Home > Latest Articles > දරුවන්ට බෙදා හදා ගැනීමට පුරුදු කරමු

දරුවන්ට බෙදා හදා ගැනීමට පුරුදු කරමු

ad-banner2

ළමයින් අතර තම තමාගේ ද්‍රව්‍ය බෙදා හදා ගැනීමේ පුරුද්ද ස්වෙච්ඡාවෙන් ඇති විය යුතු දෙයකි.  කෙසේ නමුත්, පෙරපාසැල් දරුවන් අතර මෙය දකින්නට නොලැබේ.  අපි ඔවුන්ට තම දේවල් බෙදා හදා ගැනීමට බල කිරීමෙන්, අපි නොදැනුවත්වම දරුවන්ගේ හැගීම් වලට සැලකිල්ලක් නොදක්වන අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක්ද  සිදු කරයි. තවද, අපි ඔවුන්ගේ යහළුවන් සහ ගුරුවරුන් ගැන තරහවක් ඇති කරයි.  බෙදා හදා ගැනීමේ පුරුද්ද ඇතිවිය යුත්තේ තමන්ගේ කැමැත්තෙන්මය.  එමඟින්, ඔවුන්ගේ අභිමතය පරිදි බෙදා හදා ගැනීමේ පුරුද්ද  ඇතිවේ.

දරුවන්ගේ ද්‍රව්‍ය බෙදා හදා ගැනීමේ පුරුද්ද, පෙරපාසලේදී පමණක් නොව, ඔවුන් වැඩිහිටි වයසට පත්වූ විටද ඉතා අගනා පුරුද්දකි.   අපේ දරුවන් හදා වඩා ගැනීමේදී, තම දේවල් අන් අය සමඟ බෙදා හදා ගැනීමේ පුරුද්ද ඇති කිරීම අත්‍යවශ්‍ය දෙයකි.  එය සමාජීය වැදගත් කමක්ද දරුවන්ට ලබා දේ.  තවද, එය තම මානසික තත්ත්වය සහ සමාජීය සංසැඳියාව වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වේ.

ශ්‍රී ලංකාවේ පෙරපාසැල්, අපි හිතනවාට වඩා දේවල් දරුවන්ට උගන්වයි.  නමුත්, ඉතා අගනා සාරධර්ම ළමුන්ට ඉගැන්වීමට සමහර අවස්ථාවලදී ඔවුන් අසමත් වේ.  ශ්‍රී ලංකාවේ ගුරුවරුන්, අපේ දරුවන්ට හොඳ හැසිරීම, තමන්ගේ නිර්මාණ ශක්තිය වැඩි දියුණු කිරීම, හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ අධ්‍යාපනික විෂයන් ආදිය ඉගැන්වීමට උත්සුක වන බව අප අමතක කළ යුතු නොවේ.    නමුත් තවමත් අපේ දරුවන්ට බෙදා හදා ගැනීමේ අවශ්‍යතාවය  පුහුණු කිරීම අමතක කර ඇත.

දරුවාගේ ජීවිතයේ ප්‍රථම අදියරේ අත්තිවාරම දමන පෙරපාසැල, දරුවන්ට තම ද්‍රව්‍ය එකමුතු කමින් යහළුවන් සමඟ බෙදා හදා ගැනීමේ පුරුද්ද ඇති කළ යුතුයි.  දරුවන්ට හොඳ පුරුදු මුල් කාලයේ පුරුදු පුහුණු කිරීම වැදගත් දෙයකි.  මන්ද?  පුංචි දරුවන් තමන්ට ඇසෙන දකින දේ ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට පසුබට නොවේ.  මෙය වැඩිහිටි වයසට පත් වීමේදී ඇති හැකියාවට වඩා වැඩිය.

බෙදා හදා ගැනීමේ පුරුද්ද දරුවන්ට ඉගැන්වීමට උපදෙස් කීපයක්:

  • පෙන්වා දෙන්නපැහැදිලි කරන්න එපා  ඇත්තටම ඔබේ පෙරපාසැල් යන දරුවාට බෙදා හදා ගැනීමේ පුරුද්ද ඇතිකිරීමට ඔබ උත්සුක වේ නම්, එය ඔබ පෙන්වා දිය යුත්තේ ඔබ ඔහුට/ඇයට ආදර්ශමත් වීමෙනි.  එනම්, ඔබ නිරන්තරයෙන් දීමට කැමති කෙනෙක්  නම්, එය දරුවාට පෙනේ නම්, ඇය/ඔහු දීමට අනිවාර්යයෙන්ම පුරුදු වේ. විනෝදජනක ක්‍රීඩාවක් ලෙසින් බෙදා හදා ගැනීමට පුරුදු කරන්න.  (උදා:  ලෑලි පුවරු ක්‍රීඩා හෝ නිර්මාණ ව්‍යපෘති වලදී බෙදා ගැනීමෙන්)
  • කුමක් හුවමාරු කළ යුතුදැයි නිගමනය කරන්න  ඔබේ දරුවාට බලපෑම් නොකිරීමට තදින් හිතට ගන්න.  ඔවුන් කැමති දෙයක් හුවමාරු කර ගැනීමට උපදෙස් දෙන්න.
  • ප්‍රශංසා කරන්න / තෑග්ගක් දෙන්න  සෑමවිටම දරුවා අන් සමඟ යම් දෙයක් බෙදා ගත් විට, ඔහුව හෝ ඇයව ප්‍රසංශා කිරීමට හෝ ඔහුගේ හෝ ඇගේ මේ ක්‍රියාවට තෑග්ගක් (උදා: ඔහු හෝ ඇය කැමති කෑමක්/පළතුරක්) දීමට උත්සහ කරන්න.

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ හොඳ පුරුදු, ඔවුන්ගේ චරිත වර්ධනයට, ආත්ම ශක්තිය ඇති කර ගැනීමට සහ සමාජීය සංවර්ධනයට ඉවහල් වේ.  තම පෙරපාසැල් යන දරුවාට  දිනපතා හොඳ පුරුද්දක් ඉගැන්වීමට මතක තබා  ගන්න.  දරුවන්ට හොඳ පුරුදු පුහුණු කිරීමෙන්, ඔවුන්ගේ මතු දියුණුව ඇති කළ හැක.

#goodhabit #letslearntosharewithchildren #goodchildren #motherandchildren

notice.png low

You may also like
දරැවන්ට ආදර්ශමත් වැඩිහිටියකු වෙමු
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම
මවගේ ලස්සන ස්වාමියාටත් දරුවාටත් ආඩම්බරයකි.
ඉංග්‍රිසි අක්ෂරමාලාව කුඩා දරුවන්ට ඉගැන්වීමට ඇති පහසු ක්‍රම