Home > වට්ටෝරු > චිකන් මොන්ගෝලියන් රයිස්

චිකන් මොන්ගෝලියන් රයිස්

අවශ්‍ය  දේවල්
බත් 1k ක්
කුකුල් මස් 750g ක්
කැරට් 30g ක්
ලීක්ස් 30g ක්
ගෝවා 30g ක්
කංකුන් 25g ක්
සිහින්ව කපා ගත් බී ළුණු
සිහින්ව කපා ගත් සුදුළුනු
සිහින්ව කපා ගත් ඉඟුරු
සෝයා සෝස් තේ හැඳි 02ක්
ෆිෂ් සෝස් තේ හැඳි 01ක්
චිලිපේස්ට් තේ හැඳි 01ක්
බිත්තර 02
ලුණු හා ගම්මිරිස් (අවශ්‍ය ප්‍රමාණයට)

සාදන අයුරු;
මුලින්ම භාජනයකට තෙල් ස්වල්පයක් දමා ලිපේ රත් වෙන්න තබන්න. තෙල් රත් වූ පසු එයට ඉඟුරු, සුදුලුනු, බී ලුණු එකතු කර තෙම්පරාදු කර ගන්න. ඊටපස්සේ, එයට කුකුල් මස් එකතු කර විනාඩි 3-4ක් තෙලෙන් බැදෙන්න හරින්න. ඊටපස්සේ, ඒකට චිලිපේස්ට්, සෝයා සෝස් සහ ෆිෂ් සෝස් එකතු කර ගන්න. මේ විදියට හදා ගත් මිශ්‍රණයට කැරට්, ලීක්ස්, ගෝවා එකතු කර විනාඩියක් පමණ තබන්න. අන්තිමට බත් හා කන්කුන් එකතු කර රස අනුව ලුණු හා ගම්මිරිස් එකතු කර ගන්න.

 

error: Content Protected © mummypages.lk