Home > දෙමාපිය දැනගැනිම පිණිස > ඥාතී සම්බන්ධතාවය

“පුතා, ආච්චිට එහෙම කතා කරන්න එපා !” තම පුතා ඇගේ මවට තරහින් කතා කිරීම ගැන, නිලූ පුතාට කලකිරීමකින් කිවුවා.  ඔහු එසේ කතා කළේ, තම මව ඔහුට අවවාද දුන් අවස්ථා වලදීයි.  මෙසේ ඔහු ඇගේ මවට තදින් කතා කරන අයුරු කීප වාරයක්ම ඇයට ඇසුනා.  මම මගේ දෙමව්පියන්ට ගරු කරන හැටි මගේ පුතාට කියා දෙන්නේ කොහොමද? කියා ඇය  තනිවම කල්පනා කළා.

ශ්‍රී ලංකාවේ ඥාති සම්බන්ධතාවයන් නොයෙකුත් ආකාරයට දිස් වේ.  සමහරුන්  අපේ  ලේ ඥාතීන් වන අතර, සමහරු නීතියෙන් හෝ  හදා ගැනීමට ගැනීමෙන් සම්බන්ධ වේ.  කුමන ආකාරයකට වුවත්, දරුවන් සහ ඥාතීන් අතර සම්බන්ධය ශක්තිමත් කිරීම, දෙමව්පියන්ගේ පරම යුතුකමකි.  හොඳ ඥාති සම්බන්ධයක් තිබීම පවුලේ සතුටට සහ ශක්තිමත් භාවයට රුකුලක් වේ.

හොඳ ඥාති සම්බන්ධයක් තිබීමේ වැදගත්කම

  • සතුට සහ ශක්තිමත් භාවය – ඥාතීන් සහ දරුවන් අතර හොඳ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නැගීම නිසා, දරුවාගේ ශාරීරික, මානසික සහ සමාජීය හැකියාවන්, සන්නිවේදන හැකියාවන්, ආත්ම සම්මානය වැඩි දියුණු වීම් සහ පුද්ගල සම්බන්ධයන් වැඩි දියුණු වීම්   ඇතිවේ.
  • ආරක්ෂාව දරුවාගේ ගුණාංගයන් ප්‍රශංශා මුඛයෙන් කතාකරන ඥාතීන් යනු  දරුවාගේ ආරක්ෂකයන් වේ.  ආදරයෙන් සහ ආරක්ෂාවෙන් පිරි පරිසරයක් ළමයාට කුඩා කාලයේ සිටම ලැබීම නිසා, දරුවාගේ ඉදිරි අනාගතය පරිපූර්ණ වේ, නැතහොත් ශක්තිමත්ව ගොඩ නැඟේ.
  • තමාගේ අයිතිය පිලිබඳ හැඟීම – හොඳ ඥාතීත්වයක් දරුවාට ලැබීමෙන්, දරුවාට තමා බොහෝ දෙනෙකුට අයත් බව හැඟේ. එමනිසා දරුවා මානසිකව ශක්තිමත් වේ.  එයට හේතුව, තමා මෙලොව තනිවී නැති බවත්, තමාගේ දුකේදී සහ සැපේදී තමා සමඟ අත්වැල් බැඳ ගැනීමට බොහෝ දෙනෙකු ඇතිබවත් තේරුම් ගැනීමයි.
  • ජීවිතාන්තය දක්වා වූ ශක්තිමත් බැඳීම – ශ්‍රී ලංකාවේ ඇති ශක්තිමත් ඥාති සම්බන්ධය අපට, ආදරය සහ අප පිලිබඳ අන් අයගේ සැලකිල්ල නිසා විශ්වාසවන්ත භාවයක් ඇතිවේ.  මේ සමාජීය අත්වැල නිසා දරුවන්ට ජීවිතයේ මුහුණ පාන්නට වන ගැටළු සහ බාධක වලට නොබියව මුහුණ දීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය නොමඳව ලැබේ.
  • ස්වකීය ක්‍රියාකලාපය – දරුවන් ඉතා හොඳ පරීක්ෂකයන් වේ. ඥාතීන් එක් වන නොයෙකුත් උත්සව සහ වෙනත් එක්රැස්වන අවස්ථාවන් වලදී, දරුවන් බොහෝ දේවල් ගවේෂණය කරන අතර, ඥාතීන් සමඟ ළඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමෙන්, ඔවුන්ගේ හොඳ දේවල් අනුකරණය කිරීමට පෙළඹේ. 

ඥාතීන් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට දරුවන් දැනුවත් කිරීම

  • ආකල්ප – දරුවන්ට එක එක ඥාතීන් අප පවුලට සම්බන්ධ වූ ආකාරය කියා දීමෙන් ධනාත්මක ආකල්ප දරුවා තුල ඇති කළ හැක.  ඔවුන් එම සම්බන්ධකම් දැන ගැනීමෙන් ඥාතීන් සමඟ ඇති සබැඳියාව වැඩි දියුණු කර ගැනීමටත්, ඔවුන්ට ආදරය කිරීමටත් පෙළඹේ
  • ගෞරව කිරීම – වැඩිහිටියන්ට ගරු කිරීමටත්, ඔවුන්ට කීකරු වීමටත් උගන්නන්න.
  • එක්ව වේලාව ගත කරන්න ඔබේ ඥාතීන් සමඟ ගුණාත්මක බවින් යුතු වේලාවක් ගත කිරීමට වෙලාව වෙන් කර ගැනීමට අමතක කරන්න එපා.  අද දවසේ ඇති කාර්ය බහුල ජීවිත වල ඇති නොයෙකුත් ගැටළු නිසා, ඥාතීන් සමඟ එකට එකතුවී විනෝද ගමනක් යොදා ගැනීමට සහ දරුවන්ට එම බැඳීමේ අත්දැකීම් ලබා දීමට ප්‍රමාද වන්න එපා.
  • දායක වන්න – ඔබේ දරුවන් සමඟ ඥාතීන්ගේ උපන්දින සාදයන්ට, විවාහ මංගල උත්සව වලට සහ අවමංගල්‍ය කටයුතු වලට සහභාගී වන්න. සමහර ඥාතීන් ඔබේ දරුවාට දැක ගත හැක්කේ මෙවැනි උත්සව වලදී පමණය.
  • ඉවසීමෙන් දරා ගැනීම –  හැම කෙනාම එක වාගේ නොවේයැ’යි දරුවාට පහදා දෙන්න.  හොඳ ඥාති සබැඳියාවක රහස නම්, එකිනෙකාගේ වෙනස්කම් සහ මත වාද ඉවසීමෙන් දරා ගැනීමේ හැකියාවයි.
  • පරිස්සමෙන් පරිහරණය කරන්න – දරුවන් ඥාතීන් සමඟ හැසිරෙන අයුරු පරීක්ෂාවෙන් බලා සිටින්න. ඔවුන්ගේ ඥාති සහෝදරයන් සහ සහෝදරියන් සමඟ නරක අයුරින් වාද විවාද වලට පැටලේ නම් හෝ දබර කර ගනී නම්, ඔවුන්ට සමගියෙන් එකිනෙකා ඇසුරු කරන අයුරු පැහැදිලි කර දෙන්න

ඥාති සම්බන්ධය අපව සම්පුර්ණත්වයට පත්  කරයි.  ඔවුන් අපේ ජීවිත වලට තේරුමක් ඇති කරයි.  ජීවිත කාලය පුරාවටම මතක සටහන් තබයි.  මේ සත්‍යතාවය ඔබේ දරුවන්ගේ මනසේ තැන්පත් කර, දරුවන් අතර ඥාති සම්බන්ධතාවය තහවුරු කරන්න !

#relativerelationship #familymembers #relationship #relative #

note

error: Content Protected © mummypages.lk