Home > Latest Articles > දරැවන්ට ගමේ පාසලද ? නගරේ පාසලද ? බලන්න එපා දරැවට නිදහසේ අධ්‍යාපන කරන්න සැලසුම් කරමු

දරැවන්ට ගමේ පාසලද ? නගරේ පාසලද ? බලන්න එපා දරැවට නිදහසේ අධ්‍යාපන කරන්න සැලසුම් කරමු

මෙසේ අද අපට කීමට පුළුවන් කමක් නැත. අද දරුවා යාන්ත්‍රීකරණය වී ඇත. අද දරුවන් දුර බැහැර සිට ජනප්‍රිය පාසල් වලට එති. පාන්දරම අවදිවි බොහෝ අමාරුවෙන් දෙමාපියන් විසින් ළමුන්ව වාහන වලට භාරදෙති. ඉතින් ඒ අහිංසක දරුවා පැයදෙක තුනක් පමණ වැන්රථයේ තැලි පොඩිවී පාසැලට යති. මෙසේ එන දරුවා පාසලට යන්නෙ නිදිමත හා තෙහෙට්ටුව කරපින්නාගෙනය. එවිට ඔවුන්ට ගුරුවරුන් උගන්වන දේ පවා නීරස වනුඇත.

අතීතයේ ග්‍රාමීය හෝ නාගරිකව ජිවත් වූවත් අද පවතින තරගකාරීත්වය ඔවුන් අතර නොමැත. ඔවුන් බොහෝ විට තම නිවස අසල හෝ තමන්ට කිට්ටුම නගරයට පාසල් ගිය අතර, අද වන විට තත්වය බොහෝ දුරට වෙනස්වී ඇත. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ අද පවතින තරගකාරී අධ්‍යාපන රටාව සහ අගනගරය ඇතුළත පිහිටි ප්‍රධාන පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනිමය.

මා ඔබෙන් මෙසේ අසන්නම්?

ඇයි, ගමේ පාසලට ගොස් වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ රටේ ප්‍රධාන පෙලේ තනතුරු දරණ පුද්ගලින් බිහිනොවුනිද? සමහරවිට මෙය ලියන මමත් කියවන ඔබත් ගමේ පාසලට ගොස් අද හොද රැකියාවක හෝ වෙනත් උසස් තනතුරු හොබවන අයෙකු වන්නට පුළුවන.

මේ යන ගමනේ දරුවා අසරණ වන්නේ මේ අයුරින්ය.

1. සුවබර නින්දක් නොලැබියාම.
2. අපේ ප්‍රධාන ආහාරයවන උදේ ආහාර පෝෂ්‍යදායිලෙස නොලැබීයාම, මන්දයත් ඔවුන් කෙටි ආහාර වලට හුරුවිම.
3. ගමන් විඩාව නිසා තෙහෙට්ටුව සහ නිදිමත ඇතිවීම.
4. යාමට සහ ඒමට කාලය වැඩි ප්‍රමාණයක් ගතවන නිසා සමාජය සමග ගැටීමට ඇති අවස්ථාව අඩුවීම සහ බාහිර ක්‍රියාකාරකම්                    සඳහා යොමුවීමට කාලය නැත.
5. දහවල් ආහාරය පවා නිසියාකාරව නොලැබීම.

මෙවැනි දරුවන් නිතර නිතර රෝගි වන්නේද අපේම වරදින් නොවේද?

සමහර අවස්ථා වලදී මෙවැනි දරුවන්ගේ මානසික ආතතියෙන් පෙලේ. එනම් ඔවුන් තමන්ටම සිමාවූ ලෝකයක තනිවම සිටීමට හුරුවෙති. තවත් සමහරු සුළුදෙයකටත් කෝපවනු ඇත.

ඇයි අම්මේතාත්තේ අපි අපේ දරුවන්ට මෙවැනි පීඩනයක් ලබා දෙන්නේ?

මදක් සිතන්න ජනප්‍රිය පාසල්වල බොහෝ විට ළමුන් 45-50ත් අතර පිරිසක් සිටි මෙවැනි අවස්ථාවල ගුරුවරුන්ගේ අවධානයට හැම දරුවාම ලක්නොවීමට පුළුවන. එවිට දක්ෂ ළමයා ඉදිරියට ගියද අනිත් දරුවන් අසරණ වනු ඇත. දරුවා මැණිකක්නම් දෙමාපියන් වන අප ඒ මැණික ඔපමට්ටම් කළ යුත්තේ පුංචි මනසට දුක්, කරදර, පීඩා, අසහනය දී නොව ආදරය, සෙනෙහස, කරුණාව, දයාව දක්වමින්ය. එවිට එම මැණිකේ වටිනාකම වැඩිවනු ඇත.

ගමේ පාසලට යාමේදී දරුවා ලබන සහනය

1. පාසැල ළඟබැවින් සුවබර නින්දක් ලැබේ .
2. පෝෂ්‍යදායි ආහාරයක් ලබා ගත හැක.
3. සිත තුල නිරවුල් බව ඇති නිසා පාසලේ වැඩ වල හරියාකාරව නිරත වීමට පුළුවන.
4. ක්‍රීඩාහෝ වෙනත් බාහිර ක්‍රීයා සදහා යොමුවියහැක .
5. පාසල් කාලයෙන් පසු මිතුරන් සමග සෙල්ලම් කිරීමට සහ පාසලේ දුන් වැඩ වල නිරත වීමට කාලය ඇත.

මා නම් සිතන්නේ ජනප්‍රිය පාසල් පසුපස හබායාම නිසා දරුවා පමණක් නොව අපිද අසරණ වන අවස්ථා ඇති බවයි.

එනම්,

1. හොරට ලිපිගොනු සැකසීමට සිදුවීම.
2. ස්ථානමාරු කිරීමට සිදුවීම.
3. යම් යම් අයට අල්ලස් දීමට සිදුවීම.
4. දරුවා බිහිවීමටත් ප්‍රථමදෙමාපියන්, හොරුන්, වංචාකාරී අය බවට පත්වී ඇත.

තවද දරුවාද ප්‍රධාන පාසල්වල සම්මුඛ සාකච්ඡවලට පෙනී සිටීමේදී දෙමව්පියන් විසින් උගන්වන බොරු පැවසීම නිසා පුංචි කාලයේ සිටම ඔබේ දරුවා බොරු කීමට පුරුදු වීම.

මෙය දරුවාගේ වරදක් නොව වැඩිහිටියන් වන අපේම වරදයි. මන්ද අපි මේ දේ තේරුම් නොගන්නේ, ඉගෙනීම දරුවා සතු අයිතිවාසිකමකි. නමුත් එම අයිතිවාසිකම මව්පියන්ගේ මුදල් මත තිරණය වීම කණගාටුවට කරුණකි. එයින් විනාශ වන්නේ අපේ දරුවාගේ අනාගතයි. ගමේ පාසලේ සුවද දරුවාට විදගන්න ඉඩ හරින්න. පහසුකම් සීමිත වුවත්, දැනුමින් ඔවුන් ඉහළට යනු ඇත.

නගරයේ පාසලක පහසුකම් ඇතිබව මමත් පිළිගන්නා අතර, ගමේ පාසලක් තෝරා ගන්නවාද? නගරයේ පාසලක් තෝරාගන්නවද? යන තීරණය ඔබ සතු වගකීමකි.

“අහිංසක පුංචි අපේ ජිවිත මහමගට දියකර හරින්නේ ඇයි අම්මේ, තාත්තේ?..”

 

#newschool #school #education #Townschool #villageschool #schoolchildreninsrilanka

අයිතිය අත්හැරීමේ ප්‍රකාශය :

මෙය හුදෙක් දැන ගැනිම පමණි. මෙය කිසිඳු විදියකින් ගමේ පාසල හෝ නගරේ පාසල අවතක්සේරැ කිරිමක් නොවන බව  මෙයින් දැනුම් දෙමු ස්තුතියි

note

 

You may also like
Nutrition For School Children
දෙමාපියනි සටන් වදිමු අධ්‍යාපනය විකිනීමට ඉඩනොදී
Parents, please come forward to protect the free education!
error: Content Protected © mummypages.lk