Home > පවුලක් > දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කරන දෙමව්පියන්

දරුවන් සමඟ විනෝදයෙන් කාලය ගත කරන දෙමව්පියන්

දරුවන්ගේ සුරතල් බලමින්, ආදරය බෙදා හදා ගැනීමෙන් ලැබෙන  සතුට විඳගනිමින් කාලය ගත කිරීමේදී ඇතිවන මානසික සුවයත්, දරුවන් හොඳ වැඩිහිටියන් බවට පත් කර, ඔවුන් අනාගතයේ දී සමාජයේ වැජඹෙන පුද්ගලයින් බවට පත් කිරීමට විය යුතු මහන්සිය දන්නෙත් දෙමව්පියන් පමණි.  ඈත අතීතයේ ශ්‍රී ලාංකික දෙමව්පියන් දරුවන්ට ඉතා තද පරුෂ ලෙස සිටියත්, වර්තමානයේ දෙමව්පියන් එම  වැට කඩොළු කඩාගෙන ඉදිරියට ගොස් ඇතිබව පෙනේ.  දරුවන් සමඟ ඉතා සුහදව, තම අදහස් හුවමාරු කරගනිමින් ඉතා මිත්‍රශීලී ලීලාවෙන් දරුවන් සහ දෙමව්පියන් අද දවසේ තම නිවස තුල ඉතා සුහදශීලී වාතාවරණයක් සාදාගෙන සිටින අයුරු ඉතා පැහැදිළිව පෙනෙන කරුණකි.

සත්‍ය වශයෙන්ම, ශ්‍රී ලාංකික අපි, දෙමව්පියන් වශයෙන් අපේ සංස්කෘතික ආකල්ප රැක ගත යුතු නමුත්, දරුවන් සමඟ සුහදශීලී ලෙස හැසිරිය යුතුවේ.  අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය නිසියාකාර ලෙස සෑදීම පිණිස අපි යම් පියවර ගත යුතු අතර, ඒ සඳහා දරුවන්ට රූපවාහිනිය නැරඹිමට අවසර දියයුතු කාලය කොපමණදැ’යි තීරණය  කිරීමටත්, දරුවන්ව අධ්‍යාපන කටයුතුවලට වැඩි වශයෙන් යොමු කළ යුතු බවත් අප හොඳින් දන්නා කරුණු වේ.

දරුවන්ට ඉතා දැඩි ලෙසමෙය කරන්න” , “ඒක කරන්න එපායනුවෙන් නිතරම නීති රීති දැමීමෙන් දරුවන්ව මෙල්ල කළ නොහැක.

දරුවන් සමඟ සුහදව විනෝදයෙන් කාලය ගත කිරීම සඳහා පහත සඳහන් කරුණු ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

  • නිසි සමබරතාවයක් රැක ගන්නඔබේ දරුවන් නිදහස් මතධාරීන්, බුද්ධිමත්, පරාර්ථකාමී සහ සමාජයේ අන් අය සමඟ සමඟියෙන් කටයුතු කළ හැකි පුද්ගලයන් කිරීමට ඔවුන්ව නිසි අයුරින් හසුරුවන්න. ශ්‍රී ලාංකික දරුවන් නිර්මාණශීලී, කැමැත්තෙන් ඉදිරිපත්වන, ජීවිතයට ආදරය කරන සහ විනෝදයෙන් ජීවත්වන සතුටුදායක ළමයින් ලෙස සමාජයට දායාද කරන්න.  ස්ථාවරව කටයුතු කිරීම සහ විනෝදය සමබර කරගන්න  එමඟින් ඔබ දරුවන්ට ඉතා ආදරය කරන මවක් හෝ පියෙක් විය හැක.
  • සෑම දෙයක් පිළිබඳව දරුවන් සමග සාකච්ඡා කරන්න. – දරුවන් සමඟ විවේකීව සිටීමට කාලයක් යොදා ගන්න.    ඔබ දරුවන්ගේ මවක් හෝ පියෙක් වූවත්, ඔබ සමඟ දරුවන්ට ඕනෑම දෙයක් කිවහැකි පුද්ගලයෙක් බව දරුවන්ට දැනෙන්නට ඉඩ හරින්න.  ඔබ එයට ඉඩ නොදුනහොත්, ඔවුන් වෙනත් අය සමඟ ඔවුන්ගේ හිතේ ඇති දේ කතා කිරීමට පෙළඹිය හැක.  ශ්‍රී ලාංකික දරුවන් සාමාන්‍යයෙන් තම දෙමව්පියන් සමඟ ඔවුන්ගේ ප්‍රශ්ණ කතා කිරීමට නොපෙළඹේ.  ඔබේ දරුවාව චෝදනාකරුවෙක් නොකර, දරුවන්ගේ හදවත ඔබ ඉදිරියේ විවෘත කිරීමට පොළඹවන්න.  මෙමඟින් ඔබට දරුවන් සමඟ සහයෝගීතාවයෙන් ඉතා දිගු ගමනක් යාමට හැකියාව ඇති වේ.
  • පියා හෝ මවදරුවන් සමඟ විනෝදයෙන් විහිළු කරමින්, සැමදාම තමන් ඔවුන්ට කොතරම් ආදරේදැ’යි කියමින් සිටියද, ඔබ ඔවුන්ගේ යහළුවෙක් නොවේ. ඔබ ඔවුන්ගේ ශක්තිමත් කුළුණ, ඔවුන්ගේ ආරක්ෂකයා මෙන්ම ඔබ ඔවුන්ගේ මව හෝ පියා වේ.

මවක් හෝ පියෙක් වීම පැටලිලි සහගත සහ අමාරු කාර්යයකිඑයට හේතුව ඔබ ලොකු මහත් කිරීමට සැරසෙන්නේ මොළයක් සහ හදවතක් ඇති මනුෂ්‍යයන් නිසයි.

#family  #motherandfather #motherfatherchildren