Home > අලුත උපන් ළදරැවා > දරුවාගේ පෝෂණය සහ එයට අනුරුප ආහාර

දරුවාගේ පෝෂණය සහ එයට අනුරුප ආහාර

මව්වරුන්ගේ සෑම විටම කතා බහට ලක්වන ප්‍රධානතම විෂයයක් නම්, දරුවාගේ පෝෂණයයි. එය සමහර දෙමව්පියන්ට ප්‍රශ්නයකි. තමන්ගේ කිරි වැරීමෙන් පසු, කිරි වෙනුවට දරුවාට ආහාර වශයෙන් දිය යුත්තේ කුමක්දැ’යි සෑමවිටම ප්‍රශ්නයක් මතු වේ. දරුවාට දිය යුතු සුදුසු පෝෂ්‍යදායක ආහාර කවරේද, නුසුදුසු කවරේද යන්න සැමදාමත් මවකට මතුවන ගැටලුවකි.

මේ ගැටලුවට විසදුම් සෙවීමට, රිජ්වේ ආර්යා ආරෝග්‍ය ශාලාවේ, ළමා වෛද්‍ය විශේෂඥ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ළදරු ඒකකයේ ආචාර්ය පූජිත වික්‍රමසිංහ මහතාව සම්මුඛ සාකච්චාවකට කැඳවීමට මම්ස්කෙයාර් ආයතනයට හැකි වූ බව සතුටෙන් දැනුම් දෙමු.  එම ළමා විශේෂඥ මහතා, කිරි වැරීම සහ ඉන්පසු දරුවන්ට ලබා දෙන පෝෂ්‍යදායක ආහාර පිළිබඳව ඉතා වටිනා උපදෙස් මෙසේ ලබා දුනි.

වෙලාව

තම බිලිඳා හය මසක් වයස් ගත වුවිට, මවගේ කිරි වෙනුවට වෙනත් පෝෂ්‍යදායක  දේ දීමට පටන් ගැනීමට ඉතාම සුදුසු කාලයි.  බිළිඳාට වයස මාස හයක් ගත වූ විට, මවගේ කිරි වලින් පමණක් යැපීමට නොහැක.  එමනිසා, වෙනත් පෝෂ්‍යදායක ආහාර, ඝන ආහාර, මෙම වයසේදී බබාට දීමට පටන් ගත යුතු වේ.  බබා අවුරුද්දක් වයසට පත් වූ පසු, පවුලේ අන් අය ආහාරයට ගන්නා දේට සමාන දේ ගැනීමට  පුරුදු විය යුතුයි.   මුලින්ම ඔබේ බිලිඳාට ඝන ආහාර දීමට පටන් ගැනීමේදී, පිරිසිදු කෝප්පයක් සහ හැන්දක් භාවිතා කළ යුතූයි.  පටන් ගැනීමේදී දෙන ආහාර ප්‍රමාණය ගැන කතා කළහොත්, සති කීපයක් යන තෙක්, එක වේලකට තේ හැඳි 2 – 3 දක්වා දිය යුතුයි.  මෙම ක්‍රියාවලිය පටන් ගෙන සති දෙකක පමණ කාලයකදී, මෙම ප්‍රමාණය තේ කෝප්ප 1/3 කින් පමණ වැඩි කල යුතුයි.  ඝන ආහාර දීමට පටන් ගත් මුල් දින කීපය තුල, මෙම අතිරේක ආහාරය දිය යුත්තේ දියර වශයෙනි.  කෙසේ නමුත්, පළවෙනි සතියේ අවසානයේදී, ආහාරය ඝන ස්වභාවය බබාට හපන ප්‍රමාණයට වැඩි කළ යුතුයි.

#babyfood #healthyfood #lankababyarticle #motherandbaby

note

You may also like
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?
IVF (In-Vitro Fertilization) in sri lanka
What Maternity Leave Mean To A Working Parent
error: Content Protected © mummypages.lk