Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරුවන්ට සෙල්ලම් තුවක්කු අරගෙන දෙනවාද?

දරුවන්ට සෙල්ලම් තුවක්කු අරගෙන දෙනවාද?

මාගේ ස්වාමියා ඔහුගේ පවුලේ එකම පිරිමි දරුවායි. ඔහුට සිටින්නේ සහෝදරියන් පස් දෙනෙක් පමණයි.  ඔහුගේ අම්මා ඔහුට සෙල්ලම් තුවක්කු කිසි දිනක රැගෙන දුන්නේ නැහැ.  නමුත්, ඔහුට අවුරුදු හයක් වනවිට, ඔහුගේ නිදන කාමරයේ යහළුවෙකුගෙන් ඉල්ලා ගත් සෙල්ලම් තුවක්කුවක් තිබෙනු දුටු ඔහුගේ අම්මා හොඳටම තැති ගැන්වෙලා තියෙනවා!  අපි දැන් ඔහුගේ අනුවණ ක්‍රියාවට හිනාවෙනවා.

පරම්පරා කීපයකට ඉහත දී, අසල්වැසි ළමයින් සමඟ පත්තර වලින් හෝ  පොල් ගස්වල කඳන් වලින් සෙල්ලම් තුවක්කු සාදා ගෙන  හොරා පොලිස් සෙල්ලම් කළ නමුත්, වර්තමානයේ විශේෂයෙන් පාසැල්වල සහ පොදු ස්ථානවල නොයෙකුත් කැරළි කෝලාහල ඇති වීමට පටන් ගත්පසු, ලෝකයේ මෙවැනි මතභේදාත්මක ප්‍රශ්ණ ඇති වූ නිසා, සෙල්ලම් තුවක්කු වලින් ළමයින් සෙල්ලම් කිරීමට පෙළඹීම එතරම් අහිංසක ක්‍රියාවලියක් නොවෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සමහර දෙමව්පියන් තම පිරිමි දරුවන්ට සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන නමුත්, සමහර දෙමව්පියන් පෙර පරිදිම තම දරුවන්ට සෙල්ලම් තුවක්කු ලබා දී, එම දරුවන්ට හොඳ හෝ නරක, ජීවිතයේ වැදගත් තේමාවන් සොයා බැලීමටත්, වීරයන් ලෙස මවා පාමින් තම බලය විද්‍යාමාන කිරීමටත් ඉඩකඩ සලසා දෙනු ලැබේ.

කෙසේ වෙතත්, බොහෝ දෙමව්පියන් තම පිරිමි දරුවන්ට සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කිරීමට ඉඩ නොදේ.   මෙයට හේතුව, දෙමව්පියන් සිතන්නේ මෙසේ සෙල්ලම් තුවක්කු වලින් සෙල්ලම් කිරීමට තම පිරිමි දරුවන්ට ඉඩ දුනහොත්, ඔවුන් සම වයසේ මිතුරන් සමඟ ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී,  වැඩිහිටියන් වූ පසුවත් එම ගතිගුණ දිගින් දිගටම ගෙන යයි කියා සිතන නිසාය.   තවද, සෙල්ලම් තුවක්කු එතරම් ආරක්ෂාකාරී නොවන අතර, තුවාල සිදුවීමට ද ඉඩ ඇත.  විශේෂයෙන් ඇස්වලට  සහ මුහුණට උණ්ඩ සහිත සෙල්ලම් තුවක්කු වලින් පීඩා ඇති විය හැක.

මවක් හෝ පියෙක් වශයෙන් මම මාධ්‍ය හරහා අප සමාජයේ සිදුවන නොයෙකුත් ව්‍යසනයන් දකින නමුත්,  අපේ ආදර දරුවා “බැන්ග් බැන්ග්” සහ ” මම ඔයාව මරනවා” යනුවෙන් කියද්දී, අපි කරදරයට පත් වී සිතන්නේ, ඔහු වැඩිහිටියෙක් වූ පසු ඉතා දරුණු, කලහකාරී පුද්ගලයෙකු බව‍ට පත් වේවි කියලයි.  බොහෝ තරුණ දරුවන් “මරණය” හෝ “මැරීම” යන වචනවල නියම අරුත නොදත් නමුත්, ඔවුන් සිතන්නේ වෙඩි තබන්නේ තම බලය පවත්වා ගැනීමට බවයි.

තම පිරිමි දරුවාට සෙල්ලම් තුවක්කුවකින් සෙල්ලම් කිරීමට දීම සුදුසුද, නොසුදුසුද කියා තීරණය කිරීම ඔබට අයත් කරුණකි.  ඔබ නිවසේ තම දරුවාට සෙල්ලම් කිරීමට සෙල්ලම් තුවක්කු ලබා දෙන්නේ නම්, ඒවා නියම තුවක්කු ලෙස නොපෙනෙන පරිදි, නොයෙකුත් දීප්තිමත් පැහැයෙන් යුක්ත ඒවා දීමට වග බලාගත යුතුයි.  එසේම ඔබේ පිරිමි දරුවන්ට,  ඒවායින් සෙල්ලම් නොකරන, විශේෂයෙන් ගැහැණු ළමයින්ට තුවක්කු එල්ල නොකරන ලෙස කියා දිය යුතුයි.  වාසනාවට, ගැහැණු දරුවන් සෙල්ලම් තුවක්කුවලට හෝ අඬදබර, කලකෝලාහල පිළිබඳව එතරම් කැමැත්තක් නොදක්වයි.  එමනිසා, ඔබට ගැහැණු දරුවන් සිටී නම්, සෙල්ලම් තුවක්කු පිළිබඳ ඔබ කරදරයට පත් විය යුතු නොවේ.

ඔබේ පිරිමි දරුවන් සෙල්ලම් තුවක්කු වලින් සහ ආයුධ වලින් සෙල්ලම් කරන්නේ නම්, ඔබ කළ යුත්තේ;

  • ඒවායින් සිදුවන අනතුරු පිළිබඳව ඔබ ඔවුන් සමඟ කතා කළ යුතුය
  • රූපවාහිනියේ හෝ ටීවී වීඩියෝ ක්‍රීඩාවල එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා බැලීම ඔවුන්ට සීමා කළ යුතුයි
  • එම ආයුධ මිළ දී ගැනීමේදී, දීප්තිමත් පාටවලින් හෙඹි සෙල්ලම් බඩු ලෙස පෙනෙන දේ ගත යුතුයි
  • ඔවුන්ට ඒවායින් සෙල්ලම් කිරීමට සහ ඉලක්ක කිරීමට සුදුසු දෙයක් ලබා දෙන්න. එවිට ඔවුන් මිනිසුන්ට හෝ සතුන්ට ඒවා එල්ල නොකරයි
  • එම සෙල්ලම් ආයුධ නිසි ලෙස පාවිච්චි කරන අයුරු උගන්වන්න.

පිරිමි දරුවන්ගේ දෙමව්පියන් වශයෙන්, සෙල්ලම් තුවක්කු පිළිබඳව ඔබේ අදහස් මොනවාද?

#boyandtoygun #gun #playwithtoygun #

note