Home > අලුත උපන් ළදරැවා > දරුවාගේ පෝෂණය සහ එයට අනුරුප ආහාර

මව්වරුන්ගේ සෑම විටම කතා බහට ලක්වන ප්‍රධානතම විෂයයක් නම්, දරුවාගේ පෝෂණයයි. එය සමහර දෙමව්පියන්ට ප්‍රශ්නයකි. තමන්ගේ කිරි වැරීමෙන් පසු, කිරි වෙනුවට දරුවාට ආහාර වශයෙන් දිය යුත්තේ කුමක්දැ’යි සෑමවිටම ප්‍රශ්නයක් මතු වේ. දරුවාට දිය යුතු සුදුසු පෝෂ්‍යදායක ආහාර කවරේද, නුසුදුසු කවරේද යන්න සැමදාමත් මවකට මතුවන ගැටලුවකි.

වෙලාව

තම බිලිඳා හය මසක් වයස් ගත වුවිට, මවගේ කිරි වෙනුවට වෙනත් පෝෂ්‍යදායක  දේ දීමට පටන් ගැනීමට ඉතාම සුදුසු කාලයි.  බිළිඳාට වයස මාස හයක් ගත වූ විට, මවගේ කිරි වලින් පමණක් යැපීමට නොහැක.  එමනිසා, වෙනත් පෝෂ්‍යදායක ආහාර, ඝන ආහාර, මෙම වයසේදී බබාට දීමට පටන් ගත යුතු වේ.  බබා අවුරුද්දක් වයසට පත් වූ පසු, පවුලේ අන් අය ආහාරයට ගන්නා දේට සමාන දේ ගැනීමට  පුරුදු විය යුතුයි.   මුලින්ම ඔබේ බිලිඳාට ඝන ආහාර දීමට පටන් ගැනීමේදී, පිරිසිදු කෝප්පයක් සහ හැන්දක් භාවිතා කළ යුතූයි.  පටන් ගැනීමේදී දෙන ආහාර ප්‍රමාණය ගැන කතා කළහොත්, සති කීපයක් යන තෙක්, එක වේලකට තේ හැඳි 2 – 3 දක්වා දිය යුතුයි.  මෙම ක්‍රියාවලිය පටන් ගෙන සති දෙකක පමණ කාලයකදී, මෙම ප්‍රමාණය තේ කෝප්ප 1/3 කින් පමණ වැඩි කල යුතුයි.  ඝන ආහාර දීමට පටන් ගත් මුල් දින කීපය තුල, මෙම අතිරේක ආහාරය දිය යුත්තේ දියර වශයෙනි.  කෙසේ නමුත්, පළවෙනි සතියේ අවසානයේදී, ආහාරය ඝන ස්වභාවය බබාට හපන ප්‍රමාණයට වැඩි කළ යුතුයි.

විකීමට උනන්දු කරවීම 

ඝන ආහාරය, දියරයක් ලෙස සාදා ගැනීම නොකළ යුතුය.  එවිට, බබා එය බීමට මිස සපා කෑමට පුරුදු නොවේ.  හපා කෑමේ ක්‍රියාවලිය ඔහුගේ විදුරුමස් ශක්තිමත් කිරීමටත්, කතා කිරීමට පටන් ගැනීමටත් උපකාර කෙරේ.  හැපීමට පුරුදු කිරීමට හොඳම වයස මාස 4 – 10 දක්වායි.  ඝන ආහාර දීමට පටන් ගන්නා මෙම කාලය බබාගේ දත් වල වර්ධනය පටන් ගන්නා කාලයයි.  දත් එනවිට, බබාලා අතට හසු වන ඕනෑම දෙයක්  හැපීමට උත්සහ කරයි.  එවිට කුඩා ඝන කැබලි සහිත ආහාර දරුවාට හඳුන්වා දීම, බබාට හපන්නට පුරුදු කිරීමකි.

පටන් ගැනීමේදී දිය යුතු සුදුසු ආහාර

ශ්‍රී ලංකාවේ බබාලාට මුලින්ම හඳුන්වා දිය යුතු ආහාර ලෙස මහාචාර්ය වරයා සඳහන් කලේ බත් සම්බන්ධ ආහාර යනුවෙනුයි.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා, ජීව විද්‍යාත්මකව සහ සංස්කෘතිය අනුව, ශ්‍රී ලංකාවේ බබාලාට සුදුසුම ආහාරය (අසාත්මිකතාවයන් ඇති නොවේ) බත් බව මහාචාර්ය වරයා අවධාරණයෙන් පැවසුවා.  තවද, කෑමට ප්‍රිය උපදවන පරිදි එය සදා ගැනීමටත්, මුලින් පටන් ගැනීමේදී, කිරි ටිකක් එයට එක් කිරීමටත් හොඳ බව ඔහු පැවසුවා.

දෛනික ආහාර රටාව

බබාට දෛනිකව දෙන ආහාර රටාව

  • උදේ 07ට පෙර මව්කිරි දෙන්න. බබාට බඩගිනි ඇතිවූ විට, උදේ ආහාර වේල දීමට උදේ 7.00 – 8.00 දක්වා පුරුදු කරන්න.  උදේ ආහාර දීම අවසන් වී විනාඩි 45කින් පමණ මව් කිරි දෙන්න.
  • කිරි දීමෙන් පසු උදේ 45 – 10.00 අතරතුර පලතුරු කුඩා ප්‍රමාණයක් දෙන්න
  • දහවල ආහාර වේල එනතෙක් කිරි හෝ වෙනත් ආහාරයක් දෙන්න එපා
  • බබාගේ තිබහට නටවා නිවා ගත් වතුර, කිරි වෙනුවට, කෝප්පයකින් පොවන්න
  • දිවා ආහාරය හඳුන්වා දෙන්න (උදේ දුන් ආහාරයට සමාන ලෙස සෑදු බත්, නමුත් දින 3 – 5කට පසු එයට එළවලු සහ මාළු මිශ්‍ර කරන්න)
  • හවසට  කුඩා ආහාරයක් සහ මව් කිරි දෙන්න
  • ඝන ආහාර දෙන්නට පටන් ගත්තාට පසු, බබා නිදා ගැනීමට පෙර, රාත්‍රී ආහාරය රෑ6.30ට පමණ දෙන්න

KEYWORDS :
#babycare #srilankababyarticle #foodarticle #food #foodtime

note

error: Content Protected © mummypages.lk