ගන්නද?

තවද අද දරුවකු පාසලට තෝරාගැනීමේදී , විදුහල්පතිවරු කුමන තේරීම් වලට දෙමාපියන් ලක්කරන්වද? යන්න   සමහර අවස්ථාවල වෛද්‍යවරුන්ගේ දරුවන්ටද ජාතික පාසල් අහිමිවන අවස්ථාවලින් දැකගත හැක. තවත් මා දැනගත් කරුණක් නම් අපේ පුංචි දිවයිනේ නම ලොව බබලවපු ක්‍රීඩිකාවන් දෙපලකගේ දරුවන් පවා අද අප රටේ ඇති පාසලකට අයදුම් කර තිබුනද අඩුම වශයෙන් ඔවුන්ට කැදවීමක් පවා ලැබී නොමැති බවයි. අප විසින් අගයන මොවුන්ගේ දරුවන්ව පාසල් වලට ඇතුලත් කරගැනීමේදී පාසලට ඇති දුර ප්‍රමාණයද සලකා බලයි.

නමුත් මා දන්නා පරිදි පාසල් ගොස් පළමු මාසයෙන් පසු දරුවාගෙන් නිවසේ ලිපිනය ඇසුවිට ඔවුන් පවසන්නේ වෙනත් ලිපිනයකි. මෙයයි අද පවතින සැබෑ තත්වය. එසේනම් මෙය තනිකරම මුලාවක් නොවේද ? මෙය දරුවාගේ වරදක් නොව අද පාසලට දරුවකු ඇතුලත් කිරීමේදී සිදුවන ක්‍රියා පටිපාටියේ වරදකි. මේවා නීති විරෝදී ක්‍රියාවන්ය.

මේ පිළිබද විද්වතුන්ගේ සහ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුවේ යයි මා පමණක් නොව සෑම දෙමාපියෙක්ම බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.

#education #school #freeeducation #goodhabit #classes #kidzclass

note

You may also like
Parents, please come forward to protect the free education!
මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.
දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම
error: Content Protected © mummypages.lk