Home > ගර්භනී > ඩවුන්ස් සහ ලක්ෂණය සදහා පරික්ෂාව

ඩවුන්ස් සහ ලක්ෂණය සදහා පරික්ෂාව

ගර්භනී කාලය තුලදීම ඔබගේ උපදින්න සිටින දරුවාට ඩවුන්ස් සහ ලක්ෂණය තිබේදැයි පරික්ෂා කර දන ගැනීමට ඔබට හැකියාව තිබේ. ඔබට සිතෙනවානම් ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය ඇතිවීමේ අවදානමක් තිබෙනවා කියා ඒ පිලිබදව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්චා කරන්න. වෛද්‍යවරයා විසින් ඔබට අවදානමක් ඇත්දැයි සොයා බලා මේ සදහා පරික්ෂාව අත්‍යවශ්‍යද නැතිද යන්න උපදෙස් ලබා දෙනු ඇත.

ඩවුන්ස් සහලක්ෂණය යනු කුමක්ද?

ඩවුන්ස් සහලක්ෂණය යනු උපදින දරුවන්ගෙන් 0.1% පමණ බලපාන ජානමය රෝගී තත්වයකි. ඩවුන්ස් සහලක්ෂණය සහිත ව උපදින දරුවන් පැහැදිලිවම ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරනවා. එනම් ඉගෙනීමේ දුර්වලතා, සංවර්ධනයේ පසුබෑම හා ශාරීරිකව පෙන්වන විශේෂිත ලක්ෂණයි. කෙසේවෙතත් සියලුම දෙනාට මෙන්ම ඔවුන්ටත් පුද්ගල විශේෂතාවක්, හැකියාවන් හා ලක්ෂණ තිබේ. එසේ නමුත් මේ වනතුරු ඩවුන්ස් සහලක්ෂණය සුවකිරීමට ප්‍රතිකාරයක් සොයාගන නොමැත. මෙහි තත්වයේ දරුනුබව රෝගය බලපා ඇති ආකාරය අනුව වෙනස් වේ. එමෙන්ම මෙම දරුවන් බොහෝ දෙනෙකුට නිසි ආදරය හා අවධානය ලබා දීම තුලින් ක්‍රියාශීලි ලෙස කටයුතු කිරීමට හා මවුපියන්ගෙන් ස්වාධීන ලෙස කටයුතු කළහැකි ලෙස වර්ධනය වීමට හැකියාව ලැබෙනවා.

උපතට පෙර ඩවුන්ස් සහලක්ෂණය හදුනාගැනීම.

වෛද්‍යවරයා සමග ඔබේ පෞද්ගලික …… තොරතුරු හා පවුලේ …… තොරතුරු පැවසීම මගින් ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය ඇතිවීමේ අවදානමක් ඇත්දැයි උපතට පෙරම හදුනා ගැනීමේ හැකියාව ලැබේ. වෛද්‍යවරයා විසින් ඔබට විශේෂ පූර්ව ප්‍රසව පරීක්ෂණ සිදුකිරීමට යෝජනා කිරීම මගින් ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය ඇති වීමේ අවදානමක් ඇත්දැයි තවදුරටත් පරික්ෂා කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම සාමාන්‍ය පරීක්ෂණ මගින් ඔබේ දරුවාට අනිවාර්යම ඩවුන්ස් සහලක්ෂණය තිබේ යැයි ස්ථිර කලනොහැක. ගර්භනී සමය තුලදීම ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය තිබේදැයි සනාථ කළහැකි ආකාරයනම් අපරාවෙන් (වැදැ මහෙන් )ලබා ගන්නා සාම්පලයක් පරික්ෂා කිරීම (chronic villus sampling) හෝ උල්බ තරලය (amniocentesis) මගින් පමණි.

මෙය බලපාන්නේ කවර අයටද?

ඩවුන්ස් සහලක්ෂණය යනු ඉගනීමට හා සංවර්ධනයට බලපාන බහුලවම පවතින ජානමය රෝගී තත්වයකි. මෙය, ආගම ජාතිය, වර්ගය ආදියේ බලපෑමක් නොමැතිව ලෝකයේ සිටින ඕනෑම පුද්ගලයෙකුට ඇති වියහැකි තත්වයක්වේ. ගැබ් ගැනීමේ සිටම දරුවාගේ සෛල තුල අමතරව තවත් වර්ණදේහයක් නිසා ඇතිවන මෙම තත්වය නැවත යථා තත්වයට පත්කළ නොහැක. මෙය ඇතිවන්නේ කුමක් නිසාද යන්න හෝ මෙයට බලපාන හේතු මොනවද?යන්න පිලිබදව මෙතෙක් සොයාගෙන නොමැත. පර්යේෂකයන් අනුමාන කරන්නේ මෙය පරම්පරාගතව සම්ප්‍රේෂණය විය හැකි බවත්, පුරුෂයන්ට වඩා කාන්තාවන් මගින් මෙය සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩි බව හා මවගේ වයස වැඩිවීම දරුවාට ඩවුන්ස් සහලක්ෂණය ඇතිවීමේ අවදානම වැඩි කරන බවත්ය. (වයස අවුරුදු 25 මවකට ඩවුන්ස් සහලක්ෂණය ඇති දරුවෙකු ලැබීමේ අවදානම 1/1250වන අතර වයස අවුරුදු 45ට වැඩි මවකට එය 1/30වේ.)

වළක්වා ගැනීම සදහා පරීක්ෂණ ,

පහත පරීක්ෂණ සිදු කිරීම මගින් ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය තිබේද කල්තියා දැනගැනීමට වෛද්‍යවරයාට හැකියාව ලැබේ.

රුධිර පරීක්ෂණ ,

මෙම පරීක්ෂණ පිළිවෙත් සදහා රුධිර පරීක්ෂණ හා අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය ඇතුලත්වේ රුධිර පරීක්ෂණ මගින් ගර්භනී කාලය තුල ඇතිවන ප්‍රෝටීන වර්ග 2ක් පිලිබදව සොයා බැලේ. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් Measure the thickness of the natal translucency (as mallpoket of fluid )at buck of your baby’s neck මෙම පරීක්ෂණය සති 11-13අතර කාලයේදී සිදුකරනු ලැබේ.

ක්ඩ්‍රපල් රුධිර පරීක්ෂණය.(quadruple blood test)

ගර්භනිතාවයෙන් සති 14ට පසු ඔබ මෙම පරීක්ෂණයට මුහුණ දෙන්නේ නම් මෙහිදී පරික්ෂා කරනුයේ ගර්භනිතාවය නිසා ඇති වන ප්‍රෝටීන් වර්ග හතරක් පිලිබදවයි. මෙම පරීක්ෂණ වල ප්‍රතිපල, ඔබේ …….. තත්වයේ තොරතුරු හා පවුල් සෞඛ්‍යය තත්වයේ තොරතුරු සමග සසදා ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය ඇතිවීමේ අවදානමක් ඇත්දැයි වෛද්‍යවරයා විසින් සොයා ගනු ලැබේ.

ඩවුන්ස් සහලක්ෂණය සදහා සංජානාත්මක පරීක්ෂණ

ඩවුන්ස් සහලක්ෂණය ඇතිවීමේ දැඩි අවදානමක් ඔබේ දරුවාට ඇත්නම් එය තහවුරු කරගැනීම සදහා පහත සංජානාත්මක පරික්ෂා වලින් එකක් සිදු කිරීමෙන් එය සනාථ කරනු ලබේ.

උල්බතරලය පරික්ෂාව (Amniocentesis)

මෙම ක්‍රියාවලියේදී ඔබේ උදරය හරහා ඉතා සියුම් ඉදිකටුවක් දරුවා වටා පිහිටන උල්බතරලයට ඇතුලත් කරනු ලැබේ. ඉන්පසු උල්බතරලයෙන් ඉතා සුළු සාම්පලයක් ලබා ගනී. මේ සදහා නිර්වින්දනය ලබා නොදේ. කෙසේ වෙතත් මෙය එතරම් දරුණු වේදනාවක් ලබා නොදෙන අතර විනාඩි 5-10අතර නිමාවට පත්වේ. මෙම තරලයේ ඇති වර්ණදේහ වල අසාමාන්‍ය තත්වයක් තිබේදැයි පරික්ෂා කරනු ලැබේ. මෙමගින් ලැබෙන ප්‍රතිපල මගින් ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය තිබේදැයි සනාථ කරනු ලැබේ.

අංකුලිකාව පරික්ෂා කිරීම./අපරාවේ කොටසක් පරික්ෂා කිරීම.(Chorionic villuus sampling-CVS)

ගර්භනී කාලයේ මුල් මාස තුනේදී ඩවුන්ස් සහලක්ෂණය පරික්ෂා කිරීම සදහා මෙය සිදු කරයි. ඔබේ උදරය හරහා සිහින් ඉදිකටුවක් ඇතුල් කිරීම මගින් වර්ධනය වෙමින් පවතින අපරාවේ ඉතා තුනී පටලයක් පරික්ෂාව සදහා ලබා ගැනීම මෙහිදී සිදුවේ. අවස්ථාව අනුව මෙම ඉදිකටුව වෙනුවට සිහින් නලයක් යෝනි මාර්ගය හා ගැබ් ගෙල තුලින් ගර්භාෂයට ඇතුල් කිරීම මගින්ද මෙම සාම්පල ලබා ගනු ලැබේ. මෙහි වේදනාව අවම කිරීම සදහා ස්ථානික නිර්වින්දනය යොදා ගැනේ. කෙසේවෙතත් මෙම පරීක්ෂණය විනාඩි 15ඇතුලත නිමාවේ. මෙම පටක පරීක්ෂාවෙන් ඔබේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය තිබේද යන්න සහතිකවශයෙන්ම පැවසිය හැකිය.

එහි ඇති අවදානම කුමක්ද?

උල්බතරල පරික්ෂාව හා අපරාවේ කොටසක් පරික්ෂා කිරීම යන පරීක්ෂණ සිදුකිරීමේ ප්‍රතිපලයක් ලෙස ගබ්සාවක් වීමේ අවදානම 1%කි. එමනිසා මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් ගබ්සාව වීමේ අවදානම ලබා ගැනීමට ප්‍රථම එය ඔබට කොපමණ වැදගත්දැයි සලකා බලන්න.

ඉදිරි පියවර –

කෙසේවෙතත් සමහර දෙමාපියන්ට ඔවුන්ගේ දරුවාට ඩවුන්ස් සහලක්ෂණය ඇති බව පිළිගැනීම් ඉතා අපහසු කටයුත්තක් වන අතර එය දුකට හා අවපීඩනයට ලක්කරනවා. එවැනි අවස්ථාවල ඉතා හොදින් උපදෙස් ලබා දීම කලයුතුයි. එමෙන්ම ඩවුන්ස් සහලක්ෂණය ඇති දරුවන්ට සමහර අවස්ථා වල ඇතිවිය හැකි  හදවත, බඩවැල්, රුධිර හා ජීරණ පද්ධතියේ රෝග මෙන්ම ශ්‍රවණ හා දෘෂ්ටි පිළිබද ගැටළු සදහන් කිරීම වැදගත්වේ. ඉහත සදහන් කරන ආකාරයට ඔවුන්ට ඉගනීමේ හා සංවර්ධනයේ පසුබෑමක් තිබුනද නිසි අවධානය ලබා දීම මගින් මෙම දරුවන්ට බොහෝ විට වැඩිහිටි වීමේදී සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට හැකියාව ලබා ගනු ඇත.

#checkingfordrainandfeature #quadruplebloodtest #amniocentesis #during pregnancy #pregnancyinsri lanka,

note

You may also like
Physical Changes During Pregnancy
සිසේරියන් සැත්කමකින් දරුවෙක් ලැබුනු කාන්තාවකට ලේ දන් දෙන්න පුලුවන් ද ?
Those Dreaded Labour Pains & Final Reward
ගර්භය තුළ සිටියදී ඉගෙනීම
error: Content Protected © mummypages.lk