Home > Latest Articles > දරුවන් අතර ඇති ස්ථූලභාවය

දරුවන් අතර ඇති ස්ථූලභාවය

හුරතල්, නමුත් නීරෝගී නැහැ!

අල්ලන්න එන කෙනාගෙන් ගැලවී, බේරීමට අනිත් ළමුන් වේගයෙන් දුවද්දී, ශානිල් තෙවැනි වරටත් එයාට අහු උනා.  ඔහුගේ යහළුවන් හා සම සමව දිවීමට ශානිල්ට අපහසුයි.  මෙයින් විනෝදයට පත් ළමුන්, ඔහුට “බතලයා” කියමින් විහිළු කරන්නට පටන් ගත්විට, ඔහුගේ තරබාරු කම්මුල් දිගේ කඳුළු රූරා වැටෙන්නට පටන් ගත්තා.  ශානිල් දැනටමත් කීප වරක්ම එම ක්‍රීඩාවෙන් පැරදුන බැවින්, වේදනාවෙන් හිටියේ.  ශානිල් මෙන් බොහෝ තරබාරු ළමයින් මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ පාන බව අප දන්නා කරුණක්.  සමහරවිට, ඔබේ දරුවාත් ඒ අතර ඇති.

ශ්‍රී ලාංකික මව්වරුන් බොහොමයක් මෙවැනි තරබාරු ළමයින් ගැන සිතන්නේ  ඔවුන් නීරෝගී සහ සෞභාග්‍යමත් ළමුන් ලෙසයි !  එමනිසා, මෙවැනි මිත්‍යාවන්ගෙන් මිදී, ශ්‍රී ලංකාවේ සිටින සාමාන්‍ය තරබාරු කමින් එපිටට ගිය ළමයින් පිලිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් කාර්යයක්.  අනිසි තරබාරුකම ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හිතකර නොවේ.  ඔබටම ඔබේ දරුවාගේ ස්ථුලභාවය තීරණය කිරීමට නොහැකි හෙයින්, ඔබේ වෛද්‍යවරයාගේ පිහිට පතන්න.

ස්ථුලත්වය යනු කුමක්ද

 මෙම ස්ථූලභාවයට එක හේතුවක් වශයෙන් දැක්විය හැක්කේ පවුලේ ප්‍රවණතාවයයි.  තවද, වැඩිපුර සීනි සහ පිෂ්ඨය සහිත ඉක්මණින් පිළියෙළ කරන කෙටි ආහාර වර්ගද, මෙම ස්ථූල භාවයට බලපානු ලැබේ.  මෙම කෙටි ආහාර වර්ග දරුවාගේ ශරීරය  ස්ථූලත්වයට පැමිණවීමට සහ දරුවාගේ ක්‍රියාශීලිත්වය අඩු කිරීමට හේතුවක් වේ. බොහෝ දුරට දැන් හැදෙන  දරුවන්ගේ විවේක කාලයේ ඔවුන් රූපවාහිනිය නැරඹීමට සහ වීඩියෝ ක්‍රීඩා කිරීමට හෝ පරිඝනකය ඉදිරියේ ගත කිරීමට පුරුදු වී සිටින හෙයින්, මෙම ආහාර වැළඳීම දරුවාගේ ශරීර සෞඛ්‍යයට හිතකර නොවේ.

සෞඛ්‍ය ප්‍රශ්ණ

  • ස්ථූලභාවය නියමිත පරිදි සතුටුදායක ලෙස මර්දනය නොකළහොත්, එය දරුවාගේ ජීවිතයටද තර්ජනයක් විය හැකිය.
  • බරින් වැඩි දරුවන් ස්ථූල භාවයෙන්ම සිටී නම්, ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු, දියවැඩියාව, හෘද රෝග, රුධිර පීඩනය, අක්මාවේ රෝග (තෙල් සහිත අක්මාව) ආදී රෝග ඔවුන්ට පහසුවෙන් ඇති විය හැක.
  • ඔවුන්ට නියමිත රාත්‍රී නින්ද නොලැබී යාහැකි අතර, නින්ද අතරමඟ බාධා ඇතිවිය හැක. රාත්‍රී කාලයේ නියමිත නින්ද නොලැබී යාම නිසා, දහවල් කාලයේ ඔවුන් නිදිමතින් පෙළෙන අතර, මෙය ඔවුන්ගේ දිනපතා ක්‍රියාකාරකම් වලටද බලපෑ හැකිය.
  • තවද, අඩු ආත්ම ශක්තිය, මානසික පීඩනය සහ නිරතුරුව කණගාටුවෙන් සිටීම නිසා, විෂාදය වැනි රෝගයන් ඇති වීමටද හේතු වේ.

ඔබේ දරුවාට ස්ථූලභාවයෙන් (තරබාරුකමින්) මිදීමට උදව් කරන්න

 ශ්‍රී ලංකාවේ දරුවන්ට ස්ථූලත්වයෙන් මිදීමට උපදෙස් :

  • ඔබේ ශරීර හැඩය පවත්වා ගනිමින්, දරුවන්ට ආදර්ශයක් වෙන්න. ඔබේ දරුවන්ට නියමිත ශරීර බර ප්‍රමාණය පවත්වාගෙන යාමට උදව් කරන්න.
  • ඔබේ දරුවාගේ ආහාරය නැවුම් පලතුරු සහ එළවළු වලින් පිළියෙළ කරන්න. ඔවුන්ට තෙල් සහිත ආහාර වන පේස්ට්‍රි වැනි ආහාර ගැනීමට ඉඩ නොදෙන්න.
  • ඊට අමතරව, රූපවාහිනිය සහ පරිඝනකය ඉදිරියේ ඔවුන් ගත කරන කාලය අඩු කර, දිනපතා ව්‍යායාම් කිරීමටත්, ශාරීරික ක්‍රියාකාරකම් වන බයිසිකල් පැදීම, පිහිනීම සහ පැනීම ආදී දේ කිරීමට පොළඹවන්න.

සෑම මවක්ම බලාපොරොත්තු වන්නේ තම දරුවා සතුටුදායක, ක්‍රියාකාරී සහ උනන්දුවෙන් යුක්ත ළමයෙක් වනු දැකීමටයි.  ඔබත් මෙයට හදවතින්ම එකඟ වනු නියතයි.  එමනිසා, ඔබේ දරුවා ස්ථූල භාවයෙන් මුදවා ගන්න.  මෙය කිරීමෙන් ඔබ ඔබේ දරුවාව නීරෝගී ළමයෙක් කරනවා පමණක් නොව, ඔහුට නීරෝගී වැඩිහිටියෙක් වීමටත්  අනුබල දෙනු ලැබේ.

යම්කිසි දවසක, ඒ වෙනුවෙන් ඔබේ දරුවා ඔබට ස්තුතිවන්ත වෙනු ඇත!

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මමිපේජස් යනු වෛද්‍යවරයෙක් හෝ චිකිත්සකයෙක් නොවේ. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු සාමාන්‍ය දැනගැනීම පිණිස මිස, එය විශේෂඥ වෛද්‍ය උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු රෝග විනිශ්චය කිරීම සඳහා යොදා නොගන්න. ඔබට යම් රෝගයක් වැළඳී ඇති බව දැනේ නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

You may also like
සෑම දරුවෙක්ම දැනගත යුතු කෑම මේසයේ හොඳ පුරුදු
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම
ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම
මවක් රට රැකියාවට යාමෙන් අසරණවන දරුවන්