Home > වට්ටෝරු > චිකන් ඩෙවල්

චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස්
  • සුදු ලූණු
  • රට ලූණු
  • මාළු මිරිස්
  • වියළි මිරිස් කරල්
  • විනාකිරි
  • තක්කාලි සෝස්
  • අජිනමොටෝ ස්වල්පයක්
  • ලුණු මාගරින්
  • එළවළු තෙල්

සාදන ක්‍රමය

කුකුළු මස් හම ඉවත් කර කැබලිවලට කපා සෝදා ගන්න. ලුණු හා වතුර ටිකක් භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක්ද සෝදන ලද කුකුළු මස් ද එයට දමා තම්බා වතුර බේරෙන්නට හරින්න. ඉන්පසු භාජනයට අවශ්‍ය පමණින් තෙල් දමා ලිප තබන්න. තෙල් රත්වන විට මස් එයට දමා බැදෙන්නට හරින්න. මස් කැබලි රන්වන් පාටට හරීගෙන එන විට වියළි මිරිස් කැබලි එයට දමා මදක් බැදෙන්නට හැර කුරුදු පොතු එන්සාල් තලා දමන්න. එයට රම්පා කැබැල්ලක්ද එක්කර ඉන්පසු තක්කාලි සෝස් අජිනමොටෝ අවශ්‍ය තරමට එයට මිශ්‍ර කර විනාඩියක් පමණ තිඛෙන්නට හැර පෙති කපා ගත් රට ලූනුත් හැඩයට කපා ගත් මාළු මිරිසුත් එයට මිශ්‍ර කර ලුණු ඇඹුල් බලා ලිපෙන් බාගන්න.

error: Content Protected © mummypages.lk