Home > Latest Articles > ඩෙංගු මදුරැවාගෙන් ජිවිත බේරා ගමු

ඩෙංගු මදුරැවාගෙන් ජිවිත බේරා ගමු

ඩෙංගු යනු?

මා දැනගත් කරුණු අනුව ඩෙංගු රෝගය මුලින්ම හදුනාගෙන ඇත්තේ 1962 වර්ෂයේදීය. මෙම රෝගය බෝ කරන්නේ මදුරුවාගේ ගැහැණු සතා වන ඊඩිස් ඊජිප්ටයි.(Aedes aegypti) අද සමාජයේ සිටින බොහෝ දෙනා මේ මදුරුවාට ඇති බිය නිසා, තම නිවාස සහ අවට පිරිසිදුව තබාගැනීමට පියවර ගෙන ඇත. නමුත් මේ මදුරුවා මුල්කාලයේ පිරිසිදු ජලයේ බිත්තර දැමු අතර, අද වනවිට අපිරිසිදු ජලයේද බිත්තර දමයි. එමනිසා මදුරුවාගේ බෝවීම ඉක්මන්වී ඇත. කොපමණ මේ මදුරුවා මර්දනය කිරීමට පියවර ගත්තද ඒ සෑම අවස්ථාවකම බිදගෙන මේ මදුරුවා ඒවාට අනුවර්තනය වී ඇත.

මුල් අවදියේ රෝග ලක්ෂණ:

  • දින 3-4 ට වඩා තද උණ පැවතීම.
  • තද හිසරදය.
  • සන්දි වේදනාව
  • සමේ පුංචි පුංචි රතු ලප ඇතිවීම සහ ඇස් පිටුපස අධික වේදනාව
  • ඔක්කාරය සහ වමනය

මේ අවස්ථාවේදී නිවසේදීරෝගියාට කල හැකි  ප්‍රතිකාර :

  • තද උණ ඇත්නම් නියමිත මාත්රාපවට අනුව පැය හයකට වරක් පැරසිටමෝල් දීම.
  • ජිවනි, කැඳ, පලතුරු ,සුප් වර්ග සහ ස්වභාවික දියර වර්ග බීමට දීම.
  • ඇඳ විවේකය ලබා දීම. (Bed rest)

මෙහිදී මතක තබාගතයුතු විශේෂම කරුණු:

  • ඇස්ප්‍රීන් අඩංගු ඖෂද කිසිම අවස්ථාවක ලබා නොදිය යුතුයි.
  • රතු හා දුඹුරු පැහැයට හුරු දියර වර්ග ලබා නොදියයුතුයි.
  • උණ වැළදී පැය 24ත් දින 3ත් අතර පවතීනම් ඩෙංගු පරීක්ෂණය (NS-1 antigen) කරගැනීමෙන් සාමාන්‍ය උණක්ද ඩෙංගු උණක්ද යන්න දැනගත හැක.
  • එමෙන්ම දින 3ට වැඩ උණ පවතිනවානම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

ඩෙංගු අවධානම වැඩි වූ විට අවධානය යොමු කලයුතු රෝගීන්:

  • කුඩා දරුවන්.
  • තරබාරු අය.
  • තවද දියවැඩියාව/අධිරුධිර පීඩනය /ඇදුම /පිලිකා ඇති අය.

පළමුව ඩෙංගු බෝවන ස්ථාන හදුනාගනිමු.

  • ඉවත දමන බෝතල්, ටින්, යෝගට් කෝප්ප, කිරි හට්ටි වලට ජලය එකතු නොවන ලෙස ගබඩා කිරීම.
  • පොකුණු, ටැංකි, මල් පෝච්චි ආදිය භාවිතයට නොගන්නේනම් ඒවා නිසි තැන් වල තැබීම.
  • ශීතකරණය පිටුපස අමතර ජලය එකතු වන භාජන, වැහිපීලි, ටයර් සහ විසිතුරු පැලවර්ග ආදිය නිසි ලෙස නඩත්තු කිරීම.

මෙවැනි ස්ථාන අප අවට පරිසරයේ ඇත්නම් ඒවා හදුනාගෙන පිරිසිදු කිරීම අපේ පමණක් නොව මතුපරපුරටම යහපතකි.

ඩෙංගු මාරයා අප රටින් තුරන් කිරීමට අපි සියලු දෙනාම එකමුතුවෙමු. මන්ද දැනට ඩෙංගු රෝගීන් 30000ට වැඩි පිරිසක් ඇති අතර මියගිය ගණන 300ට වැඩිය. කොතෙකුත් නම් ජිවිත මෙසේ මිලින වන්නේද?

ඩෙංගු වැළඳී ඇති දරුවා වෙනුවෙන් කොතෙකුත් සුසුම් හෙලනවා ඇත්ද? ඩෙංගු නිසා මියගිය දරුවා වෙනුවෙන් කොතෙකුත් සොවින් තැවෙනවා ඇත්ද? දෙමාපියන් වශයෙන් අපි දැඩි අවදානයකින් සිටියයුතු අතර ඔවුන්ට අවශ්‍ය ආදරය, රැකවරණය, නිතරම ලබා දියයුතුයි.

මේ මදුරු මර්ධන සතියේ අපි හැමෝම එකතුවී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරදමමින් අකාලයේ මියැදෙන වටිනා ජිවිත බේරාගැනීමට පියවර ගනිමු.

#dengue #fightagainstdengue #savelife #denguemosauito #growwithus

 

 

note

error: Content Protected © mummypages.lk