අවශ්‍යය ද්‍රව්‍ය
වට්ටක්කා 250 g
ලූනු ගෙඩි 4ක් (ලොකු ලුණු )
සුදු ලූනු බිග් 6
සැල්දිරි කොළ
කහ කුඩු
ලුණු කුඩු
ගම් මිරිස් කුඩු
තුනපහ කුඩු
පොල් තෙල් අවශ්‍යය ප්‍රමාණයට
වතුර 500 ml
සාදන ක්‍රමය
වට්ටක්කා කැබලි වලට කපා පොතු ඉවත් කර ගන්න ලූනු, සුදු ලූනු, සැල්දිරි කොළ සිහින්ව කපාගෙන ගන්න තාච්චියක් ගෙන එය ලිප තබා පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට දමන්න.තෙල් රත් වූ පසු එයට කපාගත් සුදු ලූනු ටික දමන්න. පසුව කපාගත් ලොකු ලූනු ටිකත් එයට දමන්න. හොඳින් කවලම් කරගෙන දැන් එයට වට්ටක්කා කැබලි දමාගන්න. එයටම සැල්දිරි කොළ ස්වල්පය දමා විනාඩි 5ක් පිසගන්න.කහ කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, තුන පහ කුඩු එක් කරගන්න.ඉන්පසු ජලය එක් කර විනාඩි 20ක් පමණ මද ගින්නේ තබාගන්න වට්ටක්කා කැබලි හොඳින් තම්බාගත් පසු පිසගත් වට්ටක්කා සහ ලූනු කැබලි වෙනම භාජනයකට පෙරාගන්න ඉන්පසු තැම්බුණු වට්ටක්කා කැබලි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් පසු ඒ මිශ්‍රණය වට්ටක්කා තම්බාගත් වතුර එකටම දමා හොඳින් කවලම් කරන්න.මද ගින්නේ විනාඩි 5ක් පමණ පිස ගන්න.අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස් එක් කරගන්න. එයට සැල්දිරි කොළ කිහිපයක් උඩින් දමා උණු උණුවේම රස විඳින්න.
#pumpkinsoup #pumpkinrecipe #healthyfoodrecipe #food