Home > දෙමාපිය දැනගැනිම පිණිස > දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාකාරකම්

දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය ක්‍රියාකාරකම්

නිදා ගන්නා වේලාවන් දරුවන්ව  දිනපතා රාත්‍රී නින්දට වේලාසනින් යොමු කිරීමට සුදුසු වේලාවක් ඇති කිරීම –  විශේෂයෙන් පෙරපාසැල් යන ළමුන් සඳහා – එමඟින් දරුවාට අවශ්‍ය විවේකය ලබාදීමට, නැවත කාර්යක්ෂ කිරීමට සහ දවස තුළ සිදු වූ දේ නිදහසේ නැවත ආවර්ජනය කිරීමට එය උපකාරී වේ.  දරුවා නිදා ගැනීමට යන කාලය තුළ කතාන්දර කියවීම සඳහා යම් කාලයක් මිඩංගු කිරීම මඟින් දරුවා ඒ පිලිබඳ වැඩි දුරටත් ප්‍රශ්ණ නැඟීමට සහ නොයෙකුත් දේවල් කෙරෙහි දරුවාගේ කුතුහලය නැංවීමට උපකාරී වේ.  පෙරපාසලෙන් නිවසට පැමිණි පසු, දහවල් ආහාරයෙන් පසු සුළු වේලාවක් නිදා ගැනීමට සැලැස්වීමෙන්, දරුවාට සවස් කාලයේදී සෙල්ලම් කිරීමට අවශ්‍ය කාය ශක්තිය නැවත වර්ධනය වේ.

ශාරීරික ක්‍රියාකාරකම් සඳහා වේලාවන් දරුවාගේ ශාරීරික ක්‍රියාකාරිකම් සහ අධ්‍යාපන කටයුතු සඳහා වේලාවක් වෙන්කර දීම අත්‍යවශ්‍ය කරුණකි. බෝල වීසි කර සෙල්ලම් කිරීමෙන්, ඇවිදින්නට යාමෙන්, රෝද තුනේ හෝ රෝද දෙකේ කුඩා බයිසිකලයක් පැදීමට සැලැස්වීමෙන්, දරුවා මනාව ක්‍රියාකාරී වීම නිසා, දරුවාගේ මොළයේ සම්බන්ධීකරණ අංශයේ වැඩීම සහ නානාවිධ දේ කිරීමට හැකියාවද ලැබේ – එනම් බයිසිකල් පදින අතර, එහි හැන්ඩලය (handle) එහා මෙහා කරවීමෙන් එකවර ක්‍රියාකාරකම් කිහිපයක් කිරීමට හැකියාව ලැබේ.

දරුවාගේ අවධානය එක දෙයකට යොමු කිරීමෙන් එනම් ඔබ දරුවාට පාඩම් කියා දෙන විට, ඔහුගේ/ඇයගේ අවධානය එක් දෙයක් වෙත යම් කාලයක් තබා ගැනීමට හුරු කරවීමෙන් ඔහුගේ/ඇයගේ අවධානය යම් දෙයක් වෙත තබා ගැනීමේ කාල සීමාව වැඩි වේ.  අපි සියළු දෙනාම නොසන්සුන් දරුවන් දැක ඇත.  ඔවුන්ට එක විධියකට ටික වේලාවක්වත් සිටිය නොහැක.  එම දරුවන්ගේ අවධානය යම් දෙයක් කෙරෙහි තබා ගැනීමට ඔවුන්ව හුරු කිරීමට යම් කාලයක් ගත වේ.  ඒ සඳහා කාඩ් පතක් මත කුඩා වෙනස්කම් සහිත, නමුත් එක විධියේ පිංතූර දෙකක් ඇඳ, ඒවායේ සමාන අසමානකම් ලකුණු කිරීමට දෙන්න.  විවිධ පාට සහිත කාඩ් පත් සකසා, ඒවා එම පාටට අයත් ෆයිල් කවර තුළට දැමීමට යොමු කරන්න.  කෙටි කතන්දර කියා දී, ඒ හා සම්බන්ධ ප්‍රශ්ණ දරුවාගෙන් අසන්න.  තවත් මෙවැනි කුඩා ක්‍රියාකාරකම් නිර්මාණය කර,  ඒවාට දරුවාව යොමු කරවීමෙන්, ඔහුට/ඇයට යම් දෙයක් කෙරෙහි යම්කිසි වේලාවක් තම අවධානය යොමු කර තබා ගත හැකිවේ.

සෙල්ලම් කිරීමේ කාලය මේ සඳහා දරුවාට ඉඩ දෙන්න – මගේ කුඩා දියණිය සෙල්ලම් තේ පැන් භාජන සමඟ සෙල්ලම් කිරීමටත්, එළවළු වර්ග කැපීමටත්, ඇත්ත තේ කොළ සීතල වතුරට දමා තේ සෑදීමටත් කැමැත්තක් දක්වයි.  මෙවැනි ක්‍රියාකාරකම් වලින් දරුවන් තුළ ස්ව විශ්වාසයක් ඇතිවේ.

සම්බන්ධතා ඇති කර ගැනීමට වේලාවන් – ඔබේ දරුවාට තම අවට පරිසරය සහ සමාජය සමඟ සම්බන්ධ වී එහි ඇති නොයෙකුත් විශ්මයජනක දේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඉඩකඩ සලසා දෙන්න.  සමාජය සමඟ එක් වී, නොයෙකුත් සාමාජීය ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමෙන් දරුවාගේ සාමාජීය කුසලතා වැඩි දියුණු වේ.  මේ සඳහා දරුවාව ළමා සමාජ සමඟ සම්බන්ධ කරවීමෙන්, දරුවාට සාමාජීය ක්‍රියාවන් පිළිබඳ දැනුවත් විය හැකිය.  පරිසරය තුළ ඇති විවිධ දේ, එනම්, අහස, වළාකුළු, වැස්ස, හිරු එළිය ආදී දේ පිළිබඳ දරුවා සමඟ කතා කර, ඒවා පිළිබඳව දරුවාව දැනුවත් කරන්න. පැළෑටි, කෘමි සතුන්, කුරුල්ලන් ආදී දේ පෙන්වා,  දරුවා ඒ පිළිබඳ නඟන ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට සෑමවිටම සැදී පැහැදී සිටින්න.

ඔබට අන්තිමට මට කීමට ඇති කරුණ නම්, සෑමවිටම දරුවා නඟන ප්‍රශ්ණ වලට නිසි පිළිතුරු ලබා දෙන්න.  ඒවා කරදරකාරී ලෙස සලකන්න එපා.  එකම ප්‍රශ්ණය කීප වාරයක් ඇසුවත්, ඒවාට පිළිතුරු දීම ඔබේ වගකීමකි.  ඔබේ දරුවාගේ තීක්ෂණ බුද්ධිය වර්ධනය වීමට එය වැදගත් වේ.  දරුවාගේ අලස ගතිය තුරන් කරවීමට උත්සුක වන්න.  පැයකට වඩා වැඩි කාලයක් රූපවාහිනිය නරඹමින් එකතැන සිටීමට ඉඩ නොදෙන්න.

මාපිය කටයුතු ඉතා හොඳින්  තේරුම්ගෙන ක්‍රියා කරන්න!

#kids #toddler #sinhalaarticle #kidsarticleinsrilanka #playingtime

note

You may also like
මව්වරුන්ට සහ දරුවන්ට පාසැල් නිවාඩුව සතුටින් ගත කිරීමට හැකි ක්‍රම
නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
ඔබගේ බබාගේ මොළය වැඩීමට උපකාරී වන දිනපතා ක්‍රියාකාරකම්
error: Content Protected © mummypages.lk