Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > දරැවාගේ කෑම පෙට්ටියේ ඇත්තේ සෞඛ්යට හිතකර ආහාරයක්ද? අහිතකර ආහාරයක්ද?

දරැවාගේ කෑම පෙට්ටියේ ඇත්තේ සෞඛ්යට හිතකර ආහාරයක්ද? අහිතකර ආහාරයක්ද?

පාසලේ විවේක කාලය සඳහා සීනුව නාද වූ විගස, ළමුන් සියළු දෙනාම තම කෑම පෙට්ටියේ ඇත්තේ කුමක්දැ’යි බැලීමට යුහුසුළු උනා.  “මුං ඇට  සහ හිරමනේ ගෑ පොල් ” තම කෑම පෙට්ටියේ තිබෙනු දුටු නුවන්ගේ මුහුණ මැළඋනා.  එය දුටු සජිත්, නුවන්ට තම හොට් ඩෝග් (Hot dog) එකෙන් කොටසක් දුන්නා.  නුවන්ට තම කොළ පැහැති ආහාරය මුළුමනින්ම අමතක උනා.

මම අවුරුදු ගණනාවක් “කෑම පෙට්ටි අරගලය” කිරීමෙන් හෙම්බත් වී සිටි කෙනෙක්.  සෑම අම්මා කෙනෙකුටම අවශ්‍යවන්නේ තම දරුවාට පෝෂ්‍යදායක ආහාරයක් ලබා දීම වුවත්,  දරුවාගේ කෑම පෙට්ටියට කෙටි ආහාරයක් දැමීම හෝ පාසැලේ කැන්ටිමෙන් කැමති දෙයක් මිළදී ගැනීමට මුදල් දීම ඉතා  පහසු ක්‍රියාවක්.  කෙසේ වුවත්, පහසු දේ සෑමවිටම සෞඛ්‍ය සම්පන්න නොවේ!

මම කුඩා කාලයේ, මගේ අම්මා මට දෙන්නේ ඉතා රසැ’ති සැන්ඩ්විච්, පැස්ටා හෝ විවිධ වර්ගයේ පැණිරස කෑමයි.  කෙසේ හෝ, අපේ ගුරුවරුන් කෑම පෙට්ටි පරීක්ෂා කළ විට, මට සැමවිටම පෝෂ්‍යදායක ආහාර ප්‍රභේදයන් සඳහා ලැබෙන්නේ ඉතා අඩු ලකුණු මට්ටමකුයි.  රැකියාවල්වල නියුතු මව්වරුන්ට උදේට පෝෂ්‍යදායක ආහාර පිළියෙළ කිරීමට වෙලාව නොමැති හෙයින්, එම මව්වරුන්ගේ දරුවන්ට සැමවිටම ලැබෙන්නේ අඩු ලකුණු මට්ටමක්.

උගන්නන්නට ඉගෙන ගන්න

 දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර මොනවාද, එසේ නැත්තේ මොනවාද කියා උගැන්වීම ඉතා වැදගත්.  කෙසේ හෝ, මුලින්ම අම්මා මේ පිළිබඳව ඉගෙන ගත යුතුයි.  ශ්‍රී ලාංකික ළමුන්ගේ පෝෂණය සැමවිටම අඩු මට්ටමකින් ඇත.  එයට හේතුව, කාර්යබහුල අම්මලා සහ  අගුණදායක කෙටි ආහාර වර්ග, දැන්වීම්  මාර්ගයෙන් වෙළඳපොළට පැමිණීමද වේ.

සරල ලෙස පටන් ගන්න

සෑම උදයකම ලේසියෙන් පිළියෙළ කිරීමට හැකි පෝෂ්‍යදායක ආහාර වර්ග කුමක්දැ’යි කියා සොයා බැලීමට අම්මලාට පටන් ගත හැකියි.  පෝෂ්‍යදායක සහ දරුවන් කැමති අයුරින් ආහාර පිළියෙළ කිරීමට අම්මලා උගත යුතුයි.

ආහාර පිළියෙළ කිරීමේදී, දරුවන්ව එම ක්‍රියාවලියට සහභාගී කර ගන්න.   දරුවන්ට එළවලු වර්ගවල සෞඛ්‍ය සම්පන්න බව කියා දෙමින්, ඔවුන්ටම එම එළවළු සෝදා, කැපීමට දෙන්න.

දරුවන්ටම තම ගෙවතුවල පෝෂ්‍යදායක එළවළු සහ පලා වර්ග වැවීමට උනන්දු කරවන්න.  ඔබේ මල් පාත්තිවලින් කොටසක් එළවළු වැවීමට වෙන්කර, එම කොටස ඔබේ දරුවන්ට දෙන්න.  දරුවන්ට යම් කාර්යභාරයක් පැවරීමෙන්, ඔවුන් එය ඉතා උනන්දුවෙන් කරන අතර, එම එළවළුවල ඇති පෝෂ්‍යදායක ගුණයට අවධානය යොමු කරති.  ඒවගේම, ඔවුන් තම දැනුම පාසලේ තම යහළුවන් හා බෙදා හදා ගැනීමටද උත්සුක වේ.

උදේට ඇති කලබලය අඩු කිරීම

සෑමදෙනෙක්ම උදේට ඉතා කාර්යබහුල වේ.   නමුත්, නිවසේ අනිත් සියලු දෙනා අවදි වනතෙක්, අම්මා පමණක් තනියම කුස්සියේ වැඩ කිරීම අපහසු කාර්යයක් වේ.  පාසැල් ගෙන යාමට කෑම  පිළියෙළ කිරීමේ සිට, ඇඳුම් මැදීම, දහවල් ආහාරය පිළියෙළ කිරීම වැනි ඉවරයක් නැති වැඩ කොටසක් අම්මාට කිරීමට සිදුව ඈත.  නමුත්, මෙසේ උදේට සියලුම වැඩ කළ යුතු නොවේ.  ඊට පෙරදින රාත්‍රියේ එළවළු , මස්, මාළු, සෝදා කපා වෙන වෙනම බඳුන්වල අසුරා ශීතකරණයේ තැබීමෙන්, මේ වැඩ කොටස අඩුකර ගත හැක.  බත් උදේට පිළියෙළ කර ගන්න.  එවිට  ඔබ උදේට කුස්සියේ රැඳී සිටීමේ කාලය අඩු කිරීමට හැකි වේ.

කෑම පෙට්ටියේ වැදගත් කම

පාසැලට යවන කෑම මොනවාදැ’යි, අම්මලා කලින් දවසේ සැලසුම් කළ යුතු වේ.  ඔබේ දරුවාට පෝෂණ පුරුදු ඇති කිරීමෙන්, ඔවුන් පංතියේ අනිත් ළමයින්ටත් එම පෝෂණ පුරුදු කියා දෙමින්, පුංචි ගුරුවර ගුරුවරියන් බවට පත් වේ.

#child #food  #healthyfood #lunchbox #breakfast

note

You may also like
කටට රසට ක්ලබ් සැන්ඩ්විච්
ගෙදරදිම රසට වට්ටක්කා සුප් සදා බලමුද
නීරෝගී ගර්භනී අවස්ථාවක් ගත කිරීමට අවශ්ය ආහාර රටාවක්
සිඟිත්තාගේ ආහාර වේලාව ගැන ඔබ දැනුවත්ද?
error: Content Protected © mummypages.lk