Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරු උපතකට පසු ඇතිවන කොන්දේ කැක්කුම සහ හිසරුදාව

දරු උපතකට පසු ඇතිවන කොන්දේ කැක්කුම සහ හිසරුදාව

mummypages.lk-digital-magazine-march-edition

තරුණ නයනා, තම දරුවාව තමාගේ අම්මාගේ අතට දෙමින්, දෙනෙත් පුංචි කර, වේදනාවෙන් පුටුවේ හිඳ ගත්තේ  “අනේ අම්මි, මට මේ ඔළුවේ කැක්කුම හරිම අමාරුයි” කියමිනි.

ශ්‍රී ලාංකික තරුණ  මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසු ඉතාම වේදනා සහගත ඔළුවේ අමාරුවක් සහ කොන්දේ කැක්කුමක් ඇති වේ.

තරුණ මව්වරුන්ට ඇති මේ කොන්දේ කැක්කුමට හේතුව:

  • ශාරීරිරික වෙනස්කම් දරුවෙකු පිළිසිඳ ගත් පසු, ඔබේ ගර්භාෂයේ මාංශ පේශීන් ප්‍රසාරණය වීමටත්, උදර මාංශ පේශීන් ලිහිල් ස්වභාවයකට පත් වීමෙන්, ඔබේ ස්ථාපනය හෙවත් ඉරියව්ව වෙනස් වන අතර, ඔබේ පසුපස ඇති මාංශ පේශීන් සහ සන්ධි මතට අමතර බර ප්‍රමාණයක් එක්වන බැවින්, කොන්දේ කැක්කුම ඇති වේ.
  • හෝර්මෝනවල වෙනස් වීම් හෝර්මෝන වල වෙනස් වීම නිසා, ඔබේ සන්ධි සහ කොඳු ඇටයට සම්බන්ධ වන ශ්‍රෝණි අස්ථිය අතර සම්බන්ධතාවයක් ඇති කරන අස්ථි බන්ධයන්ගේ ඇති බැඳීම ලිහිල් කරන බැවින්, දිගු වේලාවක් සිටගෙන සිටීම නිසා කොන්දේ කැක්කුම් සහ නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.
  • දරු ප්‍රසූතිය දරු ප්‍රසූතියේදී, අපි මීට පෙර කිසි දිනෙක පාවිච්චි නොකළ මාංශ පේශින්ගේ උදව් ලබා ගැනීමත්, එම මාංශ පේශින්ගේ ප්‍රසාරණය නිසාත්, මෙවැනි කොන්දේ කැක්කුම් ඇතිවේ.
  • ඉරියව් සහ බබාගේ වැඩ කටයුතු බබාට මව්කිරි දීමේදී, ඉදිරියට නැමී මව්කිරි දීම වැරදි ඉරියව්වකි. බබාව බොහෝ වෙලාවක් උසුලාගෙන සිටීමත්, බබාව නාවනවිට බේසම තුළ බොහෝ වෙලාවක් තබාගෙන සිටිමින්, ඒ තුළට එබී සිටීමත් නිසාත්, අපේ නිවැරදි ඉරියව් පිළිබඳ නොසැලකිලිමත් වීමත්,  කොන්දේ කැක්කුම් ඇතිවීමට තවත් හේතු වේ.

මව්වරුන්ට හිසේ කැක්කුම් ඇති වීමට හේතු:

 දරු ප්‍රසූතියෙන් පසු මෙවැනි හිසේ කැක්කුම් ඇති වීම එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ.  කෙසේ නමුත්, දිගු කාලීනව පවතින හිසේ කැක්කුම් මව්වරුන්ගේ  ජීවිතයට තර්ජනයක් විය හැක.

  • වැරදි ලෙස එන්නත් කළ, නිද්‍රාවට පත් කිරීමේ එන්නත් නිසා කොඳු නාරටිය තුළ ඇති දියරය පිටතට කාන්දු වීමට හැකියාව ඇත
  • ලේ නහරයක් කැටි ගැසීමක් හෝ මොළයේ නහරයක ලේ කැටි ගැසීමක් නිසා හිසේ කැක්කුම ඇතිවිය හැක.
  • හොර්මෝන් නිසා ඉරුව රුදාව (migraine – ඉතා දැඩි හිසේ කැක්කුම) ඇති කළ හැක
  • බලවත් වෙහෙස
  • ආතතිය
  • අඩු නින්ද
  • විෂාදය (depression) – කරුණාකර, වැඩිදුර කරුණු සඳහා, අපේ නමැ’ති ලිපිය කියවන්න.

කොන්දේ අමාරුව පාලනය කරන අයුරු

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන කොන්දේ වේදනාව කාලය සමඟ ක්‍රමයෙන් මඟ හැරී යනු ඇති.  කෙසේ නමුත්, දරු ප්‍රසූතිය සමඟ කොන්දේ වේදනාව දැඩි ලෙස ඇති කාන්තාවන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

ප්‍රසාරණය වූ මාංශ පේශීන් ශක්තිමත් කරගැනීමට සහ නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහාත්, බබාගේ වැඩ කටයුතු නොපිරිහෙළා ඉටු කිරීම  සඳහාත්, ශාරීරික ව්‍යායාම ඉතා වැදගත් අංගයක් ගනී.  බොහෝ ආරෝග්‍යශාලාවන් දරු ප්‍රසූතියට මුහුණ දුන් කාන්තාවන්ට නියමිත ව්‍යායාම් මාලාවක් ලබා දෙනු ලැබේ.  එසේ නොමැති නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් ඒ සම්බන්ධ කරුණු විමසන්න.  එසේ නැතහොත්, පිහිනීම සහ ඇවිදීම ඉතා හොඳ ව්‍යායාම් වේ.

  • ඔබේ ශ්‍රෝණිය සම්බන්ධ මාංශ පේශීන් සහ කොඳු නාරටිය හා සම්බන්ධ මාංශ පේශීන් ශක්තිමත් කර ගැනීම සඳහා, ඔබේ වෛද්‍යවරයා ලබා දුන් ව්‍යායාම් දිගටම කරන්න
  • බබාට මව්කිරි දෙන විට, නිවැරදි ඉරියව්වෙන් සිට කිරි දීම ඉතා වැදගත්ය. පිටට හේත්තු වීම සඳහා කොට්ටයක් තබා ගනිමින්ද, කකුල් තබා ගැනීමට කුඩා බංකුවක්ද භාවිතා කරගනිමින් කොන්ද කෙළින්  තබගෙන හිඳගැනීමෙන්, බබාට මව්කිරි දීම සිදු කළ යුතුය. 
  • ඉතා දැඩි ලෙස පිට කොන්දේ වේදනාව ඇත්නම්, පැත්තකට හැරී කිරි දීම කළ යුතුය.
  • බොහෝ වෙලාවක් බබාව උසුලාගෙන සිටින්නට එපා.
  • යම් දෙයක් බිම තිබී ඇහිදීමේදී, දණහිස් වලින් නැමෙන්න.

ඔළුවේ කැක්කුම පාලනය කර ගන්නා අයුරු

ශ්‍රී ලංකාවේ තරුණ කාන්තාවන්, හිසේ වේදනාව ගණන් නොගෙන සිටීම නොකළ යුතුය.  කෙසේ නමුත්, දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන හිසේ වේදනාව යටපත් කර ගැනීම සඳහා පහත සඳහන් පිළියම්  භාවිතා කරන්න.

  • මව්කිරි දීම සඳහා සමබර පෝෂණයක් අවශ්‍ය වේ. මව්කිරි හරහා බබා ඔබේ පෝෂ්‍යදායක දේ උරා ගන්නා බැවින්,  ආහාර ගැනීමෙන් වැළකීම නිසා, ඔබේ ශරීර සෞඛ්‍යය පිරිහීමට ලක් වේ.  එමනිසා, කෙටි විවේක කාලවලදී, කෙටි සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගන්න.
  • නැවත ශක්තිය ලබා ගැනීම සඳහා, හැකි සෑමවිටකම, කෙටි නින්දක් හෝ ලබා ගන්න.
  • යෝගා ව්‍යායාම හෝ භාවනා ක්‍රම භාවිතා කරන්න
  • බෙල්ලේ පසුපසට උණුසුම් ප්‍රතිකර්ම කරන්න
  • වෛද්‍යවරයා නියම කළ වේදනානාශක ප්‍රතිකාර ගන්න

ඔබේ පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වීම නිසා ඉතා කාර්යබහුල කාලයක් ඇතිවේ.  නමුත්, ඔබ සෞඛ්‍ය සම්පන්නව සහ සතුටෙන් සිටීමෙන්, ඔබේ බබාට ඔබෙන් විය යුතු සියළු කටයුතු නිසියාකාරව ලබා දිය හැක.  ආතතියෙන් යුත් මවක්, ඔබේ බබාට තර්ජනයක් විය හැකි බව, තරයේ සිතේ තබා ගන්න.

බබාට ලබා දෙන සැළකීම හා සමානව ඔබේ පුද්ගලික අවශ්‍යතාවයන්ටද සම ස්ථානයක් ලබා දීම ඉතා වැදගත් වේ. ඔබේ බබා සමඟ සතුටුදායක සහ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ඔබේ යුතුකමක් මෙන්ම වගකීමකි.

සෑම ආකාරයෙන්ම තෘප්තිමත් මවක් වන්න!  

#afterthedeliveryofachildastomachandaheadache #afterpregnancy #womenhealthcare #

note

You may also like
ප්‍රසවයට පසු දැනෙන ආතතිය මඟහරවා ගැනීමට නම්
දරුවාගේ උපත සිදු වූ විගස ඔබ කළ යුත්තේ කුමක්ද?
error: Content Protected © mummypages.lk