Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරු ප්‍රසුතියෙන් පසු ශරීරය නැවත යථා තත්ත්වයට

දරු ප්‍රසුතියෙන් පසු ශරීරය නැවත යථා තත්ත්වයට

ඕනෑම කාන්තාවක්, ඇගේ පළවෙනි හෝ තෙවැනි ගර්භණී භාවයේදී වුවද,  ශාරීරික, මානසික සහ අධ්‍යාත්මක වෙනස් වීම් වලට මුහුණ පානු ලැබේ.  අපි ශාරීරික වෙනස්කම් පිළිබඳව සහ නැවත ශාරීරිකව යථා  තත්ත්වයට පත් වන්නේ කෙසේදැ’යි දැන් කතා කරමු.

සෑම කාන්තාවක්ම ගැබිණි භාවයට පත් වූ පසු, ශාරීරිකව වෙනස්කම් වලට බඳුන් වේ. සමහරු අනෙක් අයට වඩා ශාරීරික බර ප්‍රමාණයෙන් වැඩි වේ.  ඔබ ගැබිණි භාවයට පත් වීමට පෙර සාමාන්‍යයෙන් ස්ථූල ශරීරයෙන් යුක්ත වූයේ නම්, ගර්භනී භාවයේදී එම තත්ත්වය තවත් වැඩිවේ.  ඔබ මුලදී එතරම් ස්ථූලව නොසිටියේ නම්, වැඩි වූ ස්ථූල භාවය අඩු කර ගැනීමට පහසු වේ.  නමුත් බිය වන්න එපා ! ඔබ එතරම් ව්‍යායාම කිරීමට ලොල් නොවූ කාන්තාවක් වුවත්, පහත සඳහන් කරුණු පිළිපැදීමෙන් ඔබට ස්ථූල තත්ත්වයෙන් මිදීමට හැකි වේ.

දරු ප්‍රසූතියෙන් පසු නැවත යථා තත්ත්වයට පත් වීම

  • ආහාර –  ගර්භනී අවස්ථාවේදී ඇති වූ දොළදුක (නොයෙකුත් ආහාර සඳහා ඇති වූ ලොල් භාවය) ඉවත දමා සුදුසු ආහාර සැලැස්මක් සාදා ගනිමු.  ගර්භනී අවස්ථාවේ දී පවා චොකොලට් සහ පුඩිං වර්ග එතරම් යෝග්‍ය නොවේ.  ඔබේ ආහාරය තෙල් සහිත මස් මාංශ, කුඩා කටු සහිත මාළු වර්ග, රතු සහල්, කිරි, ධාන්‍ය, කොළ පැහැති එළවලු වර්ග, බිත්තර සහ කරවල ආදියෙන් සමන්විත විය යුතුයි.  පැණි රස කෑම වර්ග අඩු කර, කැල්සියම් සහ ප්‍රෝටීන් සහිත ආහාර ගැනීමෙන් ඔබේ සිරුරේ ඇති වැඩිපුර ස්ථූල භාවය නැති වනවා පමණක් නොව,  ඔබේ කිරිකැටියාට ඉතා පෝෂ්‍යදායක මව්කිරි දීමටද  හැකියාව ලැබේ.  ආහාර පිලිබඳ විශේෂඥ මහතෙකු සමඟ කතා කර, ඔබට සුදුසු ආහාර සැලැස්මක් ලබා ගන්න.  සීනි සහිත ආහාර සහ මේදය, පිටි සහිත ආහාර ඔබේ ආහාර සැලැස්මෙන් ඉවත් කිරීමෙන් ඔබට සුවදායක සහ පෝෂ්‍යදායක ආහාර ලබා ගෙන, ඔබේ අමතර ස්ථූලභාවය ඉවත් කර ගත හැක.  ගර්භනී අවස්ථාවේ ඇතිවන දොළදුක පිළිබඳව ඇති පොත්පත් සහ අන්තර්ජාලයේ ඇති විස්තර කියවන්න
  • ක්‍රියාකාරී වන්න සයනයට වී සිටීමේ ආකල්පය ඉවත් කරන්න! ඔබ දැන් මවකි. නිවස වටා ඇවිදින්න.  ඔබේ පෙර තිබු ක්‍රම චර්යාව නැවත පටන් ගන්න.  බබාගේ වැඩ කටයුතු ඔබේ දෑතට ගන්න.  ඔබේ මවට සහ මෙහෙකාරියට විවේකයක් දෙන්න.  එවිට ඔබ දරු ප්‍රසූතියෙන් පසු වෛද්‍ය පරීක්ෂණයට යාමට පෙර ඔබේ පෙර තිබු ශරීරයේ හැඩය නැවත ලබා ගත හැකිය.
  • විවේක ගන්න ඔබේ  ක්‍රියාකාරිත්වය සීමා සහිත ලෙස කරන්න.  ඔබේ බබා විවේක ගන්නා විට, ඔබත් කෙටි නින්දක් ගන්න.  එය ඔබේ බබාගේ වැඩ කටයුතු කිරීමට සහ දරු ප්‍රසූතියෙන් පසු ව්‍යායාම කිරීමට ඔබට ශාරීරික ශක්තියක් ලැබේ.  තවද, ඔබ නිදා ගන්නා විට, පැණිරස කෑමට පෙළඹීම සහ වැඩිපුර ආහාර ගැනීමෙන් වැළකිය හැකිය.
  • මව් කිරි දීම ඔව්! මව්කිරි දීම නිසා, ඔබේ ගර්භනී භාවයේදී ඇති වූ අමතර මාංශ පිඬු අඩු කර ගැනීමට එය ඉවහල් වේ. එය මිත්‍යාවක් නොවේ!
  • දරු ප්‍රසූතියෙන් පසු ව්‍යායාම කිරීම දරු ප්‍රසූතියෙන් පසු ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍ය දෙයකි.මව්වරුන් සති 6 දී වෛද්‍ය පරීක්ෂණයෙන් පසු ව්‍යායාම ආරම්භ කළ යුතුයි.
  • ව්‍යායාම වලින් සිදුවන ප්‍රයෝජන ශරීර බර ප්‍රමාණය අඩු වනවා මෙන්ම, කොඳු නාරටියේ අමාරු අඩු කිරීම, කකුලේ ඇතිවන මස් පිඬු පෙරලීම අඩු කිරීම, මල බද්ධය අඩු කිරීම, මාංශ පෙශින්ගේ ශක්තිය වැඩි කිරීම, ඔබේ ශරීර හැඩය ඇති කර ඔබව ඉතා ලස්සන කිරීම සහ එවිට ඔබේ සිතට මහත් සතුටක් ඇතිවීම සිදුවේ. ඔබ අන් අයගේ සහ විශේෂයෙන් ඔබේ සැමියාගේ ප්‍රශංසා නිසා, ඔබ තව තවත් ව්‍යායාම කිරීමට පෙළඹේ.  පළමුවෙන්ම මෘදු ව්‍යායාම වලින් පටන් ගන්න.
  • සුදුසු ව්‍යායාම ඇවිදීම, පිහිනීම, ව්‍යායාම පංති වලට යාම සාමාන්‍ය දරු උපතක් නම්, මෘදු ස්වායු ව්‍යායාම (ඇරොබික්ස්) සහ සාමාන්‍ය බර ඉසිලීම ආදී දේ කළ හැක.  ඔබේ ශරීරයේ  ශක්තිය යථා තත්ත්වයට පත් වන විට, ක්‍රමයෙන් මෙම ව්‍යායාම්  වැඩි කළ හැක.  ඔබේ නැවුම් බවට ආදරය කරන්න.  ඔබේ  ශරීරය ගැන අවධානයෙන් සිට ශරීරයේ වෙනස් වීම් පිලිබඳ  කල්පනාවෙන් ඉන්න.  ශරීරයේ යම් වෙනසක්, එනම් මුත්‍රා පිටවීමේ වෙනස්කමක් , රුධිර වහනය වීමක්, ශ්‍රෝණියේ බර ගතියක් හෝ යෝනි මාර්ගයේ වෙනසක් ඇති වුවහොත්, වහාම ව්‍යායාම් කිරීම නවතා වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.

දරු ප්‍රසූතියෙන් පසු නැවත ශරීරය යථා තත්ත්වයට පත්කර ගැනීම සෑම කාන්තාවකගේම සිහිනයකි.    ඔබ මුලින් එතරම් ශරීරය පිලිබඳ අවධානයක් නොගත් කාන්තාවක් වූවත්, මෙය ඔබේ ශරීරය හැඩ ගන්වා ගැනීමට කදිම අවස්ථාවකි.  ඔබේ ශරීරය භෞතිකව හැඩ ගස්වා ගැනීමෙන්, ඔබේ මනසට සහනයක් වනවා මෙන්ම, ඔබේ ජීවිතය සහ අළුත් මවක් වීම පිළිබඳව ඔබ සතුටට පත් වේ.

ව්‍යායාම කිරීමට ඔබ කැමති නොවේ නම්, ඔබේ ආහාරය ගැන සැලකිලිමත් වන්න.  එය ඔබේ වැඩි බර ප්‍රමාණය අඩු කිරීමට ඉවහල් වේ.  මෙයින් පහදා දෙන්නේ ඔබ හොඳ පෝෂ්‍යදායක ආහාර ලබා ගත යුතු බව මිස, බඩගින්නේ සිටිය යුතු බව නොවේ.

අදම පටන් ගන්න! ඒ සඳහා නියම පරමාර්ථයෙන් ක්‍රියා කරන්න. 

#afterbaby #pregnancyarticleinsrilanka #mother #women

note

You may also like
Ready For Delivery With My Bounty Bags
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
error: Content Protected © mummypages.lk