Home > Latest Articles > දරුවාගේ උපත සිදු වූ විගස ඔබ කළ යුත්තේ කුමක්ද?

දරුවාගේ උපත සිදු වූ විගස ඔබ කළ යුත්තේ කුමක්ද?

දරුවා සමඟ ශාරීරික සම්බන්ධතාව ඇති කර ගන්න :  අම්මා සහ දරුවා අතර බන්ධනයක් ඇතිකර ගැනීම ඉතා වැදගත් අංගයකි.  දරුවා ඉපදුන විගස, පෙකණි වැල කැපීමට ප්‍රථම වුනත්, දරුවාව ඔබේ දෑතට ගන්න.  දරුවාගේ උපත සිදු වූ විගස, දරුවාව සුදු පැහැති ද්‍රව්‍යයකින් සහ රුධිරය ස්වල්පයක් ඔහුගේ/ඇයගේ ශරීරයේ තිබිය හැක.  ඔබේ වින්නඹු මාතාව හෝ වෛද්‍යවරයා එම ද්‍රව්‍ය පිසදා, බ්ලැන්කට්ටුවකින් දරුවාව ඔතා ඔබේ දෑතට දිය හැකිය.  සමහර බබාලාගේ මුඛයේ ශ්ලේෂ්මල කොටස් තිබිය හැක.  එවිට බබාව ඔබේ අතට දීමට පෙර, ඔවුන්ට හුස්ම ගැනීම පහසු කරවා ඔබේ අතට බබාව දෙනු ලැබේ.  ඔබේ බබාගේ බර මැන, දිග ප්‍රමාණය බලා, මැණික් කටුවේ පටියක් බැඳ, ඔබ රෝහලේ හෝ උපත් මධ්‍යස්ථානයක සිටී නම්,  බබාව හඳුනා ගැනීම සඳහා ඔබගේ නම ලියනු ලැබේ.

බබාට විටමින් කේ (K) එන්නත :  ඔබේ අලුත උපන් බිලිඳාට විටමින් කේ (K) එන්නත කීප වාරයක් දෙනු ලැබේ.  අලුත උපන් බබාලාට, ඉතා කලාතුරකින් තිබෙන රුධිර වහනයේ වෙනස්කම් වලින් ආරක්ෂා කිරීම පිණිස මෙම එන්නත ලබාදෙනු ලැබේ.  මෙම විටමින් කේ (K) ඔබ‍ට බබාගේ මුඛයට ඇතුල් කිරීමට ද හැකියාව ඇත.

කැපුම් වලට මැහුම් දැමීම

උපතේදී සිදු වන කුඩා ඉරීම් සඳහා මැහුම් දැමීම අවශ්‍ය නොවේ.  ඒවා ක්‍රමයෙන් ස්වභාවිකව සුව වේ.  ඔබට ශල්‍යකර්ම කැපුමක් (ප්‍රසූතිය පහසු කිරීම සඳහා කරන කැපුම) ඇත්නම්, එයට අනිවාර්යයෙන්ම  ස්ථානීය නිර්වින්දනයක් ලබා දී (ඔබට නිද්‍රාවට පත්වෙන නිර්වින්දනයක් ලබා දී නොමැති නම්),මැහුම් දමනු ලැබේ.  ඔබව ප්‍රසූතිකාගාරයෙන් පිටතට යැවීමට පෙර වින්නඹු මාතාව හෝ සාත්තු සේවිකාව ඔබව පිරිසිදු කරනු ලැබේ.

දරු ප්‍රසූතියෙන් පසු දැඩි රුධිර වහනයක් ඇති වූවොත් ලබා දෙන එන්නත්

ඉතා කලාතුරකින්, අලුත් මව්වරුන්ට දරු ප්‍රසුතියෙන් පසු නොනවත්වා රුධිර වහනය සිදුවීමක් ඇතිවිය හැක.  මෙම අවස්ථාව හඳුන්වන්නේ පී.පී.එච්. (Postpartum Haemorrhage) යනුවෙනි.  සමහර අවස්ථාවල, මෙය මුල් පැය 24 තුළ සිදුවිය හැක (Primary PPH).  එසේ නොමැති නම්, මුල් සති 6 තුළ වුවද සිදුවිය හැක (Secondary PPH).  මෙය සිදුවන්නේ, සාමාන්‍යයෙන් බබා ඉපදුන පසු, ඩිම්බ බන්ධයේ කොටසක් ගර්භය තුළ ඉතිරි වී ඇති නිසා වේ.  එසේ නොමැති නම්, ගර්භයේ යම් ආසාදනයක් නිසා හෝ විය හැක.  මෙම පී.පී.එච් (PPH) අවදානම අඩු කිරීම සඳහා, දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ දී ඔබට සින්ටොසිනොන් (syntocinon) නමැති එන්නතක්, වැදෑමහ සම්පූර්ණයෙන් ගර්භයෙන් පිටතට තල්ලු කිරීමට උදවු කිරීම සඳහා දෙනු ලැබේ.

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.  මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.