Home > පවුලක් > දියවැඩියාව ගැන ඔබ දැනුවත්ද ?

දියවැඩියාව ගැන ඔබ දැනුවත්ද ?

අද දියවැඩියාව රෝගය අප සියලු දෙනාටම විනයක් වී ඇත. අතීතයේ මෙම රෝගය දුලබ උවද, අද වන විට මෙම රෝගය සුලබව දක්නට ඇත. වැඩිහිටියන් පමණක් නොව අද ඉතා කුඩා දරුවන්ද මෙම රෝගී තත්වයට ගොදුරුවී ඇත. මෙම රෝගය වැළදුන පසු සම්පුර්ණයෙන්ම සුව කල නොහැක. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් පාලනය කරගතහැක.

ළමා වියේ දියවැඩියා රෝගයට ප්‍රධානම හේතුව වී ඇත්තේ දරුවාගේ, ශරීරයේ ඉන්සියුලින් නිපද නොවීමයි. මේනිසා දරුවාගේ ශරීරයට ලැබෙන සීනි නිසියාකාරව පාලනය කරගත නොහැකිවේ. එවැනි අවස්ථා වල දරුවාට ඉන්සියුලින් දීම ඉතා වැදගත්.

දරුවකු දියවැඩියා රෝගයෙන් පෙලේද යන්න හදුනාගැනීමේ ලක්ෂණ

  • බර අඩුවීම
  • නිතර  මුත්‍රා කිරීම.
  • පිපාසය දැනීම.
  • නිතර නිදිමත
  • අසහනකාරී බව
  • නිතර බඩගිනි දැනීම
  • කලහාකාරී බව

මෙවැනි දරුවන්ට මව්පියන්ගේ අවදානය ඉතා වැදගත්ය. එම දරුවාගේ මානසික තත්වය යහපත් අතට ගැනීමට දෙමාපියන් වැඩි වෙහෙසක් ගත යුතුය. විශේෂයෙන් මවගේ අවධානය ඉතා වැදගත්ය.

මෙවැනි දරුවන් හදුනාගත් විගස ඔවුන්ට අවශ්‍ය රුධිර පරික්ෂාව සහ මුත්‍රා පරීක්ෂාවද කල යුතුවේ. මුත්‍රාවල සිනි බලා ගැනීමටනම් බෙනඩික් පරීක්ෂණය කල යුතුවේ.

තවද මා දැනගත් වැදගත් කරුණක්නම් දරුවා දියවැඩියාව රෝගයෙන් පෙලන බව දැනගත් පසු නැවත නිවසට ගියද දින කීපයක් යනතුරුම අලුයම 3.00-4.00අතර රුධිර පරික්ෂාව කලයුතුය. මන්ද රුධිරයේ සිනි මට්ටම හොදින්ම දැනගත හැක්කේ අලුයම 3.00ට පමණ බැවිනි. මෙවැනි දරුවන් නිතරම අනිත් දරුවන්ට මෙන්ම සැලකිය යුතු අතර ඔවුන්ට වැඩි අවදානයක් දක්වන බව හැගවිය යුතු නැත. මෙවැනි දරුවන් නිසි වේලාවට සායනවලට රැගෙන යායුතුය. මන්ද මෙවැනි දරුවන්ට ඇතිවිය හැකි සංකුලතා වැඩි බැවිනි.

එනම්සමහර අවස්ථා වල සිනි මට්ටම අඩුවීම

  • මෙය ඉතා වැදගත් කරුණකි මන්ද මේනිසා දරුවාට සිහි නැති විය හැකි අතර වලිප්පුවද ඇතිවීමට පුළුවන.
  • අධිකව දහදිය දැමීම.
  • වෙව්ලීම.
  • ප්රථමවරට ඉන්සියුලින් ලබාදීමෙන් පසු ආහාර නොගැනීම.
  • සමහර අවස්ථාවල ඉන්සියුලින් මාත්රාව වැඩිවීම.

මේවා අවදානම් අවස්ථා නොවේ, නමුත් දිගුකාලින වශයෙන් ඇතිවිය හැකි සංකුලතා 

  • ඇස් දුර්වල වීම
  • වකුගඩු දුර්වලවීම
  • තවද හදවත, ස්නායු හා දෙපාවලට හානි සිදුවියහැක.

කුඩා දරුවකුගේ රුධිරයේ සිනි මට්ටම 3.3mm01/L(60mg/dL) වඩා අඩුවූවිට එය රුධිරයේ සිනි ප්රමාණය අඩුවීමක් ලෙස හදුන්වනවා.

  • ප්‍රමාණයට  වඩා ඉන්සියුලින් ලබාගැනීම.
  • ප්‍රධාන ආහාර වේල මගහැරීම් නිසා ශරීරය දුර්වල වීම .

රුධිරයේ සිනි අඩු වීඇති අවස්ථාවක කල යුතු ප්‍රතිකාර

  • පැණිරස බිම වීදුරුවක් බිමට දීම.
  • බිස්කට් එකක් සමග කෙසෙල් ගෙඩියක් දීම අපට කලහැක.

යම් අවස්ථාවක දරුවාට වලිප්පුව සැදුනහොත්,

  • පළමුව දරුවා සමග අවස්ථාවේ සිටින පුද්ගලයා කලබල නොවියයුතුය.
  • මෙවැනි අවස්ථාවකදී දරුවාගේ මුවට කිසිවක් ඇතුළු නොකලයුතුය.
  • හැකිනම් සුළු වේලාවක් දරුවාගේ හිස පහලට හරවා සමතලා මතුපිටක තබන්න.
  • පසුව හැකි ඉක්මනින් දරුවාට වෛද් ප්රතිකාර ලබා දියයුතුය.

දියවැඩියාව අද ලොකු පොඩි බේදයකින් තොරව හතු පිපෙනවවගේ වර්ධනය වන රෝගයක් වී ඇත. මේ රෝගයෙන් පාලනය වීමටනම් අපි නිතරම ස්වභාවික ආහාර වලට පුරුදු වියයුතු අතර ක්‍ෂණික ආහාරවලින් වැළකි සිටිය යුතුය. අද දෙමාපියන් වන අප අතින් සිදුවන වරදක්නම්, “පුතේ මම ඔයාට චොකලට් ගෙනාව” නැතිනම් පැණිරස අධික රසකාරක වලට දරුවා හුරුකිරිම්ය. දැන් අපට හිතන්න කාලය උදාවී ඇත. ඇයි අපි අපේම වැරදිවලින් තම දරුවාව රෝගියෙකු කරන්නේ? අපට හැකි නොවේද දරුවන්ට, යෝගට් එකක් නැතිනම් පලතුරු වර්ගයක් ගෙනත්දීමට. එමගින් අපේ පුංචි මල් කැකුළු ආරක්ෂා කරගතහැක.

දියවැඩියාව අද ලොකු පොඩි බේදයකින් තොරව හතු පිපෙනවවගේ වර්ධනය වන රෝගයක් වී ඇත. මේ රෝගයෙන් පාලනය වීමටනම් අපි නිතරම ස්වභාවික ආහාර වලට පුරුදු වියයුතු අතර ශනික ආහාර වලින් වැළකිය සිටිය යුතුය .

අද දෙමාපියන් වන අප අතින් සිදුවන වරදක්නම්, “පුතේ මම ඔයාට චොකලට් ගෙනාව….” නැතිනම් පැණිරස අධික රසකාරකවලට දරුවා හුරුකිරීමය.

දැන් අපට හිතන්න කාලය උදාවී ඇත. ඇයි අපි අපේම වැරදිවලින් තම දරුවාව රෝගියෙකු කරන්න? අපට හැකි නොවේද දරුවන්ට, යෝගට් එකක් නැතිනම් පලතුරු වර්ගයක් ගෙනදීමට? එමගින් අපේ පුංචි මල් කැකුළු ආරක්ෂා කරගතහැක.

#healthcare #healthylife #diabetes #doctoradvice #lifecare

note

error: Content Protected © mummypages.lk