Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරුවන් මුළුතැන්ගෙටහුරු කරමු !

දරුවන් මුළුතැන්ගෙටහුරු කරමු !

දරුවන්ව ඔබේ වැඩ වලට සහභාගී කර ගැනීමට පුරුදු කිරීමට අපහසු වූවාද ?  අන්තිමේදී ඔබට තනිවම මුළුතැන්ගේ වැඩ සමඟ තනි වීමට සිදු උනාද?

ශ්‍රී ලංකාවේ බොහෝ විට මෙම තත්ත්වය සාමාන්‍ය දෙයකි.  ශ්‍රී ලංකාවේ නියමානුකූල මවකට කෑම සෑදීම සහ ගෙදර නොයෙකුත් වැඩ තනිවම කරන්නට සිදු වී ඇත.  බොහෝ වෙලාවට ඇයට උදව්වට කිසිවෙක් නැත.

නමුත්, ඔබ නියම ප්‍රතිකර්ම යෙදුවොත්, ඔබේ මුළුතැන්ගේ සහ ගෙදර වැඩට ඔබේ දරුවන් හුරු කර ගැනීම අපහසු නොවේ.

ab9e318d294584b732401c18148407ab

 දරුවන්ව ඔබේ වැඩ වලට උදව් ගැනීමට හුරු කර ගන්නා අයුරු  

  • වෙලාව දරුවන්ට ඉගැන්වීමට බොහෝ වෙලාවක් ගත වන බැවින්, පළමුව ගෙදර කවුරු හෝ ඉක්මනින් කෑම ගැනීමට බලා සිටිනවාදැ’යි තහවුරු කරගන්න.
  •  ක්‍රමයෙන් පටන් ගන්න දරුවාගේ වයස මත වැඩ බෙදා දීමට පටන් ගන්න. පලතුරු සහ  එළවලු සේදීම, කැපීම, පොතු ඉවත් කිරීම සහ පීරිගෑම ආදී දේ දරුවන් අතර බෙදා දෙන්න.
  • පෙන්වා දෙන්න දරුවන්ට භාර දුන් වැඩ කොටස කරන අයුරු මුලින් ඔබ කර පෙන්වා දෙන්න. මෙය ක්‍රම ක්‍රමයෙන්, හෙමිහිට කරන්න මතක තබා ගන්න.  ඔවුන් තම වැඩ කොටස තනියම කරන්නට පෙර, ඒවා ඔවුන් තනියම කරන අයුරු තේරුම් ගත්තේදැ’යි  තහවුරු කර ගන්න.
  • ඉවසිලිමත් වන්න ඔබේ දරුවන් පළමුවෙන්ම මේ දේවල් කරනා විට, ඔවුන් නිසියාකාරව කරන්නේ නැත. ඔවුන් නොයෙකුත් අත් වැරදි කරන්නට පුළුවන.  ඔවුන්ට උදව් අවශ්‍ය වේලාවට නොපැකිල ඔවුන්ට අත දෙන්න.
  • පරීක්ෂා කරන්න සෑමවිටම දරවන් පිහි, පීරවල් (ග්‍රේටර්) ආදිය පාවිච්චි කරනා විට, නිතරම ඔවුන් ගැන පරීක්ෂාවෙන් සිටින්න. ඔවුන් එම දේවල් වලින් අත කපා ගැනීමට හෝ නොයෙකුත් අනතුරු වලට මුහුණ පෑමට පුළුවන.
  • හසුරුවන්න ඔවුන් තම තමන්ගේ වැඩ කොටස අවසන් කළ පසු, ඔවුන් පරිහරණය කල පිහි තල සහ අනෙකුත් දේවල් සෝදා, නැවත ඒවා කලින් තිබු තැන් වලම තබන්නට හුරු කරන්න.
  • අත්හැදීම් දරුවන්ට කෑම පිසීමට හුරු කරනා විට, නිර්මාණශීලී වීමටත්, අත්හදා බැලීමටත් ඔවුන්ව උනන්දු කරවන්න.
  • අගය කරන්න ඔවුන් කළ උදව්ව සෑමවිටම අනුමත කරන්න. අගය කරන්න.  එවිට ඔවුන් හැකි සෑමවිටම ඔබට උදව්  කිරීමට පෙළඹේවි.

ළමයින්ව ගෙදර වැඩට හුරු කිරීමෙන් සිදුවන ප්‍රයෝජන

ඔබේ දරුවන්ව කෑම පිසීමට සහ ගෙදර වැඩට පුහුණු කරවීමෙන්, කෑම මේසය පිළියෙළ කිරීම පමණක් නොව, වෙනත් ප්‍රයෝජනද ඇත.

  • ශ්‍රී ලංකාවේ ඔබේ දරුවන්, තම ජීවිතයේ වැදගත් අංගයක් වන කෑම පිසීමට පුහුණු වේ
  • ඔබේ දරුවන් සමඟ හොඳ කාලයක් ගෙවීමට ඔබට හැකි වේ
  • පවුලේ අවශ්‍යතාවයක් වන කෑම පිසීම වැනි දෙයකට සභාගි වීමට ඔවුන්ට අවස්ථාවක් ලැබේ. මේනිසා, පවුලේ සම්බන්ධතාවය ශක්තිමත් වේ.
  • ළමුන්ගේ විවේක කාලය, රුපවාහිනිය නැරඹීමට සහ වීඩියෝ ක්‍රීඩා කිරීමට වඩා වටිනා දෙයකට යොදා ගත හැක
  • ඔවුන් අවධානය යොමු කිරීමට සහ උපදෙස් පිළිපැදීමට හුරු වේ
  • ගුණාත්මක බවින් යුත් හොඳ ආහාර වේලක් පිළියෙළ කර ගැනීමට පුරුදු වේ
  • ආහාර පිසීම යනු කලාත්මක දෙයකි. එය ඔබේ දරුවාගේ නිර්මාණශීලී තාවය වැඩි දියුණු කිරීමට උපකාර වේ

ඉතින්, ඔබේ දරුවන් මුළුතැන්ගේ වැඩට යොදවා ගැනීමෙන්, ඔවුන්ගේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලියට ප්‍රයෝජනවත් වේ.  පසු කාලයක ඔවුන්ගේ විවාහ දිවියටද මෙය ප්‍රයෝජනවත් වේ.  තවද, පිටින් කෑම මිළදී ගැනීමෙන් වැළකීමට පුරුදු වීම නිසා, මුදල් ඉතිරියක් ද ඇතිවේ.

මෙම ක්‍රියාවලිය පිළිබඳව ඔබේ හැඟීම කුමක්ද?  දරුවන් මුළුතැන් ගේ සිටීම ඔබේ වැඩ වලට බාධාවක්ද?  එසේ නැතහොත්, එය ඔබේ මහන්සියට හොඳ ප්‍රතිපලයක්ද?  ඔබේ සිතිවිලි මමිපේජස් සමඟ බෙදා ගන්න

KEYWORDS
#letourkidsinourkitchen #motherandchild #kitchen time #familyinkitchen

 

note

You may also like
හොඳ වචන වලින් ආදරය පතුරුවන්න.
මුල් අවධියේ ඉගෙන ගැනීමේ නිපුණතාවය
error: Content Protected © mummypages.lk