Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරුවන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිමට හේතුව කුමක්ද?

දරුවන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිමට හේතුව කුමක්ද?

mummypages.lk-Tiki-banner

දරුවන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිමට හේතුව කුමක්ද?

සෙම්ප්‍රතිශ්‍යාව එසේත් නැත්නම් සෙම්ප්‍රතිශ්‍යා උණ වැළඳෙන්නේ වෛරසයක් හේතුවෙන්ය- පවුලේ තවත් සාමාජිකයෙකුට මෙම සෙම්ප්‍රතිශ්‍යා උණ වැළඳී තිබෙන අවස්ථාවකදී එය කුඩා දරුවන්ට බෝවීම ඉතා ඉක්මණින් සිදුවෙනවා- ඒ වගේම පාසලේදී දරුවන්ට ඉතාම පහසුවෙන් බෝ විය හැකිය- සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති දරුවකුට නාසයෙන් ගලන සොටු දියර හා කිවිසුම් යන විට බිඳිති ලෙස වාතයට මුසු වූ විට එම විෂබීජ වලින් අනෙක් දරුවන්ද ආසාදනයට ලක්විය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම නිසා දරුවන්ට අපහසුතාවයන් රැසක් ඇති විය හැකිය.

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ දරුවෙකු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා යුත්තේ කුමන තත්ත්වයකදීද?

අලුත උපන් මෙන්ම සති 12 වයසැති බිළිඳුන් හා ඕනෑම වයසක දරුවෙකුහට ශරීර උෂ්ණත්වය 100.4 F( 38 C ) වැඩි ප්‍රමාණයක් පවතී නම්, විජලනයේ රෝග ලක්ෂණ ලෙස සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවෙන් මුත්‍රා පහවීම, අලසකම සහ නුරුස්නා ගති පැවතීම, ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය නොකිරීම, දින තුනකට වඩා උණ පැවතීම, වමනය හෝ උදරයේ ඇතිවන වේදනාව, අසාමාන්‍ය නිදිමත, දැඩි හිසරදය, බෙල්ලේ ඇති වන දැඩි අපහසුතා, ශ්වසන අපහසුතා, නොනවත්වා හැඬිම, කනෙහි ඇති වන වේදනාව, දිගුකල් පවත්නා කැස්ස වැනි රෝග ලක්‍ෂණ ඔබේ දරුවා වෙතින් දක්නට ලැබේ නම් නොපමාව දරුවා වෛද්‍යවරයෙකු වෙත රැගෙන යායුතුය.

උණ ඇති වූ විට පැරසිටමෝල් ලබා දීමේදී මව්වරුන සැලකිලිමත් විය යුතුයි නේද?

අනිවාර්යෙන්ම, උණ තත්ත්වයක් ඇති වූ විට පැරසිටමෝල් සිරප් හා පෙති ලබාදිය යුත්තේ දරුවාගේ ශරීර බරට අදාල මාත්‍රාව මිස දරුවාගේ වයසට අනුව නොවන බව මව්වරුන් තරයේ සිහි තබා ගත යුතුය. අධික මාත්‍රා ලබා දීමෙන් දරුවන්ට හානිකර තත්ත්වයන් ඇති වු අවස්ථා අපි හොඳින් දැක ඇත්තෙමු- සමහර මව්වරුන් පැරසිටමෝල් ලබා දිය යුතු මාත්‍රාව පිළිබඳ දැනුවත් වුව සමහර අවස්ථාවලදී උණ තත්ත්වයට ඇති බිය නිසා අධික මාත්‍රාවෙන් යුතුව පැරසිටමෝල් ලබා දීමට පෙළඹේ. නමුත් සැබැවින්ම මව්වරුන් බිය විය යුත්තේ උණ ගැන නොව අධික මාත්‍රාවෙන් යුතු ඖෂධ හේතුවෙන් දරුවන්ට ඇති වන හිතකර තත්ත්වයන් ගැනයි. සෑම විටම ඔබේ දරුවාට පැය 6කට වරක් පමණක් පැරසිටමෝල් ලබා දිය යුතු අතර, නියමිත වාර ගණනට වඩා වැඩි වාර ගණනක් පැරසිටමෝල් ලබා දීම දරුවාට හානිකර බලපෑම් ඇති කරන බව අවධාරණය කළ යුතුය.

#babyhealthcare #babyfever #medicinechest #doctoradvice #srilankababyarticle #babysinhalaarticle

note

You may also like
මව්වරැන් සැමටම කුඩා දරැවා කෙරහි ඇති පොදු ප්‍රශ්ණ
දරුවකුට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට ඇඟ සේදීම හා ස්නානය කිරීම සුදුසුද ?
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගැනීමට කළයුත්තේ කුමක්ද?
බාබාට විවිධ ආහාර හඳුන්වා දීම
error: Content Protected © mummypages.lk